Pit Bull ගැනත් දැනගෙන හිටියොත් හොදයි !!!

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Pit Bull ගැනත් දැනගෙන හිටියොත් හොදයි !!!

    Pit Bull කියන්නේ මොකටද කියල බොහෝ දෙනෙක් දන්නැතුව ඇති. ඒත් ඔබ සමහරවිට Pit Bull ව දැකල ඇති. ඔබ R & B, Hip Hop සංගීත ලෝලියෙක් නම් ඔවුන්ගේ වීඩියෝවල Pit Bull හුගක් වෙලාවට ඉන්නව. මෙන්න මෙයා තමයි Pit Bull.

    sJQqZGI.jpg

    මෙයා දෙමුහුන් බළු විශේෂයක්. ඒකියන්නේ බුල්ඩෝග් කියන වර්ගය සහ ටෙරියර් කියන වර්ගය දෙමුහුන් කිරීමෙන් තමයි ඇතිවෙලා තියෙන්නේ. ඇමරිකාවේ වැඩිපුරම ඉන්නේ Pit Bull terrier කියන ජාතියයි. මෙතනදී මෙවැනි බළු විශේෂයක් හදන්න හේතුව තමයි බුල්ඩෝග්ගේ ශක්තියත්, ටෙරියර් කියන වර්ගයේ ජවසම්පන්න ක්‍රියාශීලීත්වයත් එකතු කරල නීති විරෝධි ලෙස සිදුවන බළු පොර සදහා මොවුන් යොදවා ගැනීම. Pit Bull ඒකට කොච්චර ගැලපෙනවද කිවුවොත් මොවුන් පොර සදහා යෙදවූ විට තම ප්‍රතිවාදියා මැරෙන තුරු හො මරණීය තුවාල සිදුවනතෙක් ගැටෙන බවද කියනවා. හරියට ඉස්සර රෝම කාලේ හිටපු ග්ලැඩියේටර්ල වගේ. ඒවගේම මිනිසෙකු පස්සේ හෝ වෙනත් සතෙකු පස්සේ නොනවත්වා දිගු වේලාවක් දුවන්නත් හැකියාව මොවුන්ට ඇති බව කියන අතරම අඩි 7 ක් 8 ක් වුනත් පැනල ඉදිරියට යන්න බැරිකමක්ද නැති බව අවධාරනය කරනවා.

    vEumNCA.jpg



    ඒවගේම මොවුන් ඉතා නිර්භීත සුනඛ වර්ගයක්. ඒවගේම හොදට මාංශ පේශී තියෙන, කෙටි ලොම් සහිත මෘදු හමක් තියෙන විවිද විවද පාටින් යුතු දඩෝරියෙක්. එච්චරම ලොකු බල්ලෙකුත් නෙමේ. උස අඟල් 18 ක් 22 ක් විතරත්, බර කිලෝ ග්‍රෑම් 20 ක් 40 ක් විතර.

    තව භයානක තත්වයක් තමයි. තදින් කෝප ගැන්වුනොත් තමන්ගේ ස්වාමියා වුනත් දරුණු ලෙස හපා කන්න කිසිදු මැලි කමක් මෙයාට නැහැ. විශේෂයෙන්ම කුඩා දරුවන් සහ වෙනත් සුරතලයට ඇති කරන සුනඛයන්ව හපාකාලා මරණිය තුවාල ඇති කරන එකට මෙම Pit Bull ඇමරිකාව තුල සෑහෙන්න සිදු කරල තියෙනවා. ඒක නිසා මෙවැනි බළු විශේෂ ඇති කිරීමෙන් වලකින ලෙස එරට සමහර ප්‍රාන්ත බලධාරීන් විසින් අනතුරු ඇගවීමද සිදු කර තියෙනවා.

    hbDq6u1.jpg



    Rottweiler
    තවදෙයක් තමයි ඇමරිකාව තුල බල්ලන් සපාකෑම අතුරින් වැඩිම සංඛ්‍යාවක් මෙම Pit Bull ගෙන්ද, දෙවනුව තවත් නපුරු බල්ලන් වර්ගයක් වන Rottweiler ගෙන්ද සිදුවන බව සංඛ්‍යා ලේඛන වල දැක්වෙන අතරම ඉතාමත් භීතිය දනවන කරුන ලෙස දක්වා ඇත්තේ මෙම Pit Bull සහ Rottweiler යන දෙවර්ගය දෙමුහුන් කිරීමට සමහර පුද්ගලයන් කටයුතු කිරීමෙන් ඇතිවන සුනඛ වර්ගය මොවුන් දෙවර්ගයටම වඩා අති දරුණු බල්ලන් වර්ගයක් වීම බව තමයි පවසන්නේ.


    PP3SUX8.jpg


    කොහොමවුනත් Pit Bull ලංකාව තුල නම් මම හිතන්නේ තවම ඇති කරන්න තවම එච්චර උවමණාවක් නැති වීමත් සැනසිල්ලට කාරණයක්. මෙන්න මේ වෙබ් අඩවියේ මේ දඩෝරියගේ කෙරුම් ගැන හොද විස්තර තියෙනවා. http://www.pitbull-dogfight-videos.com/
    අපේ නිවසේ ආරක්ෂාවට බල්ලෙක් ඇති කරන්න ඔන තමයි. ඒත් මේ වගේ මිනීකන බල්ලෙක් නම් ?????
     
    • Like
    Reactions: Uthmaxer and Dath

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    රොටලේවල් ද මොක්කුද නම් පට්ට ගනන් නේ බන්....:baffled:

    කතාව ඇත්ත මුන්ගේ තියෙන්නේ භයංකාර පෙනුමක් තමා :oo:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පිට්බුල් නෙමෙයි බන් දැන් එලකිරියෙ ට්‍රෙන්ඩ් එක, අර මුස්ලිම් කෙල්ල. ලැජ්ජයි නෙමෙයි විලි ලැජ්ජයි :P:P:confused::confused:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අප්පටසිරි.. පිට්බුල් ලංකාවෙත් ඉන්නවද බං..
    රැප් කරන එකෙක් ඉන්නව නේද ඔය වගේ..
    :baffled:
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,625
    113
    eka parak patiyek ganna kiyala pathare balala giya. arapu athak na wal ballek wage patiya kale. wenasak hoyaganna ba. passe adahasa atharala rottweiler patiyek gahttha. :lol: :lol: :lol: :lol:
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    Ballawa hadana vidiyath balapanava ban Pit bull unath godak hurathal karala adaren heduwoth u loku wenakota sera bahinava Rotweller lamai balaganna ehema godak thiyenava kiala mama ahala thiyenava