Piri Reis maps update
මගෙ පොත කියවගෙන යද්දී හොයාගත්තු තව ටිකක් share කරන්න හිතුනා .
මගේ article එකෙ තිබුනනේ Antarctic පෙදෙස අයිස් වලින් වැසිලා තිබුනේ නැත්තේ ක්‍රි.පු. 13000-9000 අතර කාලයේදී කියලා .මෙම සිතියම් අද්යයනය කරපු Charles Hapgood කියන මහාචාර්ය වරයා උපකල්පනයක් ඉදිරිපත් කරලා තියනවලු ඇයි එම කාල වකවානුවේ Antarctic කළාපය අයිස් වලින් තොරව තිබුනේ කියල.
ගොඩක් අය දන්නවනේ පෘථිවිය හැදිලා තියෙන්නේ ස්ථර වලින් කියල. මුලික ලෙස ගත්තොත් බාහිර ස්තරය (outer crust) සහ ඇතුලත ද්‍රවමය ලවා (molten lava).
තව දෙයක් තමයි එකක් ලෙස පෙනුනත් outer crust එක තනි කොටසක් නෙවෙයිනේ .ඒක හැදිලා තියෙන්නේ බෙදුන විශාල කොටස් කිපයකින්නේ . මෙවාට කියන්නේ Tectonic Plates කියලා .මේවා එකතැන තියෙන්නේ නැහැනෙ . යට ඇති ද්‍රවමය ලවා මත පාවෙනවා.ගොඩක් අය දන්නවනේ මෙ tectonic plates වදිද්දී තමයි භුමි කම්පා ඇතිවෙන්නේ කියල. හිමාලය , ඇන්ඩීස් වගේ විශාල කදු වැටි හැදිලා තියෙන්නේ Tectonic Plates දෙකක් විරුද්ඩ දිශාවට චලනය වෙලා එකමත එක ගැටී ඇතිවන විශාල තෙරපුම නිසානේ. හැමෝම වගේ දන්න්නවනේ සාගරය පතුලේ තියෙන Tectonic Plates වල චලනයෙන් සුනාමි ඇතිවෙන එක ගැන.
Charles Hapgood මහාචාර්ය වරයා කියනවා මේ පිළිගැනුණු එකිනෙක විරුද්ද දිශාවට චලනය වන Tectonic Plates වලට අමතරව සමහර වෙලාවට මේ Plates සියල්ල එකම ස්තරයක් වගේ set එක පිටින් චලනය වෙනවලු.(Earth Crust Displacement Theory).හිතාගන්න පුළුවන්නේ මුළු outer crust එකම යට තියෙන ද්‍රව ලාව උඩ කරකැවෙනවා.එතකොට මොකද වෙන්නේ? පෘථිවි ගෝලයේ රටවල් තියෙන තැන් වෙනස් වෙනවා.අංජබජල් නේද?
මෙ මහාචාර්ය වරයා උපකල්පනය කරනවා ක්‍රි.පු.13000-9000 අතර කාලයේ Antactic කලාපය තියෙන්න ඇත්තේ දැන් තියෙන තැනට අංශක 30 විතර උතුරින් කියලා .එහි උෂ්ණත්වය වැඩි නිසා අයිස් නැතුව තියෙන්න ඇතිලු.පස්සේ කාලෙක Earth Crust Displacement එක නිසා දැන් තියෙන තැනට shift වෙලා අයිස් වලින් වැහෙන්න ඇතිලු. අයින්ස්ටයින් පවා මෙම මතය පිල්ගත්ත කියල තියෙනවා. සිරා නේද?
හැබැයි මේ කොහොම උනත් අර සිතියම් ඇන්දේ කොහොමද කියල නම් කියන්න බැහැ !
තව අවුරුදු දහස් ගණනක් යනකොට දැන් තියෙන රටවල් කොහේ තියෙයිද දන්නෑ !!!!!