JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser .
ලාබායි....ලාබායි.....
පැය 3 සෙෂන් එකක් 80000/- පමණයි........
සතියක් නොකා හිටපු තම්බියෙක් හරකෙක් දිහා බලනවා වගේ
DJU9's Avatar
DJU9 DJU9 is online now
Senior Member
DJU9 has much to be proud ofDJU9 has much to be proud ofDJU9 has much to be proud ofDJU9 has much to be proud ofDJU9 has much to be proud ofDJU9 has much to be proud ofDJU9 has much to be proud ofDJU9 has much to be proud ofDJU9 has much to be proud ofDJU9 has much to be proud ofDJU9 has much to be proud of
Posts: 55,266
Join Date: Aug 2007
Location: සියනෑ කෝරළේ
Send a message via ICQ to DJU9 Send a message via MSN to DJU9 Send a message via Yahoo to DJU9 Send a message via Skype™ to DJU9
Add to DJU9's Reputation Report Post
Oh! ~ Iraj ගේ වීඩියෝවේ ඔබ නොදත් පැත්ත ~ - Today, 04:14 PM
තරුණ දියණියක විසින් බිරිදගේ වියෝවෙන් පසුව දැඩි සිත් තැවුලෙන් සහ තනිකමෙන් කල් ගත කරන තම වියපත් පියාණන් කෙරෙහි දක්වනු ලබන දයානුකම්පාව සහ ගරු සත්කාර මනා ව පිළිඹිබු කෙරෙන ආකාරයට නිර්මාණය වූ මියුසික් වීඩියෝවකට මහ ජනතාවගෙන් මෙතරම් විරෝධයක් එල්ල වීම අදහා ගත නොහැකිය.
තම පියාගේ තනිකම පාලුව රජයන ජීවිතය කෙරෙහි අනුකම්පා දෑසින් බලන මේ දයාබර දියණිය, සිය සැමියාගේ විරෝධතා මධ්‍යයේ වුව පියාව රැක බලා ගැනීමේ අරමුණින් නැවත මහ ගෙදර බලා එන්නීය. පියාණෝ වනාහී කළෙකට ඉහත සමාජයේ ඉමහත් කිත් පැසසුම් ලබා විසූ කලාකරුවෙකි. වයෝවෘද්ධ භාවයත් සමගම ඔහු සතුවූ ඉසුරුමත් දිවියත් කාලයේ වැලි තලාවෙන් සැඟව ගොසිනි.
පියාගේ කුසගිනි නිවුමට ඇති හැකි පමණින් රස මසවුළු උයා දෙන ඈ, ආනමාලු කෙසෙල් ගෙඩියකින් පමණක් සෑහී කුස පුරවා ගන්නීය. කොලෙස්ටරෝල් අමාරුවෙන් පෙළෙන ඔහුගේ සෞඛ්‍යය ගැන ඉතා සැළකිලිමත් වන මේ දියණිය, සොසේජස් මැද වූ මේදය අධික මදය මිරිකා ඉවත්කර පියාගේ දිව පිනවන්නීය. රෑට රටඉඳි සමඟ පෝෂණීය එළ කිරි වීදුරුවක් සියතින්ම පියාට පිළිගැන්වීමටත් දුව කවදත් අමතක නොකරන්නීය. පා සම්භාහනය කර ඔහුගේ වාත වේදනාවන්ට සහනයක්ද ගෙන දෙන්නීය.
දියණී කෙරෙහි පියාගේද මහත් ලැදි කමක් ඇති සෙයකි. ඇගේ කාමරයට එබී බැලීමෙන්, ලස්සන ලස්සන ඇඳුම් හඳිමින් කන්නාඩිය ඉදිරියේ හැඩ බලන දියණිය දැක ඔහු සතුටට පත් වෙයි. බොහෝ විට එය ඔහුට පෙරපාසල් සමයේ තම බිරිඳගේ සාරි අල්මාරිය ඇර එකින් එක සාරි ඇඳ හැඩ බැලූ පුංචි දෝණිව නැවත සිහිපත් කරවනවා විය හැකිය.
වීඩියෝවේ කෙළවර පියතුමන් තුල සැඟව ගිය කළාකාරුවා නැවත අවදි වන බවක් පෙන්වයි. ඔහු අලුත් ජීවයක් ලැබුවා වැන්න..! තරුණ දියණියගේ ආදර සත්කාර නොවන්නට ගිලන්ව තනිවී මියැදෙන්නට තිබූ ජීවිතයකට ප්‍රාණය වායුව පිඹින්නී දයාබර දියනීමයි.
දෙමව්පිය - දූදරු සබඳතා ගිලිහී යමින් පවතින විසි එක්වන සියවසේ ගර්හිත, ලුම්පන් සමාජ ක්‍රමය තුලත්, එවන් උත්තුංග මානව සබඳතාවන්ගේ මහිමය නොසළකා හැරෙන තත්කාලීන සාහිත්‍ය කළා සන්දර්භයන් තුලත්, ඒ යහගුණයන් උලුප්පා උත්කර්ෂයට නැගීමෙහිලා ඉරාජ් වීරරත්නයන් විසින් මේ වීඩියෝව ඔස්සේ කෙරෙන සත් ප්‍රයාමය අගය කටයුතු බව මගේ පෞද්ගලික අදහසයි. එපමණක් නොව, වඩා සෞඛ්‍යදායී ආහාර රටාවක් හුරු කිරීමෙහිලා, ග්‍රාමීය ආහාර වූ ආනමාලු, මුරුංගා, එළකිරි ආදිය සමාජගත කිරීමටත් ඒ තුලින් ගෙන ඇති උත්සහායද ප්‍රසංශනීයයි. එහෙව් වෙසෙස් නිර්මාණයකට ප්‍රේක්ෂකයන් අතලොස්සකගෙන් වුව එල්ල වන අභූත චෝදනා අදහා ගත නොහැකිය. ලාංකේය ප්‍රේක්ෂකයාගේ රස මනැසට සිදුව ඇති වින්නැහිය මේ සිදුවීමත් සමඟ මනාව පිළිඹිබු වන බව නම් නොකිවමනාය.
----------------------------------
අද අපට හරි සතුටුයියි...........