Percy දයාසිරිට දෙවැනි වනු ඇතැයි බිය වෙයි
දයාසිරිට සන්ධානයෙන් කැපිල්ලක්! රාජපක්ෂලාට හම්බන්තොටත් අවාසියි - බුද්ධි අංශ වාර්තා
මෙවර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වී සිටින වයඹ පළාත් සභා මහ ඇමති නීතිඥ දයාසිරි ජයසේකරට සන්ධානයේ නායකයන් කැපිල්ල දමමින් සිටින බව කුරුණෑගල දිස්ත්‍රික් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටී. ඊට හේතුව වී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දයාසිරි ජයසේකර මහතාට දෙවැනි වනු ඇතැයි යන බිය නිසාය.
මේ පිළිබඳව කරන ලද සංගණනයකදී හෙලිදරව් වී ඇත්තේ දයාසිරි ජයසේකර හිටපු ජනාධිපතිවරයාට වඩා මනාප ඡන්ද ලබා ගන්නා බවට තොරතුරු වාර්තා වීමයි. මෙම සමීක්ෂණ ප්‍රතිඵලවලින් මහින්ද රාජපක්ෂ මහතා පවා තැති ගැන්මට පත්වී ඇති බව ඉහත කී ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.
වයඹ මහ ඇමති නීතිඥ දයාසිරි ජයසේකර සමූපකාර මූළධර්ම මත පිහිටා සිටිමින් කාන්තාවන් 40,000කට ස්වයං රැකියා අත්වැලක් සපයමින් ඇති කරන ලද ව්‍යාපෘතිය වයඹ පලාත්සභාව පුරා ඉමහත් ජනප්‍රිය තාවයට පත්වෙමින් තිබේ. මොවුන්ගෙන් බහුතරයක් කාන්තාවන් කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරනු ලබයි. මහඇමතිවරයා පෙරේදා ඔවුන් සියළු දෙනා කැඳවා පැවැත්වූ රැස්වීම අතිසාර්ථක එකක් වූ අතර විශාල කාන්තා සහභාගීත්වයක් ඒ සඳහා ලැබී තිබේ. තත්වය එසේ හෙයින් දයාසිරිගේ ජනප්‍රියතාවය බිඳ දැමීම සඳහා විවිධ උපක්‍රම යෙදීමට සන්ධාන නායකයන් අතර එකගත්වයක් ඇතිවී තිබේ.
කුරුණෑගල දිස්ත්‍රික්කය තුල එක්සත් ජාතික පක්ෂයේ සංවිධාන කටයුතු එතරම් ප්‍රශස්ත මට්ටමක නොමැති නිසා සහ රණවිරු ඡන්ද විශාල ප්‍රමාණයක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවතින හෙයින් පහසු ඉලක්කයක් හඹා යාමෙන් වැඩිපුර මනාප සංඛ්‍යාවක් ලබා ගැනීමේ අරමුණින් හිටපු ජනාධිපතිවරයා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ වැදීමට බලාපොරොත්තු වේ. නමුත් ඔහුගේ සිහිනය සැබෑ කර ගැනීම සඳහා ‘දයාසිරි සාධකය' එරෙහි වෙමින් පවතින බව වාර්තා වේ. විපක්ෂයේ මුවාවෙන් දයාසිරිට බැට දීමට සන්ධාන නායකයන් බලාපොරොත්තු වන්නේ එම කරුණ නිසා බව ඉහත කී ආරංචි මාර්ග සඳහන් කරයි.
- http://sinhala.lankanewsweb.net/index.php/news/17825-2015-07-20-13-24-12
නාම යෝජනා දී සතියයි: රාජපක්ෂලාට හම්බන්තොටත් අවාසියි - බුද්ධි අංශ වාර්තා මත ආරක්ෂක ප්‍රධානියෙක් කියයි
(ලංකා ඊ නිව්ස් -2015.ජූලි.20, ප.ව.7.20) නාම යෝජනා ලබා දී සතියක් ඉක්ම යන අද දවස වන විට රාජපක්ෂලාගේ බලකොටුව ලෙස හැඳින්වෙන හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් රාජපක්ෂවරුන් පරාජය වීමේ ලක්ෂන පහළ කර ඇතැයි ප්‍රදේශය බාර ආරක්ෂක අංශ ප්‍රධානියෙකු ලංකා ඊ නිව්ස් වෙත පැවසීය.
ඔහු වෙත ලැබී ඇති බුද්ධි අංශ වාර්තා අනුව පවුල්වාදයට විරුද්ධ ජන මතය ප්‍රදේශයේ ඉහල යමින් පවතී. මහින්ද රාජපක්ෂ යලි එන්න වලිකන්නේ හොරා කෑමේ රසය දන්නා නිසා මිස ජනතාවට ආදරයක් නිසා නොවන බව ජනතාවට තේරුම් යමින් පවතී. ශ්‍රීලනිපයේ බෙදීම ද විශාල ලෙස බලපා ඇති බවත්, විශාල ව්‍යාපෘති වලින් ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වයේ ඉහළ යෑමක් නොවීමත් නාමල් රාජපක්ෂගේ සෙල්ලක්කාර මෝඩ ක්‍රියා කෙරෙහි ජනතාවගේ අප්‍රසාදයක් තිබීමත් ආදී හේතු කාරණා මත හම්බන්තොට රාජපක්ෂවරුන්ට අවාසි තත්ත්වයක් නාම යෝජනා දීමෙන් පසු සතිය තුල වර්ධනය වී ඇතැයි ආරක්ෂක ප්‍රධානියා පැවසීය.
ඔහු වෙත ලැබී ඇති බුද්ධි තොරතුරු අනුව ශ්‍රීලනිපයේ බෙදීමේ වාසිය හම්බන්තොට දිස්ත්‍රික්යේ දී ලැබී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණට ය. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණට දිස්ත්‍රික්කයෙන් ආසනයක් ලබා ගත හැකි යයිද, එජාපයටද ආසනයක් ඉහල ගොස් දැනට ඇති ආසන 2, 3 ක් වනු ඇතැයිද එසේ බෙදී යන ඡන්ද සංඛ්‍යාව නිසා එජනිසය මෙතෙක් ලබා සිටි ආසන සංඛ්‍යාව වූ 5 න් 3 ට අඩුවනු ඇතැයිද ආරක්ෂක ප්‍රධානියා පවසයි. එම ප්‍රධානියා පවසන්නේ එජනිස හිතැති ජනතාවගේ මතය වෙනස්වීම ආරම්භ වී ඇති බවත් එය 35000 ක් දක්වා ඉහල යෑම බලාපොරොත්තු විය හැකි බවත් එසේ වුවහොත් ඉහත කී ප්‍රතිඵලය වෙනස් කළ නොහැකි බවත් ය.
- http://www.lankaenews.com/news/2304/si

Last edited:
dayasirit a pththe minissu kmthi..