Pirates of the Caribbean: Dead Men Tell No Tales

RSmith

Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව


    කස්ටිය ටේලරේ බැලුවද ?
    බලපු නැති අය මේක බලලා ඉන්නකෝ...




    මුකුත් වැඩි දෙයක් නෑ වගේ නේ ?:rolleyes::rolleyes::rolleyes:

    හොඳට බැලුවද ?
    Super Bowl Spot ටේලරේ තමයි සම්පුර්ණ කථාව තියෙන්නේ...
    කථාව යන්නේ Johnny Cash ගේ Ain't No Grave සින්දුව එක්ක

    මේ සින්දුවේ කියවෙන්නේ මැරිච්ච කෙනෙක් ආයේ නැගිටලා එන කතාවක් (ඉතාම කෙටි අදහස)
    ආගමික ඇදහිලි වල එන angel Gabriel කියන සුරදුතයා සම්බන්ද කරගෙන කියවෙන සින්දුවක්
    මේ Gabriel ළග තියෙන Trumpet එක ගැහුවම තමයි මැරුන අය නැගිටලා Last Judgment එකට මුහුණ දෙන්නේ (යම් කිතුනු ඇදහිලි වලට අනුව. මම වැරදිනම් නිවැරදි කරන්න :(:()

    හොඳයි, අපි කතාවට යමුකෝ...

    මුලින්ම පෙන්නන්නේ කුරුල්ලෙක්... මැරුණ එකෙක්

    pirates_trailer6.jpg


    ම්ම් දැන් තේරෙනවද මැරුණ එවුන් නැගිටින සීන් එකක් යන්නේ කියලා...
    මේක තව හොඳට පැහැදිලි වෙනවා Trailer එකේ 0.36දි ගැනියක් (බොහෝවිට) බාර්බෝසට කියනවා

    ""The dead have taken command of the sea.
    They’re searching for Sparrow "" කියලා

    මොකද්ද මේ සීන් එක. Sparrow යන යන තැන හතුරෝ හදාගන්න නිසා මැරිච්ච උන් නැගිටලා එන්න තරම් කේස් එකක් හදාගෙනද ?

    නැත්නම් මුට තියෙන experience එක්ක මැරිච්ච උන්ට මුගෙන් උදව් ඕන වෙලාද ?

    Captain Salazar: [to the only survivor of a ship he attacked] Jack Sparrow...
    [holds up a wanted poster of Jack Sparrow]
    Captain Salazar: Do you know this pirate?
    Henry: Only by name.
    Captain Salazar: Find Jack Sparrow for me and relay a message, from

    Tell him: death will come straight for him. Will you say that to him, please?

    මෙහෙම කියන්නේ ඇයි ????


    තව දෙයක්, මෙයාව මතකද ?

    Capture.png

    ඔව්, Will Turner. අවුරුදු 10ට පස්සේ Flying Dutchman නැවේ කපිතාන්ට එක දවසක් ගොඩබිමේ ඉන්න පුළුවන්. Davy Jones මැරුවට පස්සේ Will නේ කපිතාන්. ඔන්න මිනිහත් ආයේ ඇවිත් (Elizabeth නම් නැහැ :no::no::no:)

    Flying Dutchman පෙන්නනවා 0.20 දි

    තව දෙයක්... Barbossa කියන්නේ මැරුණ එකෙක්.
    එහෙව් එකා හොදට දන්නවා මැරුණ අය ගැන
    Barbossaට Captain Salazar හම්බෙනකොට එකාගේ මුණ...

    Pirates-Of-The-Caribbean-5-Dead-Men-Tell-No-Tales-Trailer-6.jpg


    Barbossaගේ මුනෙන් නම් හොඳක් වෙයි කියල පෙන්නේ නෑ...
    Barbossa තැන දෙකක පෙන්නනවා
    එකක් කොල්ලකරයෙක්ගේ ඇඳුමෙන්, අනික් තැන නාවික ඇඳුමෙන්
    මෙතනත් ලොකු දෙයක් කියවෙනවා :confused::confused::confused:

    ඔන්න අන්තිමට අපේ ලොක්කා මඩ නාගෙන ඉන්නවා

    screen-shot-2017-02-05-at-7-21-05-pm.png

    කාලෙකට පස්සේ බලපු සුපිරිම Trailer එකක්..
    Match එක පැරදුන දුක යන්නත් එක්ක මේක බලන්නකෝ :):):)
    දෙතුන් සැරයක් බලලා තේරුම් ගන්න
    අපි බලමු මොකෝ වෙන්නේ කියල නේ :):):):)
     
    • Like
    Reactions: Utumesh