machan site ekakata ekapaara record 2 million withara add karanne kohomada?
කොහොමද Unique records හදන්නෙ?මෙ සයිට් එකෙ එච්චර රිසාල්ට් නැනෙමේ සදහා Unique records තියෙන Database එකක් අවශ්‍ය වනවා. උදාහරණ විදියට maduraonline.com දැක්විය හැකියි, එහි ලක්ෂ 3ක් පමණ records අන්තර්ගත වනවා. තිබෙන්නේ php වෙබ් පිටු කිහිපයක් පමණයි. http://www.maduraonline.com/?find={searchstring} හරහා ලක්ෂ 3ක් පමණ dynamic pages generate කළ හැකියි.

කොහොමද Unique records හදන්නෙ?මෙ සයිට් එකෙ එච්චර රිසාල්ට් නැනෙ![]()
කොෆි-කැට්;9677532 said:About 8,160,000 results (0.23 seconds)
machan BHS use karapan.. 1week walin backlinks 5000k wage hadhanna puluwan... aduma dhawasata traffic eka 4000+ wage enawa
danne na oya seen ekaMachoමගේ databsae එකක් තියෙනව 1.3 මිලියන් රෙකොඩ්ස් තියෙනව ටොටල් siz එක 350mb+ මෙක කොහොමද ඩට බේස් එකකට attach කරන්නෙ.. coz timeout වෙන එක problem එකක් නෙ .. මෙක ෆයිල් එකක් විදියට up කරල mqsql වලට externaly attach කරන්න පුලුවන්ද...? I dnt knw much about mysql mechanism..
kohomada karanne machanකොෆි-කැට්;9677612 said:Black Hat Seo machan ! api illegle widhihata blacklinks danawa... ita passe adsense danawa...![]()
Machoමගේ databsae එකක් තියෙනව 1.3 මිලියන් රෙකොඩ්ස් තියෙනව ටොටල් siz එක 350mb+ මෙක කොහොමද ඩට බේස් එකකට attach කරන්නෙ.. coz timeout වෙන එක problem එකක් නෙ .. මෙක ෆයිල් එකක් විදියට up කරල mqsql වලට externaly attach කරන්න පුලුවන්ද...? I dnt knw much about mysql mechanism..

මචන් මෙහෙම එකක් හදන්නෙ කොහොමද?(database ekak )මචං උඹ අමාරු stage එක පහු කරලයි ඉන්නේ. අමාරුම දේ තමයි ඔය තරම් records තොගයක් හොයාගන්න එක. ඔය ටික host කරන්න free hosting package එකක් නම් ගැලපෙන්නේ නැහැ. virtual server hosting එකක් හරි php+mysql premium hosting package එකක් ඕනි වෙනවා. මොකද free hosting package වලදී mysql maximum db size limit ( normally 10mb) එකක් තියෙන නිසයි. එහෙම නැත්නම් slt leased line එකේ එකක් තියෙනවා නම් local machine එකම database host එක විදියට use කරලා web application එක තියෙන hosting serverඑකෙන් ගෙදර local machine එකට connect වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ local machine එක web hosting serverඑකක් කරන්න වෙනවා. data sensitive වල එක අනුව එහෙම දෙයක් කරන එක වඩාත් ආරක්ෂා කාරීයි.
Navicat කියන mySql GUI Application එක download කරගන්න. ඒකෙන් පුළුවන් remote mysql server එකට කනෙක්ට් වෙලා data uploading, downloading වගේ දෙවල් සහ query analyzing වගේ දේවල් ලේසියෙන් කරගන්න. mysql වල data import size එක normal එන්නේ 2mb විතර. ඒකත් වැඩි කරගන්න. තව query timeout limit (normally 60sec) එකත් වැඩි කරගන්න. කාලය නැති නිසයි මේ දේවල් කෙටියෙන් කියන්නේ. වැඩි විස්තර ඕනි නම් පසුවට ලබා දෙන්නම්.
(ඔය මොනවා සම්බන්ධ ඒවාද? share කරන්න පුළුවන් ඒව නම් කියන්න. client කෙනෙක්ට දෙන්න පුළුවන්, නිකන් නෙවෙයි සල්ලි වලට)![]()
මචන් මෙහෙම එකක් හදන්නෙ කොහොමද?(database ekak )
thanx machanExcel ගැන දන්නවා නේද? Excel වලදී පිළිවෙලකට Colums සහ Rows විදියට Data arrange කරගන්න පුලුවන් නේද? Database එකකදී table එකක් කියලා හදුන්වන්නේ අන්න ඒ excel පිටුවක් හා සමාන දෙයකට. සරලවම කියතොත් ඒ වගේ table එකක් හෝ කිහිපයක් database එකක් ලෙස හදුන්වනවා. අන්තර්ජාලය හරහා අප ලබා ගන්නා තොරතුරු 99% පමණ store කරලා තිබෙන්නේ database තුළයි. කෙටියෙන්ම කියතොත් elakiri.com වෙබ් අඩවිය පවා database පාවිච්චි කරමිනුයි තම සේවාවන් ක්‍රමවත්ව ලබා දෙන්නේ. මේ සම්බන්ධව වැඩි දුර ඉගෙන ගන්න නම් ඔබට මේ සම්බන්ධව ආසාවක් සහ උනන්දුවක් තිබිය යුතුයි. එසේම මෙය එක් රැයකින් , එක් දවසකින් හෝ එක් සතියකින් අවසන් කරන්නක් නොවිය යුතුයි. මා 1999 ව්සරේදී පටන් ගත් දා සිට මේ දක්වාම programming + database සම්බන්ධව ඉගෙන ගන්නවා. මාගේ job එකට මෙය කිසිසේත් අදාල දෙයක් නොවන අතර මෙය මාගේ විනෝදාංශයක් පමණයි.
Database සම්බන්ධව ඉගෙන ගැනීමේදී Programming Language එකක්ද ඒ සමගම ප්‍රගුණ කළ යුතු වනවා. Database හි ඇති දත්ත සම්බන්ධව දැනුමක් නොමැති අවසාන පරිශීලකයාට පිලිගැන්වීමේදී සරලව හා කාර්යක්ෂමව අවශ්‍ය දත්ත ලබාගැනීමේදී Programming Language එකක් මගින් නිපදවා ගත හැකි Front end application එක ප්‍රයෝජනවත් වෙනවා. බොහෝවිට අවසාන පරිශීලකයාට දිස්වන්නේ Database එක නොව Front end application එක පමණයි. elakiri.com පැමිණෙන අප දකින්නේ php මගින් නිපදවා ඇති vbullatin board එක පමණක් වන අතර මෙහි දත්ත අන්තර්ගතව ඇති දත්ත ගබඩාව අපට කිසිදිනෙක දර්ශනය වන්නේ නැහැ. මේ සම්බන්ධව ඉගෙනීමට ඔබට ආසාවක් උනන්දුවක් තිබේ නම් http://www.w3schools.com/php/php_intro.asp වෙත පිවිස බලන්න. මුදල් ගෙවා ලබා ගන්න දැනුම් සම්බාරයකට වැඩි යමක් එහි අනතර්ගතයි.
මේ සම්බන්ධව නොදන්නා යමක් වේ නම් කමෙන්ට් එකක් මගින් ඉදිරිපත් කරන්න. පුළුවන් හැම විටකම මම උදව් කරන්නම්. නමුත් මේ සම්බන්ධව ඉගෙන ගැනීමේදී ඔබේ ඉංග්‍රීසි දැනුමත් යම් තරමකින් හෝ වැඩි කරගැනීම ඉතාමත් වැදගත්. සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂයට Credit එකක් තිබුණත් ඉංග්‍රීසියෙන් පාර අහන සුද්දෙකුට ප්‍රතිචාර දක්වන්නට හැකියාවක් හෝ නොතිබුන මා හට ඉංග්‍රීසි ඉගෙනීමට ප්‍රයෝජනවත් වූයේත් අන්තර්ජාලයමයි. වටිනා කාලය face book, games හෝ chat වැඩසටහන් වෙතම කැප නොකොට Programmers Heaven , Digital Point , Planet Source Code , Expert Exchange , Google Code වැනි වෙබ් අඩවි වෙතද පිවිස බලන්න.
"ඔබේ පැමිනීමෙන් ඔවුන් යමක් ලබාගන්නා සේම ඔබ වෙතද යමක් ලැබෙනු නියතය"