මගේ කලින් පෝස්ට් එකේ මම ලියුවා Private Investigator කෙනෙක් වෙන්න කරන්න ඕන කැපකිරීම් ගැන සහ අපි කරන දේවල් ගැන. කියෙව්වේ නැත්නම් පළවෙනි කමෙන්ට් එකේ ලින්ක් එක දාලා ඇති ගිහින් බලන්න.
මම කාලයක් සිංහලෙන් හේ English වලින් මුකුත් ලියලා නැති නිසා වැරදි තියෙන්න පුළුවන් සමාවෙන්න.
මම කාලයක් විදේශගතව Surveillance Investigation අංශයේ සේවාවන් සපයන ආයතනයක රැකියාවක නිරත වුනා. අපි ඒවාගේ කරන දේවල් ගැන රස කතා ටිකක් ලියන්නයි යන්නේ.
එකපාරක් මට එසයින්මන්ට් එකක් එනවා අවුරුදු 20ක විතර ගෑණු ළමයෙක් ගැන තොරතුරු එකතු කරන්න. කන්ට්‍රෑක් එක ගෙනාව ක්ලයන්ට්, ගෑණු ළමයාගේ අම්මා. තරමක් ධනවත් පවුලක්. අම්මාත් දුවත් අතර අවුරුදු 19ක විතර වෙනසක් තිබුනේ.
කම්ප්ලේන් එක වුනේ දුව ටික දවසක ඉදන් හැසිරීම ගොඩක් වෙනස්. දෙමව්පියෝ ගණන්ගන්නෑ. ඉන්නේ කාමරේමයි. කතා කරාම හරියට තරහා යනවා. හිටපු ගමන් එළියට යනවා, යන තැනක් කියන්නෑ. වාහනයක් අරං යන්නෑ. ෆෝන් එක ආන්ස්වර් කරන්නෑ. ආපහු එනකන් දන්නෑ. අම්මාගේ සැකය තිබුනේ රස්තියාදුකාර කොලලෙක් සෙට් වෙලා කියලා. ගෙදරින් විරුද්ධ වෙන බය නිසා කියන්නේ නෑ කියලා.
සාපේක්ෂව ලංකාවේ මේක බයානක කම්ප්ලේන් එකක් වුනාට එහෙදී නම් මේවා බොහොමයක් දෙනා කෙයාර් කරන මට්ටමේ දෙයක් නෙමෙයි. නමුත් මේ අම්මා දුවට ගොඩක් කිට්ටුවෙන් හිටපු කෙනෙක් නිසා එයාට ලොකු වේදනාවක් තිබුනා. අම්මා මට අවශ්‍ය සියළුම දත්ත දුන්නා.
අපි ළමයාගේ කාමරයට ශබ්දය මොනිටර් කරන සිස්ටම් එකක් හයි කරා. වැකේෂන් පීරියඩ් එක නිසා ගෙදර හිටියේ. නමුත් වැදගත් කිසිවක් පළවෙනි දවසේ අහන්න ලැබුනේ නෑ. දෙවෙනි දවසේ හිටි හැටියේ උදේ 8ට විතර ගෙදරින් එළියට බැස්සා. පයින්ම පාර මාරුවෙලා යන්න ගත්තා. මම හිටියේ ගෙවල් දෙකකට එහා වාහනය නවත්වලා. මමත් වාහනේ දාලා ටිකක් දුර තියන් පයින් ෆලෝ කරන්න ගත්තා.
පැයකට වඩා ඇවිදං ගිහින් පොඩි ශොපින්ග් මෝල් එකකට ගියා. එතනින් පොඩි ස්නැක් එකක් අරං ටිකක් වෙලා වාඩිවෙලා ඉදලා ආපහු එළියට බැස්සා. තව දුරක් ගිහින් පාක් එකකට ගියා. බංකුවක් උඩ වාඩිවුනා. මට දැන් සැකයි මාව මඟ හරින්න ඇවිදිනවාද කියලා. හැබැයි අයිපොඩ් එක ගහගෙන සින්දු අහ අහ ඔහේ ඇවිදන් ආවා මිසක් ආපහු හැරිලා එකපාරක් වත් බැලුවෙත් නෑ. මට තේරුණා දවසම ෆෝන් එකක් යූස් නොකරපු බව. කවුරු හරි හම්බුවෙන්න ආවා නම් මේ වෙනකොට මැසේජ් එකක් හරි එන්න ඕන. මම අම්මාට කෝල් කරලා කියුවා දුවට රිංග් කරන්න කියලා. නමුත් ෆෝන් එකක් චෙක් කරනවා මම දැක්කේ නෑ. දවසම ඔය වගේ නැවති නැවතී ඇවිද්දා. හැතැම්ම 5-6ක් විතර ගිහින් ගිහින් එකපාරටම දිග ඇවිදින මංතීරුවක මැද දී ආපහු හැරුනා. දැන් මගේ මූණටම එනවා. මට හැරෙන්නත් බෑ. කළබල වෙන්නත් බෑ. මම දිගටම එයාව පහුකරන් ගියා තව තප්පර 20ක් විතර. ආපහු හැරිලා ෆලෝ කරන්නත් බෑ. යන්න අරින්නත් බෑ. මම ඔය අතරේ යාළුවෙක්ට කතා කරලා ගෙන්වාගත්තා. එයා එනකන් ටැකසි එකක් දාගෙන ඒකේ ටිකක් දුර ඉදන් මොනිටර් කරා.
අන්තිමේ එයා දිගටම ගෙදර ගිහින් තිබුනා. මම පස්සේ ගිහින් වාහනය ගත්තා. දැන් මම කේස් එක 75% විසදලා ඉවරයි. පහුවදාම මම අම්මා මුනගැහිලා අම්මාව පැයක් ආපහු ඉන්ටවීව් කරා.
තාත්තා පොඩි කාලේම වෙන්වෙලා අම්මයි දුවයි එකටම හැදිලා තිබුනේ. අම්මා මෑතක නැවත විවාහ වෙලා දුව දැන් ලොකු නිසා. දුවට තිබුන අවදානය අඩු වීමත්, අලුත් තාත්තාට අකමැත්තත් නිසා තමයි ළමයා දුරස් වෙලා තියෙන්නේ. මට හොදටම විශ්වාසයි වෙන කවුරුවත් සම්බන්ධයක් තිබුනා නම් ෆෝන් එක යූස් කරනවා. ඊලගට එහෙම කවුරු හරි හිටියා නම් ඕඩියෝ මොනිටරින්ග් සිස්ටම් එකට කෝල් එකක් හරි ඇහෙන්න ඕන.
ඔය අතරේ ගෑණු ළමයා එළියට බැහැලා තිබුනා. මම එදා මගේ යාළුවෙක් යවලා තිබුනේ මොනිටර් කරන්න. මම ළමයාගේ කාමරයට ගියා. ඕඩියෝ සිස්ටම් එක ගැලෙව්වා. මගේ සැකය හරි එයා යන්නේ ෆෝන් එක සයිලන්ට් දාලා ගෙදර තියලා. ගෙදර තියෙන පීඩනයෙන් නිදහස් වෙන්න ඇවිදිනවා.
මේක මුලින් පෙනුනාට වඩා බොහොම බරපතල කාරණයක්. ලොකුවට යාළුවෝ නැති, ආදර සම්බන්ධතා නැති කෙනෙක් ගෙදරින් දුරස් වෙන එක හරිම බයානකයි. අම්මාට කාරණය පැහැදිලි කරා. අම්මාත් අරං ආපහු ගියා. පාක් එකේ ඉන්නවා දැකලා මම නැවතුනා. අම්මා ළඟට ගිහින් කතා කරා. සෑහෙන වෙලාවක් දෙන්නා තුරුළු කරන් ඉදලා ටැක්සි එකක් අරං දෙන්නාම ගියා.
මට හවස අම්මා කතා කරලා කියුවා මම අනුමාන කරපු හැමදේම හරි කියලා. මට වැඩි පුර දවස් තුනකටත් එක්ක ගෙවීම් කරා. දුවයි අම්මයි දෙන්නාම මනෝ චිකිත්සක කෙනෙක් හම්බුවෙලා තිබුනා. මම හිතනවා ඔවුන් ප්‍රශ්ණය විසදගන්න ඇති කියලා.
Thread 'Privet investigator වෙමුද?' https://elakiri.com/threads/privet-investigator-වෙමුද.2013268/
------ Post added on Oct 11, 2021 at 7:58 PM

nethnam kage hari katha ussala danawada

මට නිකමට හිතුණා මූ ද කියල