Percy දයාසිරිට දෙවැනි වනු ඇතැයි බිය වෙයි

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    පිස්සු බන් මහින්ද ලොවෙත් නැති වෙන්න කුරුණෑගලින් මනාප ගන්නවා වැඩිම මනාප රේකෝර්ඩ් එකත් කඩනවා .සන්ධානේට වැටෙන හැම ඡන්දෙකින්ම 96% මහින්දට මනාප වැටෙනවා ඒකත් වාර්තාවක් වෙනවා ඒකේ අහන්න දෙයක් නෑ.
    :no:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    Official Media Partner of CID
    logo.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    වැඩිපුරම ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් ජීවත් වන දිස්ත්‍රික්කය වන කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඡන්දයට ඉදිරිපත් වීමට හිටපු ජනාධිපතිවරයා අරමුණු කර තිබෙන්නේ එමගින් විශාල වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට වුවත් මේ වන විට වයඹ මහඇමති දයාසිරි ජයසේකර මහින්ද රාජපක්ෂට වඩා ඉදිරියෙන් සිටින බවට සමීක්ෂණ වාර්තාවලින් හෙලිදරව් වේ.

    මේ පිළිබඳව ‘ලංකා නිවුස් වෙබ්' වෙත කරුණු දැක්වූ ශ්‍රීලනිප ජේෂ්ඨයෙකු සඳහන් කර සිටියේ ‘නායකයන් තරඟ කරන්න ඕනෙ පක්ෂයට පහසුවෙන් දිනන්න පුළුවන් තැන්වල නෙමෙයි. සැබෑ නායකයෝ පලමුව හිතන්නෙ තමන් ගැන නෙමෙයි පක්ෂය ගැන. මහින්දට තිබ්බෙ ශ්‍රීලනිපය දුර්වල මහනුවර වගේ දිස්ත්‍රික්කයකින් තරඟ කරන්න. සැබෑ නායකයො එහෙමයි. නැත්තන් හිටපු විදිහටම හම්බන්තොටින් තරඟ කරන්න තිබ්බා. මේක හරියට මහින්ද සජිත්ට බයේ කුරුණෑගලට පැනල ගියා වගේ. දැන් වෙන්නෙ කුරුණෑගලිනුත් දයාසිරිට සෙකන්ඩ් වෙන්ඩ' යනුවෙනි.


    - http://sinhala.lankanewsweb.net/index.php/news/17834-2015-07-21-10-28-29
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    මහින්ද, දයාසිරිට බය වී දයාසිරිගේ ජනප්‍රියත්වය බිඳ දැමීමේ උත්සහයක

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ තමන්ට වැඩි ඡන්ද සංඛ්‍යාවක් එකතු කර ගැනීම සදහා දැඩි උත්සහයක පසුවන බව වාර්තා වේ.

    මේ වන විට මහින්ද රාජපක්ෂට ලැබී ඇති තොරතුරු අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වැඩි ම ඡන්ද සංඛ්‍යාවක් හිමි වන ජනප්‍රියතම දේශපාලනඥයා දයාසිරි ජයසේකරයි.

    ඒ අනුව, යම් හෙයකින් මහින්ද රාජපක්ෂට වඩා දයාසිරි ජයසේකර මනාප ඡන්ද ලබා ගත හොත් මහින්ද රාජපක්ෂට ඇතිවන කැළල අතිශය බරපතල බව ඔහුගේ උපදේශකයින් පවසා තිබේ.

    ‍මීට අමතරව, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග වදින සන්ධාන අපේක්ෂකයින් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, අනුර ප්‍රියදර්ශන යාපා, ඉන්දික බණ්ඩාරනායක ඇතුලු වැඩි දෙනෙකු දූෂණ සහ වංචාවලට චෝදනා ලැබූවන්ය.

    මේ හේතුවෙන් ඔවුන් නියෝජනය කරන ආසනවලද බහුතර කැමැත්ත දිනාගෙන සිටින්නේ දයාසිරි ජයසේකරයි. ඒ අනුව ඉහත කී චෝදනා ලැබූවන් මහින්ද වෙනුවෙන් ඡන්දය දෙන ලෙස කරන ඉල්ලීම් ජනතාව ප්‍රතික්ෂේප කරමින් සිටින අතර සියලු දෙනා දැඩි අවදානමකට මුහුණ දී සිටි.

    මෙම තත්ත්වය මත මහින්දගේ හිතවත් මන්ත්‍රී පිරිස මහින්ද සමග සාකච්ඡාවක් කර ඇති අතර එහි ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ දයාසිරි ජයසේකරගේ ජනප්‍රියත්වය බිඳ දැමීමය.

    ඒ අනුව, දයාසිරි ජයසේකරට ජනතා අප්‍රසාදයක් ගොඩ නැගෙමින් පවතින බව තහවුරු කිරීම ඔවුන්ගේ සැලැස්මයි. මෙහි පලමු උත්සහය පසුගියදා සිදුවිය. එහිදී උද්ඝෝෂණයක් පැවති අවස්ථාවක එම ස්ථානයට පැමිණි දයාසිරි ජයසේකරට ‘හූ’ කීමට සැලැස්වීය.

    එම ‘හූ’ සංග්‍රහය කර ඇත්තේ මහින්ද රාජපක්ෂගේ අනුදැනුම මත ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ඇම්බැට්ටයන් පිරිසකි.

    රටේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලද නොයෙක් ‍භේද ඇති කර දැන් මනාප ලබා ගැනීම සඳහා මහින්ද කරමින් සිටින මෙවැනි බොළඳ වැඩ පිලිබදව කුරුණෑගල ඡන්දදායකයින් බෙහෙවින් කලකිරී සිටිති.


    - http://lankaleaks.info/2015/07/22/මහින්ද-දයාසිරිට-බය-වී-දයා/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    දයාසිරි මහින්දට එරෙහි මැතිවරණ ව්‍යාපාරයක



    'පසුගිය වසර ගණනාවක් පුරා විවිධ පුද්ගලයන් පාර්ලිමේන්තුවට යැව්වා තමන්ගේ ගම,නගරය සංවර්ධනය කිරීමේ අරමුණෙන්. එත් වැඩක් වුනේ නෑ. අපි මෙවර හරි මිනිස්සු පාර්ලිමේන්තුවට යවමු.. පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ කාර්යශූර, උගත්, බුද්ධිමත් පිරිසක් මිස ජනතාව ලබා දෙන බලයෙන් වංචාවට, දූෂණයට, මත්ද්‍රව්‍ය බෙදාහැරීමට අනුබල දෙන්නන් නොවන පුද්ගලයින් බව ජනතාව මතක තබා ගත යුතුයි.' යැයි වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය, දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (23) කුරුණෑගල කටුපොත ජනතාව හමුවූ අවස්ථාවේදීය.

    "..පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ කාර්යශූර, උගත්, බුද්ධිමත් පිරිසක් මිස ජනතාව ලබා දෙන බලයෙන් වංචාවට, දූෂණයට, මත්ද්‍රව්‍ය බෙදාහැරීමට අනුබල දෙන්නන් නොවන පුද්ගලයින් බව ජනතාව මතක තබා ගත යුතුයි.

    මේක ජනතාවට ලැබුනු මහගු අවස්ථාවක්. නමුත් ඔවුන් පාර්ලිමේන්තුවට ගොස් කල කී දේවලින්, මේ රට වසර 30 යුද්ධයෙන් මුදවාගෙන රට එක්සේසත් කල, ශ්‍රී ලංකාව ලෝකයෙන්ම සංවර්ධන වේගය අතින් පළමු තැනට ගෙන්න ක්‍රියා කරපු ප්‍රබල ආණ්ඩුවක් බිද වැටීමට හේතු වුනා.

    අද තරුණ පරම්පරාව ගොඩාක් බුද්ධිමත්, ඔවුන් දැන් පක්ෂයකට බැදිලා වැඩ කරන්නේ නෑ. අද වන විට සාම්ප්‍රදායික මැතිවරණ රටාවෙන් මිදිලා පුද්ගලයා බලලා මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන තත්වයක් උදාවෙලා තියෙන්නේ. රටේ ඉදිරි අනාගත ගමන් මග ගැන තීන්දු තීරණ ගත යුත්තේ, වැඩිහිටියන්, නංගිලා මල්ලිලා දැනුවත් කරලා නිසි මාර්ගය පෙන්නන එක දැන් පැවරිලා තියෙන්නේ දැන උගත්, බුද්ධිමත්, රටට ආදරය කරන තරුණ ඔබ අතේ.."

    දයාසිරි ජයසේකර මහතා මෙහිදී නොකියා කියන්නේ තමන්ගේ දිස්ත්‍රික්කයට වැදී තම මනාප ටික කොල්ලකාගෙන පාර්ලිමේන්තු යෑමට සිටින දූෂණ චෝදනා එල්ලවී ඇති මහින්ද රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු වැන්නන්ට මනාපය පාවිච්චි නොකළ යුතු බවය.

    කෙසේ නමුත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප පොරය මහින්ද රාජපක්ෂ හා දයාසිරි රාජපක්ෂ අතර වඩා උණුසුම්ව ඇති බව වාර්තා වෙමින් පවතින අතර රජපක්ෂ මහතා සිය මැතිවරණ ව්‍යාපාරයට ජයසේකර මහතාව හවුල් කර ගැනීමෙන් වැලැකී සිටින අතර ජයසේකර මහතාද ශ්‍රී ලනීප දිස්ත්‍රික් බලමන්ඩල ‍රැස්වීමකටවත් රාජපක්ෂ මහතාට ආරාධනා නොකරයි.


    - http://lankadaily.com/latestnews/item/8341-photos
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    හෙළයෙක්;18693886 said:
    බලන් ගියාම බුද්ධි අංශ කෙලින්ම නිව්ස් දෙන්නෙ ගොසිප් සයිට් වලට.:oo::oo::oo:

    ජනවාරි 8 අප පැතූ වෙනස මෙය නොවේද?:lol::lol::lol:

    :lol:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    හෙළයෙක්;18693886 said:
    බලන් ගියාම බුද්ධි අංශ කෙලින්ම නිව්ස් දෙන්නෙ ගොසිප් සයිට් වලට.:oo::oo::oo:

    ජනවාරි 8 අප පැතූ වෙනස මෙය නොවේද?:lol::lol::lol:

    :lol::lol::lol: