ඔරිජිනල් දානව නම් දාගනින්. ඒත් සමහර ෆෝන්වල ඔරිජිනල් ඒවා aliexpress,ebay එකේ අඩුවට තියනවා. එහෙම එකක් ගෙනත් දාගන්න එක ලංකාවෙන් දානවට වඩා ලාබයි. ඒවා ගෙන්නනව නම් රිවීව් හොදට බලලා ගනින්.
ඩිස්ප්ලේ දාන්න යන ගානෙන් ෆෝන් එකක් ගන්න පුළුවන් නම් ෆෝන් එකක් ගනින් බන්. කැඩිච්ච ෆෝන් එකත් සතියකට සැරයක් ඔන් කරලා ෆෝන් එක ක්‍රියාකාරි මට්ටමේ තියා ගනින්. (බැට්‍රිය ඩෙඩ් නොවී තියා ගනින්.) ෆෝන් මොඩල් එකක් ඇවිත් අවුරුදු 3ක් විතර යද්දි පාට්ස්වල ගාණ ගොඩක් අඩු වෙනවා. ඒ වෙද්දි උබට ගොඩක් අඩු ගාණකට ඩීස්ප්ලේ දාන්න පුළුවන්.
කොටුවේ තියන ඩීස්ප්ලේ ගැන නම් කියන්න කැමති නෑ. ඕකුන්ගෙන් ගනන් එපා. ඕකුන්ගේ බාල ඩීස්ප්ලේවල ටච් එක මදි. අලිඑක්ස්ප්‍රස් එකෙන් බාල එකක් ගෙන්නගන්න එක ඊට වඩා හොදයි බන්. ඒවා බාල ඩිස්ප්ලේ උනත් ටච් එක හොදට වැඩ. කලර්ස් විතරයි පොඩ්ඩක් අවුල. ඒකත් අවුලක් විදියට දැනෙන්නෙ ෆිල්ම් බලනව නම්. , ෆොටෝග්‍රැෆි කරනවා නම් විතරයි