Phone etiquette (ෆෝන් එටිකට්) ගැන

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,171
    8,163
    113
    M-Town
    මේක Phone etiquette (ෆෝන් එටිකට්) ගැන පාඩමකුත් නෙවෙයි. නමුත් හුඟක් අය මේක ගැන නොදන්නා නිසාත්, සමාජයේ නිරන්තරයෙන් මේ වගේ උදවිය මුණගැහෙන නිසාත් කියන්න හිතුවා.

    ♦️ වරකට උපරිම කෝල්ස් දෙකක් ගන්න. ආන්සර් කරන්නැත්තන් අවශ්‍ය කාරණාව ගැන මැසේජ් එකකින් කෙටියෙන් කියලා යවන්න.

    ♦️ කාරණාව මැසේජ් එකකින් කියන්න බැරි එකක් නම් ඒකත් කියලා යවන්න.

    ♦️ වතාවකට calls දෙකකට වඩා ගන්නවා කියන්නේ එච්චර ආචාරශීලී දෙයක් නෙවෙයි. අනිත් තැනැත්තා ඒ ගැන එච්චර නොසිතුවත් ඔබේ තත්ත්වය තියාගන්න එක තියෙන්නේ ඔබේ අතේ.

    ♦️ හදිස්සියෙවත් ඔබට ආපු දුරකථන ඇමතුමක් කතා කර කර ඉන්න අතරමගදී කට් වුනොත්, ඔබ ආයෙමත් කෝල් කරන්න යන්න එපා. එහෙම වුණොත් නැවතත් ඇමතුම ලබා දියයුතු වෙන්නේ කලින් ඇමතුම ලබාදුන් කෙනාමයි. ඒක දුරකථන භාවිතයේ එන ආචාරධර්මවලින් එකක්.

    ♦️ අනිත් කාරණාව තමයි, දරුණු ගණයේ හදිසි අවශ්‍යතාවයකට හැරුණුකොට රෑ අටෙන් නවයෙන් පස්සේ ළඟම ගැහැණු යහළුවෙකුටවත් කෝල් කරන්න යන්න එපා.

    ♦ කෝල් එකක් ගන්නවා නම් අදාළ කෙනාගෙන් කෝල් එකක් ගන්නද කියලා අහලා එයා කැමති නම් විතරක් කෝල් එකක් ගන්න එක හොඳ පුරුද්දක්.

    ♦️ කොච්චර තද කොළ පාටට ඔන්ලයින් බට්න් එක පත්තු වෙවී තිබුනත්, නිකන් සතුටු සාමීචි කතාවලට උදේ පහට හයට මිනිස්සුන්ට කෝල් ගන්න යන්න එපා.

    ♦️ දරුණු හදිස්සියක් නැත්තන් උදේ හතට අටට කලින් ඔෆිස් එකේ අයට කෝල් ගන්න යන්න එපා.

    ♦️ වීඩියෝ කෝල් එකක් ගනිද්දි අනිත් පැත්තෙ පුද්ගලයගෙන් ඒකට අවසර තියෙනවා නම් පමණක් වීඩියෝ කෝල් එක රික්වෙස්ට් කරන්න. ඒ ඇරුණුකොට බලහත්කාරයෙන් වීඩියෝ කෝල් ගන්න යන්න එපා.

    ♦️ ඒ වගේමයි, උඩ කියපු හැමදේම නොසලකා හැරලා, පණස් වතාවක් විතර කෝල් කරලා කරලා ආන්සර් කරන්නැත්තන් ඔය පහළ screenshot එකේ තියනවා වගේ video calls ගන්න යන්නත් එපා. ඒක හරිම අශෝභන, නොසන්ඩාල, නොහොබිනා වැඩක්.

    කොයිතරම් ලඟ යාලුවෙක් වුණත්, යක්කු ගස් යන යාමේ හෝ උදේ 7 ට කලින් එන කිසිම කෝල් එකක් මම ආන්සර් කරන්නේ නැහැ. ඔෆිස් එකේ වැඩක් සම්බන්ධවනම් ඒ ප්‍රතිචාරය වෙනස්. නමුත් මම මගේ නින්ද, දත කට මදින වෙලාව, වැසිකිළි කැසිකිළි යන වෙලාව, නා දෝවනය වෙන වෙලාව, පොතක් පතක් කියවන වෙලාව, article එකක් ලියන වෙලාව, කෑමක් උයා ගන්න වෙලාව, පැලයක් හිටවන වෙලාව, ඇති කරන සතෙක් එක්ක සෙල්ලම් කරන වෙලාව නිදහසේ භුක්ති විඳින්න කැමතියි. මොකද රැකියාවක් කළත් ව්‍යාපාරයක් කළත් කොයිතරම් බිසී මනුස්සයෙක් වුණත් දවසකට තමන් වෙනුවෙන් වැය කරන්න යොදාගත යුතු වෙලාවක් තියනවා. ඒකට ගරු කරනවා කියන්නෙ ඔබත් බුද්ධිමත්, වැදගත් ජාන තියෙන මනුස්සයෙක්!

    ඒ වගේමයි, තමන්ගෙ වෙලාවට ගරුත්වයක් අවශ්‍යනම්, අපිට අනෙකාගේ වෙලාවටත් ගරු කරන්න ඉගෙනගන්න වෙනවා.

    ප.ලි.
    රෝං ජෙනරේටර්ස්ලට මේ etiquette බලපාන්නැතිවෙන්න පුලුවන්. නමුත් මේක, සමාජයේ තවමත් ඉතිරිවෙලා ඉන්න සදාචාරසම්පන්න මිනිස්සු වෙනුවෙන් විතරයි.
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    හරියට හරි බන්. මම ඔහොම කරලා දැන් අපේ උන් කෝල් කරන්නෙත් නෑ කියපන්කො.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,597
    21,128
    113
    අනිත් කාරණාව තමයි, දරුණු ගණයේ හදිසි අවශ්‍යතාවයකට හැරුණුකොට රෑ අටෙන් නවයෙන් පස්සේ ළඟම ගැහැණු යහළුවෙකුටවත් කෝල් කරන්න යන්න එපා.

    හදිස් අවශ්යතා තමයි එන්නෙ ඔය වෙලාවට
     

    baluthadiya

    Well-known member
  • Oct 2, 2023
    248
    289
    63
    හයිය කොහොමද කියල අම්මගෙන් අහපන්. ඊයෙ ගහපු ගැහිල්ලට තාම ඇද උඩ
    දොස්තර කියාපු විදිහට බෙහෙත් ටික බීව නම් ඔහොම හැලුසිනේෂන් පේන එකක් නැහැ
     
    • Haha
    Reactions: Nidarshana_k

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ♦ කෝල් එකක් ගන්නවා නම් අදාළ කෙනාගෙන් කෝල් එකක් ගන්නද කියලා අහලා එයා කැමති නම් විතරක් කෝල් එකක් ගන්න එක හොඳ පුරුද්දක්.

    පෝස්ට් කාඩ් එකක් දාල අහපං :baffled:
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    Phene Etiquette හදන්න ඕනේ TRCSL එක, කෝල්/SMS ඩයිවර්ට් එකම සමාගම ඇතුලේ කරන්න ඕනේ, අන්න Mobitel දැන් SMS ඩයිවර්ට් නවත්තලා කරදරයි කියලා.🤡