Pizza (පීසා) හදමු.

sajithgk

Member
Aug 27, 2011
79
73
0
Dallas, Texas
download.jpg

Dough අවශ්‍ය ද්‍රව්‍ය

පිටි 500g
ලුණු 10g
යීස්ට් 10g
බටර් Oil blend කරලා 50g ක්(Olive oil වඩා රසවත්)
කැමති නම් සූදුරු තේ හැදි 1
වතුර 300ml

නිර්මාංස පිරවුමට

තක්කාලි 250g (කුඩාවට තක්කාලි තම්බා chop කර ගන්න)
ලූනු 5g
සුදු ලූනු 5g
එළවළු තෙල්/ඔලිව් තෙල් 15g
Tomato paste තේ හැදි 3
ලුණු 5g
ගම්මිරිස් තේ හැන්දයි
මොසරැල්ලා චීස් 200g

සාදන අාකාරය

පළමුව Dough එක සෑදීම සදහා එම සියළු ද්‍රව්‍යයන් එක් කර අනා ගන්න. වඩා තද ගතියෙන් තොරව සාමාන්‍ය මෘදු පදමට අතේ නොඅැලෙන පදමට සකසා ගන්න. මෙය හොදින් දිග හැර ගනිමින් රවුම් හැඩයට කපා ගන්න. මෙලෙස කපා ගත් Dough එක විනාඩි 15 ක් පමන පිපෙන්නට තබන්න.

දැන් ඔබට Pizza සදහා අවශ්‍ය පිරවුම හෙවත් (tomato concasse) තක්කාලි කොන්කසේ එක මෙලෙස පිලියෙල කල හැකිය. තෙල් ටිකක් සහිත භාජනයක් ලිප තබා එයට සුදු ලූනු, ලූනු හා කපා ගත් තක්කාලිද දමා එය තෙම්පරාදු කරන්න. එයටම Tomato paste එක මුසු කර රස ගැන්විය හැකිය. තවද ලුණු හා ගම්මිරිස්ද අවසානයේ මුසු කරන්න.

මෙලෙස සාදා ගත් මිශ්‍රනය කලින් සකසා ගත් Dough එක මතට යොදාගෙන විනාඩි 20ක් පමණ 150c උෂ්ණත්වයේන් බේක් කර ගන්න.

වඩා රසවත් කර ගැනීමට නම් මොසැරැල්ලා චීස්ද මෙයට මුසු කර ගත හැකිය. මිශ්‍රනයට පමනක් නොව Dough එකටත් චීස් මුසු කර ගැනීමෙන් අැදෙන සුළු බවක් හා ප්‍රණීත රසයක්ද මතු වේ.
ඔබේ රුචිකත්වය අනුව ඉස්සන්, මස් කැබලි fry කරමින්ද උඩින් ඉස ගත හැකිය.

keerthiyaa

Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    ගෑනි හැදුව දවසක්. පාන් කෑල්ලක් එක්ක කනකොට ගෑනිගේ මූන අවුල් බලනකොට pizza එකක්ලු හදල තියෙන්නෙ.. මම හිතුවේ චීස් දාපු ඔම්ලට් එකක් කියල.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,092
    113
    ගෑනි හැදුව දවසක්. පාන් කෑල්ලක් එක්ක කනකොට ගෑනිගේ මූන අවුල් බලනකොට pizza එකක්ලු හදල තියෙන්නෙ.. මම හිතුවේ චීස් දාපු ඔම්ලට් එකක් කියල.

    :rofl::rofl::rofl: ita passe moko une.. :dull:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ගෑනි හැදුව දවසක්. පාන් කෑල්ලක් එක්ක කනකොට ගෑනිගේ මූන අවුල් බලනකොට pizza එකක්ලු හදල තියෙන්නෙ.. මම හිතුවේ චීස් දාපු ඔම්ලට් එකක් කියල.

    :lol::lol::lol::lol::lol:
     
    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    481
    414
    63
    Kandy
    ගෑනි හැදුව දවසක්. පාන් කෑල්ලක් එක්ක කනකොට ගෑනිගේ මූන අවුල් බලනකොට pizza එකක්ලු හදල තියෙන්නෙ.. මම හිතුවේ චීස් දාපු ඔම්ලට් එකක් කියල.

    අම්බෝ ඒක! :D