..::: Photoshop ආපු හැටි... :::..

Suvin1122

Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    Photoshop මරුදුකාංගය නිපද්වීමට මුලපුරලා තියෙන්නෙ Knoll සහෝදරයන් විසින්. ඒ තමයි Thomas Knoll සහ John Knoll. Thomas Knoll ඒ කාලෙ වනවිට Michigan විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක්. ඒ වගේම John Knoll Industrial Light & Magic (ILM) කියන ආයතනයෙ සේවකයෙක්.


    මුලින්ම 1987 වසරේදි Thomas Knoll මෘදුකාංගයක් ආරම්භ කරනවා Display නමින්. මේක නිර්මාණය කරන්නෙ Macintosh පරිඝනක වලට. මෙහි අරමුණ වෙලා තිබුනේ කළු සුදු රූප , ඒක වර්ණ (monochrome) ආකාරයෙන් ප්‍රදර්ශනය කිරීම. මේ අතර වාරයේ ඔහුගේ සහෝදරයා වන Thomas ට මේ ගැන උනන්දුවක් ඇති වුනු හින්දා ඔහුත් මේ වැඩේට එකතු වෙලා තියෙනව. ඉන්පසු ඔහුගේ අදහසට අනුව මෘදුකාංගය සම්පූර්න රූප සංස්කරණය කරන මෘදුකාංගයක් බවට පතිකරන්න තීරනය කරනවා. ඒ සමගම Thomas මේකෙ නම Image Pro කියලා මාරු කරනවා. ඊටත් පස්සෙ තමයි මේකට photoshop කියන නම ලැබෙන්නෙ.



    මුලින්ම මේක ලබා දීල තියෙන්නෙ නොමිලේම. ඒ Barneyscan කියන ස්කෑනර් නිපදවන ආයතයත් එක්ක එකතු වෙලා. ඔවුන්ගෙ නිශ්පාදන සමඟ නොමිලේ ලබා දීමෙන් තමයි මුලින්ම photoshop මිනිසුන් අතරට ඇවිත් තියෙන්නෙ. ඒ ආකාරයෙ පිටපත් 200ක් පමන ලබාදිමට මොවුන්ට හැකි වෙලා තියෙනවා.


    1988 වසරේදි Thoma Knoll මෘදුකාංගය ප්‍රචලිත කිරීමට එවකට Apple ආයතනයේ වැඩසටහන් ඉන්ජිනේරුවන් ට හා Adobe සමාගමේ කලා අධ්‍යක්ශක වුනු Russel Brown වෙත මේ ගැන පැහැදිලි කිරීමක් කර පසු Adobe සමාගම මෙය බලපත්‍රය ලබා ගැනීමට එකඟ වෙනවා. ඒ විදියට තමයි 1990 වර්ශයේදී Adobe Photoshop 1.0 නිකුත් වෙන්නෙ.

    Photoshop කලෙන් කාලෙට වෙනස් උන ආකාරය.

     

    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....