Phone එකක් ජරාව නැතුව

The average guy

Junior member
  • Sep 19, 2018
    37
    73
    18
    ඔයාට ඕන කරන්නේ bloatware/ software overlay නැති clean android ෆෝන් එකක් නම් ඕකට හොඳම Googleම දෙන Pixel, නැත්නම් One Plus අයගේ ෆෝන්ස්. ඔය ජාති දෙකේ ම කැමරා ගොඩාක් හොඳයි. හැබැයි ඔයාගේ ගානට අලුත් එකක් හොයන්න වෙන්නේ නෑ.
    (Googleලා Pixel 4a කියල අඩු මිලට ෆෝන් එකක් හදනවා ඔයාගේ ගානට ළඟින් යන. හැබැයි ඒකත් ලංකාවේ හොයන්න නම් බැරිවෙයි)

    ඊළඟ හොඳම තෝරාගැනීම කියල කියන්න පුළුවන් Android One ෆෝන් එකක් ගන්න එක. (Android One කියන්නේ manufacturerගෙ නමවත්, phone brand එකක්වත් Model එකක්වත් නෙවෙයි, ෆෝන් එකට එන Android version එක හඳුන්වන නම). මේක near-stock Android.

    ලංකාවේ නම් පහසුවෙන් ගන්න පුළුවන් Android One ෆෝන් වෙන්නේ NOKIA. මේ දවස්වල නම් Softlogicලගේ site එකේ නම් බඩු ඉවර වෙලා වගේ පේන්නේ. හැබැයි වෙන අය ළඟ තියෙනවා Softlogic warranty එකත් එක්කම. Nokia 6.2 (40,000/-) නැත්නම් Nokia 7.2 (43,000/-) වගේ එකක් ඔයාට හරි යයි කියල හිතනවා. හැබැයි මෙහෙමයි, මෙව්වගෙ කැමරාවලින් Samsung Galaxy S20/ Apple iPhoneවල කැමරා කොලිටිය නම් බලාපොරොත්තු වෙන්න එපා.

    මම පාවිච්චි කරන්නෙත් Nokia 6.1 Plus එකක්. අවුරුදු එකහමාරක් වගේ වෙනවා. තාම කිසි අවුලක් නෑ. මගේ වැඩවලට නම් හොඳටෝම ඇති. කැමරා එකත් shape. Photo Lab එකකට දීල prints ගත්තාම නියමෙටම තියෙනවා.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,435
    1
    32,110
    113
    - උඩරට -
    මචං samsung mid-range phones හොදයි. අවුල තියෙන්නේ බන් අර facebook වගේ install කරලම එන සමහර apps අයින් කරන්න බෑ disable කරන්න විතරයි පුලුවන්. ඒ මදිවට ඇඩ්ස් පවා යනව චයිනීස් phone වල වගේ. මට ඒව දිරිවන්නෑ බන්. fb app එක දැක්කමත් මගේ මාළු නටනව ඒ තරම් පිළිකුල් මට ඒ ඇප් එක.

    නැත්ද බන් ෆොන් එකක් රු 60000ට විතර හෝ ඊට අඩුවෙන්. ඔය වගේ ඇඩ්ස් සහ ජරාවල් නැති. සහ අපිට කැමති ඕනම එකක් Uninstall කරන්න පුලුවන්? phone එකේ hardware වලින් මට වදගත් වෙන්නේ cam එක තමයි ගොඩක්ම.

    Ads යන්නේ කොහොමද බන් ෆේස්බුක් එකේ :eek:

    අපිට එන්නේ නෑනේ ඔය මොන ඇඩ් එකක් වත් ෆේස්බුක් වලින්..:rolleyes:

    උබ ෆෝන් එකට ෆේස්බුක් නැතුව ඉන්ස්ටෝල් කරලා තියෙන ඇප්ස් ගොඩක් (Trial Versions with Advertisementsඒවා ෆේස්බුක් එක්ක සම්බන්ද වෙලා තියෙනවා නම් ඇඩ්ස් එන්න පුලුවන්..
    ඒ ඇරෙන්න හේතුවක් නෑ..

    Deafult Installed Apps එපා නම් Uninstalled updates ගිහින් Forced Stop කරලා දාපන්.. එතකොට හරි..