තෙල් ඇති වෙනකන් තියෙනව නම්, තෙල් මිල විතරයි නම් වැඩි උනේ, එහෙනම් අනිවාරෙන්ම වැඩි උන මිල විතරයි උන්ට අය කරන්න පුළුවන්. හැබැයි මේ තත්වෙ උඩ මොක උනත් අමු කට්ටක් කාල කාල තමයි ඔවුන් ඔය තෙල් ටික ගහගන්නෙ. මුලු දවසක්ම පාරෙ හිටගෙන, අව්වෙ දූවිලි කකා. ඒ තත්වෙ උඩ උන් හිතෙන හිතෙන ගණන් කියන එක සාධාරණයි. මම උනා නම් වෙන කරන්න දෙයක් නැති කමට උන්ට මොකුත් නොකිය කියන ගාන දීල යන ගමන යනව.
(සමාවෙන්න මම වීල් එලවන කෙනෙක් නෙමෙයි. මට පෞද්ගලික වාහනයක් තියෙනව) - ඒත් මම ඉතින් උදේ හවස දකිනව ඔය වීල් පදින මිනිස්සු කන කට්ට මේ දවස් ටිකේ. අදත් මම බලාගෙන අතින් තල්ලු කර කර 37 ට විතර රස්නෙ ගිනි අව්වෙ දාඩිය පෙරාගෙන වීල් එක තල්ලු කර කර පෝලිමේ ඉන්නව සෙට් එකක්. පවු ඉතින්.
ඒ වගේම අපේ පැත්තෙ වීල් කාරයො ටික පට්ට හොඳයි. මම නැති දවස් වලට ගෙදර කට්ටියට උදේ පාන්දර 5 ට යන්න තිබ්බත් උන්ට කෝල් එකක් දාපු ගමන් එනව. ගන්නෙ රුපියල් 400 යි. වෙන පැති වල 800 ගන්නව. ඉතින් උන් පවු කියල හිතෙන්නෙ ඇත්තටම. ගෑස් එකක් ගේන්න ගියා දවසක් වීල් එකක. වාහනේ යන්න බෑ ඒකෙ තෙල් නැතුව. ඌ මුලු ටවුමෙම ගමේම මාව එකක් ගියා රුපියල් 2500 ක විතර ගමනක්. හැබැයි ගෑස් තිබ්බෙ නෑ. ඌ ගත්තෙ 800 යි. ඔයත් පවුනෙ කියල. ඉතින් උන්ට බැරි කාලෙට මට උන් ගැන පවු කියල හිතෙනව.