plasmodium caudatum දෙකට කැඩේ

obama2

Member
Apr 18, 2012
424
30
0
plasmodium caudatum දෙකට කැඩේ

Posted on 04 May 2012.
Rating: 0.0/7 (0 votes cast)


පසුගිය කාලය පුරාම ලංකාවේ ඒකාබද්ධ වම විසින් ජනවාර්ගික අර්බුදය බලය බෙදීම සහ දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශා්ධනය ක්‍රියාත්මක කිරීම යන කාරණා සම්බන්ධයෙන් රට පුරා රැස්වීම් පවත්වමින් ජනතාවට කරුණු පැහැදිලි කරන්නට කටයුතු කරණු ලැබීය. මේ උදෙසා බාහු සහෝදරයාගේ නව වාමාංශික පෙරමුණ සහ සිරිතුංග සහෝදරාගේ එක්සත් සමාජවාදී පක්ෂය ඇතුලු වමේ පක්ෂ විසින් ගනු ලැබූ උත්සහය හිටි අඩියේ උඩු සුලගට හසුව ගසාගෙන ගිය සෙයක් අපට දක්නට ලැබුනි.

එතෙක් පූර්ණ වශයෙන් සිංහල ජාතිවදය පෝෂණය කළ අවසන් කොටි සමාජිකයාත් ඝාතනය කරන තුරු යුද්ධය නතර නොකරන්න යැයි මහින්ද රාජපක්ෂ රජයට බල කල ජනතා විමුක්ති පෙරමුණ දෙකඩ වීමත් සමගම ලංකාවේ දේශපාලනයේ නව දිශානතියක් ආරම්භ විය.ජනතා විමුක්ති පෙරමුණේ වාමවාදී පාර්ශවය යැයි කියූ පිරිස අවසානයේ සිය පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය තවදුරටත් පුපුරායාම නිසා ජන අරගල ව්‍යාපාරය නමින් කළඑලි බැස්සේය.

ජනතා විමුක්ති පෙරමුණේ මේ වාමවාදී පාර්ශවය සිය පක්ෂයෙන් එළියට එන්නේ යුද්ධය අවසන් වීමත් සමගමයි. එනම් උතුරේ අරගලය මුලුමනින්ම මර්ධනය කර අවසන් වූ පසුව හා හතලිස් දහසකට වැඩ් දෙමල වැසියන් පිරිසක් ඝාතනය වනතුරු ජාතිවාදයට එරෙහි නොවූ මේ පිරිස දෙමල අරගලය මුලුමනින්ම පොඩිපට්ටම් කර දැමූ පසුව නියමිත මොහොතේ ජාතිවාදී විරෝධී සටන් පාඨයත් රැගෙන ජනතා විමුක්ති පෙරමුනෙන් පිටතට පැමිනෙයි.


මෙසේ ජන අරගල ව්‍යාපාරය නම්න් රටපුරා දැවැන්ත කටවුට්,බැනර්,පෝස්ටර් ප්‍රදර්ශණය කරමින් දැවැන්ත පොල්කොට වෙිදිකාවන් තනා ජනතාව ඒකරාශීකර සංදර්ශන පවත්වන්නට වූ විට තවදුරටත් පැරණි වාමාංශික නායකයන්ට මේ සිදු වන්නේ කුමක්දැයි අදහා ගන්නට බැරිව ඔල්මොරොන්දන් වී බලා සිටින්නට සිදු විය. විප්ලවය අතලගටම පැමිණි ඇති බවත් ජනතාව ලක්ෂ ගණනින් මේ ව්‍යපාරය වටා රොදබැද ගන්නා සිටිත් සිහිනෙන් දුටු මේ පැරණි වාමාංශික නායකයන් කතා කරන්නටත් පෙරම මේ ව්‍යපාරය සමග අත්වැල් බැදගන්නට සිය කැමැත්තෙන්ම එක්විය. මේ පැරණි වාමාංශිකයන් සමග පශ්චාත් නූතන විකාරකායන්ද එකට වාඩි වී අවසානයේ මේ ඒකාබද්ධ වාමාංශික ව්‍යපාරය විප්ලවය අතලග බව සිහින දකින්නට පටන් ගත්හ. මේ සාමුහික සිහිනය මල්එල ගන්වනු වස් මේ උදවිය විසින් මෙවර මැයි දිනය වමට එක මැයි රැළියක් නමින් සංදර්ශනයක් පවත්වන්නට අවස්ථාවක් කර ගත්හ.


මේ නිසාම පැරණි වාමාංශිකයන් වූ බාහුලා සිරිගුංගලා යාපනයේ පැවැත්වුන විපක්ෂයේ ඒකාබද්ධ මැයි රැලිය වර්ජනය කර වමට එක මැයි රැළියක් පවත්වන්නට කොළඹට ඒකරාශි විය. මෙහි ප්‍රධාන භූමාකාව ජන අරගල ව්‍යාපාරය විසින් රගපානු ලැබූ බැවින් වාමාංශික නායකයන් සිහිනෙන් දුටුවේ මේ මැයි රැළියට ජනතාව විසිතිස් දහසක් පමණ සහභාගී වනු ඇති බවයි. නමුත් අවසානයේ සමස්ථ වමේ ඒකාබද්ධ මැයි රැළියට දෙදසකට තුන්දහසකට වඩා වැඩි පිරිසක් සහභාගී නොවීය. මෙයින් වැඩිපුරම අර්බුදයට ලක් වූයේ ජන අරගල ව්‍යපාරයයි. මේ නිසාම පුබුදු ජයගොඩ සහෝදරයා අවසානයේ මාධ්‍ය හමුවේ පැවසුවේ ලංකාවේ වමේ ව්‍යපාරයේ ශක්තිය ඔලුගෙඩි වලින් මනින්නට බැරි බවයි.


මේ අර්බුදයත් සමගම යළි කිසිම ආකාරයෙන් බෙදිය නොහැකි පක්ෂයක් යැයි සිතා සිටි නව වාමාංශික පෙරමුණ තුල පවා බෙදීමක් හට ගැනීමයි. පරමානුව තවදුරටත් බෙදීමට ලක්කල නොහැකියැයි සිතා සිටි කාලයක පරමානුව යළි කොටස් වලට බෙදී ගිය අකාරයෙන් අවසානයේ plasmodium caudatum ඒකශෛලික සත්වයා දෙකඩ වන ආකාරය අප දුටිමු. වික්‍රමබාහු කරුණාරත්නගේ නායතක්වයෙන් හා ලීනස් ජයතිලකගේ නායකත්වයෙන් නව වාමාංශික පෙරමුණ දෙකඩ වීමෙන් මෙතෙක් ඒකාබද්ධ වමේ ව්‍යාපාරය දකිමින් සිටි සුන්දර සිහිනයෙන් අවදි වන්නට සියල්ලන්ටම සිදු විය.

ඇත්තම වාමංශික මාක්ස්වාදී ව්‍යපාරයක අවශ්‍යතාවය නැවත නැවතත් ජනිත කරමින් වමට එක මැයි රැලියක් නම්වූ නාට්‍ය මේ ආකාරයෙන් නිමාවට පත්විය. මේ රටේ දුක්විදින පංතියේ ජනතා ගැටලු නිවරදිව සංජානනය කර ලෝකය විග්‍රහකරමින් එය වෙනස් කිරීමේ දුෂ්කර,බැරෑරුම්, දේශපාලන යථාර්ථය හොදින් අවබෝධකර ගත් දේශපාන ව්‍යපාරයක් ගොඩ නැගීමේ වගකීම සියලු දෙනා මත ඉතිරි කරමින් දේශපාලනය පිළිබදව නව දිශානතියකට මං පෙත් විවිර වී ඇත.





http://3mana.com