PewDiePie Vs T Series

Hinna

Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    I9TH6dx.png


    PewDiePie කියල කිව්වම ඉතින් නොදන්න කෙනෙක් නැහැනේ. හැබැයි ඇත්තටම ඔයා PewDiePie ව නොදන්නවානම් PewDiePie කියල කියන්නේ මේ ලෝකේ ඉන්න සාර්ථකම YouTube Creator කියල කිව්වොත් නිවැරදී. හැබැයි ඇත්තටම එයාද සාර්ථකම Creator?

    PewDiePie එහෙමත් නැතිනම් Felix Arvid Ulf Kjellberg කියල කියනන්නේ මේ වනවිට බ්‍රිතාන්‍යයේ වාසය කරන 28 හැවිරිදි තරුණයෙක්. දැනට Subscribers ල වැඩිම YouTube චැනලයේ හිමිකාරීත්වය දරන්නේ අපි මේ කතා කරපු Felix Arvid Ulf Kjellberg එහෙමත් නැතිනම් PewDiePie ම තමයි.

    හැබැයි මෙයා කාලාන්තරයක් තියාගෙන ආපු කිරුල තව දින කිහිපයකින් මොහුගෙන් ගිලිහීමට නියමිතයි. අන්න එතනදී තමයි T Series කියන නමින් හදුන්වන YouTube Channel එක ගැන අපි කථා කරන්නේ.

    ඇත්තටම මේ Channel දෙක ගැන කතා කරල අපිට වැඩක් තියෙනවද?

    අපේ දෙයක් බලාගන්නේ නැතුව අනුන්ගේ මගුල් අපිට මොකටද?

    එහෙම හිතුනා නම් ඒක දැන් වෙනස් කරගන්න. මම දන්නවා මම ලියන දේවල් කියවන අයගෙන් බහුතරයක් YouTube ගැනත් උනන්දුයි කියල. ඒ නිසාම තමයි මම අද මේ ගැන කතා කරන්න තෝරගත්තේ.

    අපිට මේ චැනල් දෙක මොකක්ද, කීයක් හොයනවද වගේ කතන්දර අදාලම නෑ. හැබැයි අපිට මේ තරගය දිහා බලල ඉගෙනගන්න දේවල් කිහිපයක් තියෙනව.

    අපි ඒ ගැන කතා කරමු.


    Why T Series

    ඇයි කියල කතා කරන්න කලින් මේ Channel දෙකේ ඉතිහාසය ගැන පොඩ්ඩක් කතා කරන්න ඕන කියල මට හිතුනා.

    මුලින්ම PewDiePie ගැන කතා කරොත් ඔහු මුුලින්ම YouTube එකට Join වෙලා තියෙන්නේ Apr 29, 2010.

    එතකොට T Series?

    Mar 13, 2006

    හැබැයි මෑතක් වනතුරුම මේ T Series ගැන කව්රුත්ම කතා කරේවත් දැනගෙන හිටියෙවත් නෑ. නමුත් එකවරම මුළු ලෝකය පුුරාම T Series කියන නම කතා වෙන්න පටන් ගත්තා. ඇයි එහෙම උනේ?

    ඔයා දන්නව PewDiePie Channel එක ක්‍රමානුකූලව ගොඩ නැගුනු Channel එකක්. නමුුත් T Series ඉතාමත් වේගයෙන් ප්‍රචලිත උනා.

    මෙහෙම වෙන්න ඇත්තටම හේතු කිිහිපයක් තියෙනව. ඒ අතරින් එක් හේතුවක් අපිට ඉතාම වාසි දායක විදියට යොදාගන්න පුළුවන්. අන්න ඒ නිසාම තමා මම අද මේ ගැන කථා කරන්න හිතුවේ.

    ඉතින් ඇයි T Series ම? මේ වගේ වෙන Channel එකක් එන්න ඉඩ තිබුනේ නැද්ද?

    උත්තරේ ටිකක් සංකීර්ණයි.

    PewDiePie මුලදි වේගයෙන් ජනප්‍රිය වෙන්න බලපාපු හේතුවම T Series මේ විදියට ජනප්‍රිය වෙන්න බලපානව කියල මම ඔයාට කිව්වොත් ඔයාට මොනනව හිතේවිද? මොනව හිතුනත් ඒක තමා ඇත්ත.

    ඉතින් මොකක්ද හේතුව?

    YouTube මුල් කාලයේ ඇමරිකානුවන් අතර අතිශයින් ජනප්‍රිය උනා. ඒ වෙද්දි ජනප්‍රිය YouTube චැනල් විශාල ප්‍රමාණයක් ඇමරිකානුවන් සතුව තිබුනා. මේ වෙද්දි Google සමාගමට අවශ්‍ය වෙනව යුරෝපීය වෙලදපලත් හොද මට්ටමකට අරගන්න.

    එ් වෙද්දි යුරෝපයේ හොද නමක් තිබුනු PewDiePie තවදුරටත් ජනප්‍රියත්වයේ ඉහලටටම යන්නේ Google සමාගම ඔහුට පසුපසින් දීපු සහයෝගය නිසා.

    මේ සිදුවීම නිසා දෙපාර්ශවයම හොදින් වර්ධනය උනා.

    ඒත් ඇයි දැන් T Series?

    ඇත්තටම මේ ගැන මට තියෙන්නේ බොහොම සරල පැහැදිලි කිරීමක්.

    ඇමරිකානුුවන්ගේ අන්තර්ජාල භාවිතය සමස්ථ ජනගහනයෙන් 80% ප්‍රමාණය ඉක්මවා ගිහන් ඉවරයි මේ වෙද්දි. ඇමරිකාව ඇතුලේ ඕනෑම අන්තර්ජාල සම්බන්ධ ව්‍යාපාරයකට තව අල්ලගන්න තියෙන්නේ බොහොම සුළු පිරිසක් විතරයි.

    ඉතින් දැන් මොකද කරන්නේ?

    Business එකට තව Grow වෙන්න නම් වෙනමම Market එකක් ඕන වෙනව.

    ඉතින් ඊලගට තියෙන හොදම Market මොනවද?

    China : වැඩේ අමාරුයි. මොකද එයාල එයාලගෙම දේවල් දියුණු කරනව.

    Russia : මෙයාල එක්ක කොහොමත් බෑනේ. තරහකාරයෝ. අනික බහුතරයක් මිනිසුන්ට මිලදී ගැනීමේ හැකියාවක් ඇත්තේම නැති තරම්.

    India : ම්ම්ම්ම්ම් යමි පයින් යමි නේ!

    India කියල කියන්නේ තවමත් නොයිදුල් Market එකක්. සමස්ථ ජනගහනයෙන් 20% වත් අන්තර්ජලය භාවිතා කරන්නේ නෑ වගේ. ඒ විතරක් නෙමෙයි අන්තර්ජාල භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහල යනව.

    ඒ ඔක්කොටම වඩා ජනගහනය අතිශයින් ඉහල අගයක් ගන්නව.

    ඉතින් මීට වඩා තව හොද Market එකක් ලොකේ තියෙන්න පුළුවන්ද?


    Digital Colony

    ඔයා අහල දැකල ඇති Microsoft, Google, Facebook වගේ ආයතන නිතර නිතර ඉන්දියානු දරුවන්ට උදව් කරන අවස්ථා, අන්තර්ජාල පහසුකම් සලසන අවස්ථා එහෙම.

    ඇත්තටම මේවා දැක්කම අපිිට හිතෙන්නේ උන්ට ඉන්දියාව ගැන මාර කැක්කුමක් තියෙනව කියල නේද?

    ඇත්තම හේතුව තමා මේ වගේ ලොකු සමාගම් තමන්ගේ ආධිපත්‍ය පතුරවා ගන්න තමයි මේ දේවල් කරන්නේ. මොකද මෙච්චර ලොකු සමාගම්වල ආර්ථික උපදේශකවරු නැති වෙන්න හේතුවක් නෑ.

    ඉතින් අපි වගේ පොඩි මිනිස්සු පවා දකින දේ එයාල නොදැක්කා වෙන්න බෑ.

    මම අද මේ දකින දේ එයාල මීට අවුරුදු ගනනාවකට කලින් දකින්න ඇති.

    හැබැයි Google තාක්ශණික ලෝකයේ ප්‍රබලයෙක් වෙන්න උත්සහ කරත් අවස්ථා හදුනා ගැනීම අතින් ටිකක් පස්සෙන් ඉන්නව කියලයි මම හිතන්නේ.

    ඒ්කට හොදම උදාහරණය Amazon Alexa Smart Home උපාංගය Google Home උපාංගයට වඩා බෙහෙවින් ඉදිරියෙන් සිටීම. Google Home නිසා Google ලබන ආදායම ඉතාම සුළු උනත් Alexa නිසා Amazon අති විශාල ආදායමක් ලබනව. ඒ් උපාංගය විකිණීමෙන් පමණක් නෙවේ. කොහොමද කියල ටිකක් හිතල බලන්න.

    දැන් ආපහු කතාව පැත්තට ආවොත් Search Market එක කොහොමත් තියෙන්නේ Google අතේ. හැබැයි ඔයා දැනටමත් දන්නවද දන්නේ නෑ මේ Search Ads වල කාලය කෙමෙන් ඉවරවේගන යනව කියල. එන්න එන්නම ලැබෙන ප්‍රතිපල අඩු වෙනව. ඒ වෙනුවට Advertisers ල වැඩිපුර දැන් Discovery Ads වලටට යොමු වෙලා තියෙනව.

    ඉතින් Discovery Ads පිළිබද දැවැන්තයෙක් තමයි Facebook. දැනටමත් ඉන්දියානූ භූමිය තුල තමන්ගේ ස්ථානය දිනාගෙන ඉවරයි.

    ඉතින් Google ට සිද්ධ වෙනව Facebook එකට තරගයක් දෙන්න. මොකෙන්ද?

    Google +?

    නෑ

    තරගය දෙන්න පුළුවන් කෙනා තමයි,

    YouTube!!!

    ඉතින් මෙන්න මේ හේතුව නිසා තමයි T Series ට නොසිතූ අවස්ථාවක් උදා වෙන්නේ.

    ඉන්දියානු මනස ආක්‍රමණය කරන්න නම් YouTube එකට අවශ්‍ය වෙනව ඉන්දියානු Creators ල.

    ඉන්දියානු මනස ආක්‍රමණය කරන්න තිබුනු හොදම තුරුම්පුව තමයි T Series කියල කියන්නේ.

    හේතු දෙකක් තියෙනව එහෙම වෙන්න.

    1. දහස්ගනන් ඉන්දියානු නිර්මාණකරුවන් T Series හරහා තමන්ගේ නිර්මාණ එලි දක්වනව
    2. ඉන්දියානු මනස සංගීතයට ඉතාම ලැදී

    මෙන්න මේ හේතු නිසා හොදම තුරුම්පුව බවට පත්වුන T Series YouTube channel ය ඉන්දියාව තුල තව තවත් ප්‍රචලිත කිරීම YouTube විසින් ආරම්භ කරනව.

    ඔයාට පුළුවන් මම කියන දේ එහෙම නෑ Google හරි හොදයි එයාල Genuine කියල ප්‍රතික්ශේප කරන්න.

    නමුත් මේක තමා තිරය පිටුපස කථාව.

    මේ විදියට T Series අතිශයින් ජනප්‍රිය වීම අනිත් පැත්තට YouTube අළුත් Market එක ඇතුලේ ජනප්‍රිය වීමට බලපානව.

    පහු වෙලා හරි ඉන්දියානු Market එක ගූගල් විසින් ආක්‍රමණය කරන්නේ අන්න ඒ විදිහට.


    How They Promote?

    අළුතින් නිර්මාණය වන සියළුම YouTube Account සදහා Recommended Channel එකක් විදියට T Series දකින්න පුළුවන්.

    ඒ විතරක් නෙමෙයි දිනකට Views බිලියන ගනනක් ඉක්මවන ඉන්දියානුු Market එක ඇතුලේ Recommended Videos විදියට T Series Video දහස්ගනන් ප්‍රචාරය කරනුු ලබනවා.

    ඊට අමතරව T Series MCN එක එයාලගේ සියළු Channel හරහා Cross Promotion සිදු කරනු ලබනවා.

    War

    මම මේ ලිපිය ලියන මොහොතේදී T Series චැනලය ආාසන්න වශයෙන් Subscribers මිලියන 65ක්ද, PewDiePie, Subscribers මිලියන 67ක්ද ලබා සිටිනනව.

    නමුත් වසර ආරම්භයේදී Subscribers Count එක දැක්වුනේ පහත ආකාරයටයි.

    T Series : 14.45 Million

    PewDiePie : 51.81 million


    FAY7P56.png


    ඒ වගේම දිනෙක සාමාන්‍ය Subscribers වැඩිවීම පහත ආකාරයට දැක්වෙනව.

    T Series : 123,514

    PewDiePie : 24,901

    ඉතින් ඔයාට හිතාගන්න පුළුවන්නේ තව දින කිහිපයකින් වෙන දේ!

    වැදගත්ම කරුණ තමයිි 2022 අවසානය වන විට මේ චැනල් දෙක මොන වගේ තැනක ඉදීවිද?

    පහත දැක්වෙන්නේ 2022 අවසානයේ චැනල් දෙකෙහි පවතීවියැයි සදහන්වන Subscribers ප්‍රමාණය.

    T Series : 282.19 Million

    PewDiePie : 110.55 Million


    7CewJdC.png


    So What?
    ඉතින් මුන්ගේ ඒවා අපිට මොකටද?


    ඇත්තටම කාරණාව මේකයි. Google සමාගමෙන් අපිට ඉදිරියේදී මොන විදිහේ පහසුකම් ලැබේවිද කියල කියන්න අපි දන්නේ නෑ. අනික ගිනිය නොහැකි තරම් Market එකක් තමයි ලංකාව කියල කියන්නේ. ඉතින් අපි YouTube බැලුවා හෝ නැතා කියල Google එකට පාන් නෑ.

    නමුත් ලංකාවේ Market එකේ පවතින්නේ ඉන්දියාවට සමාන හැසිරීමක්. ජනගහනයෙන් 30% කට මදක් වැඩි පිරිසක් තමයි අන්තර්ජාලය භාවිතා කරන්නේ. ඒකෙනුත් ඉතාම සුළු පිරිසකක් තමයි YouTube දිනපතා භාවිතා කරන්නේ. Market එක තාමත් නොයිදුල්. ඉතින් කාටවත් පසුතැවෙන්න දෙයක් නෑ දැන් පරක්කු වැඩියි කියල.

    දැන් තමයි හොදම කාලය.

    ඉස්සරහට ඔයාගේ වීඩියෝ බලන්න එන්න ඉන්න Market එක දැන් තියෙන එකට වඩා තුන් හතර ගුණයක් විශාලයි.

    මෙච්චර කට්ට කාගෙන මේක ලිව්වේ ඔය ටික තේරුම් කරන්න සහ Google සමාගම අපි හිතන තරම් Genuine නෑ කියල පෙන්වල දෙන්න.

    මම ඊලග පෝස්ට් එකේදී කථා කරන්නම් මේ ප්‍රමුඛ අන්තර්ජාල සමාගම්වල අනාගතය ගැන. ඒකෙදිත් පැහිදිලි කරල දෙන්නම් අපිට තියෙන නව අවස්ථාවක් ගැන.

    ඉතින් මේ දේවල් වලින් ඔයා ප්‍රයෝජනයක් ගත්තොත් ඒක තමා මගේ ජයග්‍රහණය!

    එහෙනම් ඔයාට ජය!

    P. S : මේ කතාව ඇතුලේ මම ඔයාට නොකිය කියපු දෙයක් තියෙනව. තේරුම්ගන්න හැකියාවක් තියෙනවනම් තේරුම් අරන් ඒ අනුව කටයුතු කරන්න. මම ඒක කෙලින්ම කරුණක් විදිහට ඉදිරිපත් නොකර මුළු කතාව ඇතුලෙම සගවල තිබ්බේ හේතුවක් නිසා.

    මට අවශ්‍ය නෑ හැම කෙනාම ඒ වගේ වටින දෙයක් නිකන්ම දැනගන්නව දකින්න. තේරුම්ගත්ත අය අතුරින් ක්‍රියාත්මක වෙන අය කවදහරි මට ස්තූති කරාවි!


    උපුටා ගැනීම
    https://medium.com/@thilinaguru/pewdiepie-vs-t-series-4a45e67807db
     

    Dasunelakiri

    Well-known member
  • Oct 23, 2018
    318
    268
    63
    මේකත් නිකන් බනක් වගේ. මූ හිතන දේ කියලා දානවා. අපි එහෙමයි කියලා පිළිගන්නම් :lol:
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,573
    2,968
    113
    Sri Lanka
    මේකත් නිකන් බනක් වගේ. මූ හිතන දේ කියලා දානවා. අපි එහෙමයි කියලා පිළිගන්නම් :lol:

    මේකත් අර KSI vs Logan Paul වගේ එකක් මට නන් පේන්නෙ. මුන් උඩ දාගෙන දගලනවා. Pewdipie, t series මුන්ට කන්න දෙයි කියල හිතල වෙන්න ඇති :rofl:
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    මේකත් නිකන් බනක් වගේ. මූ හිතන දේ කියලා දානවා. අපි එහෙමයි කියලා පිළිගන්නම් :lol:

    මේකත් අර KSI vs Logan Paul වගේ එකක් මට නන් පේන්නෙ. මුන් උඩ දාගෙන දගලනවා. Pewdipie, t series මුන්ට කන්න දෙයි කියල හිතල වෙන්න ඇති :rofl:

    මේකේ කියලා තියෙන්නේ PewDiePie ව subscribe කරන්න කියලා හරි T-Series ව subscribe කරන්න කියලා නෙමෙයි පකෝ ඔක්කොටම කලින් මුල ඉඳන් අගට කියවපන් හරක් වගේ තපුල්ලන්නේ නැතුව :lol: මෝඩ පොන්නයෝ දෙන්නා :rofl:

    මෙතන කියලා තියෙන්නේ ලංකාවේ අපිටත් YouTube channel එකක් කරන්න දැන් පරක්කුයි කියලා හිත හිත ඉන්නවා නම් එහෙම නෑ කොයි වෙලේ මේ වගේ චාන්ස් එකක් සෙට් වෙයිද දන්නේ නෑ කියලා.

    කොහෙද ඉතින් තොපි වගේ බත් කන හරක්ට ඕක තේරෙන්නේ නැති නිසා තමයි අන්තිමටම ඒක මේ විදියට කියලත් තියෙන්නේ :rofl::rofl:

    P. S : මේ කතාව ඇතුලේ මම ඔයාට නොකිය කියපු දෙයක් තියෙනව. තේරුම්ගන්න හැකියාවක් තියෙනවනම් තේරුම් අරන් ඒ අනුව කටයුතු කරන්න. මම ඒක කෙලින්ම කරුණක් විදිහට ඉදිරිපත් නොකර මුළු කතාව ඇතුලෙම සගවල තිබ්බේ හේතුවක් නිසා.

    මට අවශ්‍ය නෑ හැම කෙනාම ඒ වගේ වටින දෙයක් නිකන්ම දැනගන්නව දකින්න. තේරුම්ගත්ත අය අතුරින් ක්‍රියාත්මක වෙන අය කවදහරි මට ස්තූති කරාවි
    !