Mobile phone එක, අද ලොකු කුඩා කවුරුත් භාවිතා කරන සන්නිවේදන උපකරණයක් බවට පත්වෙලා. හැබැයි ඔය කවුරුත් Mobile phone එක තමන්ට හිතුමනාපේ පාවිච්චි කරනවා. හිතුන හිතුන වෙලාවට charge කරනවා, full charge කරනවා, එහම්ත් නැත්නම් phone එක off වෙනකන් ඉඳලම charge කරනවා. මේ විදිහට charge කරන්න ගියොත් වෙන්නේ ඔයාගේ phone එක ආයු කාලය අඩු වීම. ඒ වගේම එය ගෙදර විදුලි බිලට වුණත් ලොකු බලපෑමක් කරන්න පුළුවන්. ඒ නිසා phone එක charge කරද්දී ඔයා අතින් සිදු වෙන මේ වැරදි දැන්ම අත්හරින්න.
chager එක සොකට් එකෙන් නොගැලවීම :
ගොඩක් දෙනෙක් phone භාවිතා නොකරන අවස්ථාවලදී පවා charger එක සොකට් එකේ තිබෙන්නට හරිනවා. ඇත්තටම එය භයානක දෙයක් වෙන්න පුළුවන්. මොකද phone එක සම්බන්ධ කර නොමැති අවස්ථාවකදී වුණත් charger එක මගින් විදුලිය දිගටම පිටතට ඇදෙනවා. එමඟින් ඔයාට හෝ වෙනත් කෙනෙක්ට අනතුරක් වෙන්න පුළුවන්. ඒ වගේම විදුලි බිල වැඩි වීම සහ බොහෝ වේලාවක් එසේ තිබීමේදී එහි උෂ්ණත්වය වැඩි වන නිසා එය ගිනිගෙන අසල යමකට ගිනි ඇවිලීමට හෝ කාමරයේ ආර්ද්‍රතාවය වැඩිනම් එය ෂෝර්ට් වීම පවා සිදු වෙන්න පුළුවන් බව මතක තබාගන්න. ඒ නිසාම ඔයා phone එක charge වෙලා ඉවර වුණාට පස්සේ ඒක සොකට් එකෙන් ගලවා ඉවත් කරන්න.