Piri Reis සිතියම් අභිරහස

radithsam

Active member
  • Sep 1, 2009
    265
    124
    43
    Piri Reis maps update

    මගෙ පොත කියවගෙන යද්දී හොයාගත්තු තව ටිකක් share කරන්න හිතුනා .

    මගේ article එකෙ තිබුනනේ Antarctic පෙදෙස අයිස් වලින් වැසිලා තිබුනේ නැත්තේ ක්‍රි.පු. 13000-9000 අතර කාලයේදී කියලා .මෙම සිතියම් අද්‍යයනය කරපු Charles Hapgood කියන මහාචාර්ය වරයා උපකල්පනයක් ඉදිරිපත් කරලා තියනවලු ඇයි එම කාල වකවානුවේ Antarctic කළාපය අයිස් වලින් තොරව තිබුනේ කියල.

    ගොඩක් අය දන්නවනේ පෘථිවිය හැදිලා තියෙන්නේ ස්ථර වලින් කියල. මුලික ලෙස ගත්තොත් බාහිර ස්තරය (outer crust) සහ ඇතුලත ද්‍රවමය ලවා (molten lava).

    තව දෙයක් තමයි එකක් ලෙස පෙනුනත් outer crust එක තනි කොටසක් නෙවෙයිනේ .ඒක හැදිලා තියෙන්නේ බෙදුන විශාල කොටස් කිපයකින්නේ . මෙවාට කියන්නේ Tectonic Plates කියලා .මේවා එකතැන තියෙන්නේ නැහැනෙ . යට ඇති ද්‍රවමය ලවා මත පාවෙනවා.ගොඩක් අය දන්නවනේ මෙ tectonic plates වදිද්දී තමයි භුමි කම්පා ඇතිවෙන්නේ කියල. හිමාලය , ඇන්ඩීස් වගේ විශාල කදු වැටි හැදිලා තියෙන්නේ Tectonic Plates දෙකක් විරුද්ඩ දිශාවට චලනය වෙලා එකමත එක ගැටී ඇතිවන විශාල තෙරපුම නිසානේ. හැමෝම වගේ දන්න්නවනේ සාගරය පතුලේ තියෙන Tectonic Plates වල චලනයෙන් සුනාමි ඇතිවෙන එක ගැන.

    Charles Hapgood මහාචාර්ය වරයා කියනවා මේ පිළිගැනුණු එකිනෙක විරුද්ද දිශාවට චලනය වන Tectonic Plates වලට අමතරව සමහර වෙලාවට මේ Plates සියල්ල එකම ස්තරයක් වගේ set එක පිටින් චලනය වෙනවලු.(Earth Crust Displacement Theory).හිතාගන්න පුළුවන්නේ මුළු outer crust එකම යට තියෙන ද්‍රව ලාව උඩ කරකැවෙනවා.එතකොට මොකද වෙන්නේ? පෘථිවි ගෝලයේ රටවල් තියෙන තැන් වෙනස් වෙනවා.අංජබජල් නේද?

    මෙ මහාචාර්ය වරයා උපකල්පනය කරනවා ක්‍රි.පු.13000-9000 අතර කාලයේ Antactic කලාපය තියෙන්න ඇත්තේ දැන් තියෙන තැනට අංශක 30 විතර උතුරින් කියලා .එහි උෂ්ණත්වය වැඩි නිසා අයිස් නැතුව තියෙන්න ඇතිලු.පස්සේ කාලෙක Earth Crust Displacement එක නිසා දැන් තියෙන තැනට shift වෙලා අයිස් වලින් වැහෙන්න ඇතිලු. අයින්ස්ටයින් පවා මෙම මතය පිල්ගත්ත කියල තියෙනවා. සිරා නේද?

    හැබැයි මේ කොහොම උනත් අර සිතියම් ඇන්දේ කොහොමද කියල නම් කියන්න බැහැ !

    තව අවුරුදු දහස් ගණනක් යනකොට දැන් තියෙන රටවල් කොහේ තියෙයිද දන්නෑ !!!!!
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    බොහොම ස්තුතියි... ඔබ සොයාගත් දේ අපත් සමග බෙදාගැනීම මහත් සේ අගයමි. අද දවසට දෙවන වරටත් නොදන්නා දෙයක් වගේම හරවත් දෙයක් ඉගන ගත්තා. :yes::yes::yes:

    rep 3+
     
    • Like
    Reactions: radithsam

    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo

    හැබැයි මේ කොහොම උනත් අර සිතියම් ඇන්දේ කොහොමද කියල නම් කියන්න බැහැ !


    රාවණා වගේ දියුණු ශිෂ්ඨාචාරත් තිබිලා තියෙන්නේ බං ගොඩාක් ඈත කාලවල් වල.කවුද කියන්නේ බං දියුණු ශිෂ්ඨාචාර ඇති උනේ මෑතකදී කියලා. තව තව කල් යනකොට තවත් ඈත ශිෂ්ඨාචාර වල සාක්ෂි හොයගනී බං.එතකොට දැන් තියන මත තවත් වෙනස් වෙයි.බුදුහාමුදුරුවෝ කල්ප ගානක් පෙරුම් පුරලා තියනවා අනික තවත් බුදුවරු මේ ලෝකේ පහල වෙලත් තියනවා.ඉතින් මේ ඈත කාලේ ගැන නවීන විද්‍යාවට හිතාගන්න ටවත් හුගක් කාලයක් යයි .

    රේප් + මචන්.
     
    • Like
    Reactions: radithsam

    radithsam

    Active member
  • Sep 1, 2009
    265
    124
    43
    රාවණා වගේ දියුණු ශිෂ්ඨාචාරත් තිබිලා තියෙන්නේ බං ගොඩාක් ඈත කාලවල් වල.කවුද කියන්නේ බං දියුණු ශිෂ්ඨාචාර ඇති උනේ මෑතකදී කියලා. තව තව කල් යනකොට තවත් ඈත ශිෂ්ඨාචාර වල සාක්ෂි හොයගනී බං.එතකොට දැන් තියන මත තවත් වෙනස් වෙයි.බුදුහාමුදුරුවෝ කල්ප ගානක් පෙරුම් පුරලා තියනවා අනික තවත් බුදුවරු මේ ලෝකේ පහල වෙලත් තියනවා.ඉතින් මේ ඈත කාලේ ගැන නවීන විද්‍යාවට හිතාගන්න ටවත් හුගක් කාලයක් යයි .

    රේප් + මචන්.
    අනිවා මචන්! මම දැක්ක මොකකින් හරි ලෝකයට technology බෙදා දුන්නේ ලංකාවේ සිට රාවණ රජුගේ කලේ කියලා . අනික මිට පෙර ලෝකයේ බුදුවරු පහල වෙලා තියනවනේ . ඒකාල වල මොනතරම් දියුණු තාක්ෂණයක් තියෙන්න ඇද්ද? කොහොමත් බටහිර රටවල උන් ඒ රටවල ඇරෙන්න වෙන කොහෙවත් දියුණු තාක්ෂණයක් තිබුන කියල පිළිගන්න කැමති නැහැනේ.
     

    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo
    ඔව ඒ තරම් ඈත කාල වල මිනිස්සු හිටිය කියන්න භෞතිකමය සාක්ෂි නැනේ බං. ඉතින් එකයි ඒවා එහෙම නෙමේ කියල ඔප්පු වෙන්නේ. කාලෙන් කාලෙට ගොඩාක් ඈත දේවල් මෙහෙම හොයාගද්දී ඒවා වෙනස් වෙයි.විද්‍යාව කොහොමත් හැම වෙලේම වෙනස් වෙනවනේ.අද තියන එක නෙමේ හෙට තියෙන්නේ.