#lka අප ආයතනයේ නම අලලා ගෙතුනු, සමාජ ජාල ඔස්සේ අයාලේ සැරිසරන වාර්ථා පිළිබඳවයි:
1. අප ආයතනය විසින් සෘජුව හෝ නියෝජනයක් හරහා හෝ කිසිම පුද්ගලයෙකුට හෝ ආයතනයකට මෙවන් මූල්‍ය පරිත්‍යාගයක් සිදුකර නැත
2. මෙම ඡායාරෑපයේ සිටින පුද්ගලයින් අප ආයතනයට කිසිදු ආකාරයකින් සම්බන්ධ පුද්ගලයින් නෙවෙයි
3. අප ආයතනයේ ගෞරව නාමයට කෙරෙන අපහසයටත්, වෛරය හා ජාතිවාදය ඇවිස්සීමට අප ආයතනය අලලා අසත්‍ය වාර්ථා පල කිරීම පිළිබඳවත්, PickMe නිල ලාංඡන අනවසරයෙන් හා අකටයුතු ලෙස භාවිතා කිරීම යන කාරණා දණ්ඩුවම් ලැබිය හැකි වැරදි වේ
4. PickMe ආයතනය අජිත් ගුනවර්ධන මහතාගේ සභාපතිත්වයෙන්ද, විධායක නිළධාරී ජිෆ්රි සුල්ෆ මහතාගේ මයහෙයවීමෙන්, ලංකාවේ නම ගිය ව්‍යාපාරකයින් පිරිසකගේ ආයෝජනයෙන් පවත්වාගෙන යන අතර එම පිරිස ලංකාවේ සියළුම ජාති හා ආගම් නියෝජනය කරන්නන් වේ. එනිසා අප ආයතනය ශ්‍රී ලාංකික ආයතනයක් මිස සිංහල හෝ මුස්ලිම් ආයතනයක් නොවේ
5. අපේ හිතවත් පාරිභෝගිකයන්ටත් සෙසු ශ්‍රී ලාංකික සහෘදයන්ටත් අප ආයතනයේ අරමුණු ගැන ඇති සැකක් බියක් ඇති කරගැනීමට කරැණැ නොමැති බවත් මෙවන් රැවටිලි සහගත විචාර වලට නොරැවටෙන ලෙස ඉල්ලා සිටිමු
-PickME

