Please read this .. Please

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ක්‍රිකට් මැච් බලන්න මට වේලාවක් නෑ ඒ වෙලාවට හේන උදලු ගානවා


    image_214696ed46.jpg


    යාපනය සිට නුවර දක්වා දිවෙන ්-9 මාර්ගයේ ගමන් කරන විට පලුගස්වැව ප්‍රදේශයේ පිහිටි 127 කිලෝමීටර් කණුව අසලින් දකුණට හැරී කිලෝමීටර් තුනක් පමණ ගමන් කරන විට සට්ටම්බිකුලම නම් දුෂ්කර ගම්මානය පිහිටා තිබේ. මෙම ගම්මානයේ හා අවට ගම්මාන ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ ගොවිතැනයි.

    දිනෙන් දින රටතොට සිදුවන ආර්ථික, දේශපාලන, සාමාජීය වෙනස්වීම් වැනි කාලීන සිදුවීම් පිළිබඳව රටේ ජිවත්වන පුරවැසියන් කුමන ආකාරයකින් දැනුවත් වී සිටි ද යන්න පිළිබඳව විමසන මෙවැන්නකු සමඟ විශේෂාංගයට මෙවර අපට හමු වූයේ ඉහත කී සට්ටම්බිකුලම ගම්මානයේ හේන් ගොවිතැනේ නිරතව සිටි එස්. අවීපාල (57) මහතා මෙසේ කතාබහට එක්වීය.

    ■ ගොවිතැන් කටයුතු එහෙම කොහොමද?

    අස්වැන්න වැඩි තරමට කරගන්න දෙයක් නෑ. (සිනාසෙමින්), මාගේ ප්‍රධාන ජීවනෝපාය ගොවිතැනයි. ඒත් මෙවර සට්ටම්බිකුලම වැවේ ජලය සිඳීයාම හේතුවෙන් පසුගිය යල මහ කන්න දෙකම කර ගන්න බැරි වුණා.


    ■ දැන් මොනවද කරන්නේ ?
    වී ගොවිතැන කරගන්න බැරි වුණාට පස්සේ හේන් ගොවිතැන් පටන් ගත්තා. බණ්ඩක්කා, පතෝල, වැටකොලු, මිරිස් වගා කළා. ඒවා වතුර නැතිව විනාශවෙලා ගියා. මහත්තයලට පේන මේ බටු වගාව කරගෙන යන්නේ ළිදෙන් වතුර පොම්ප කරලා.


    ■ රටේ දැන් හාල් මිල ඉහළ ගිහින්ද තියෙන්නේ?
    රටේ නම් කොහොමද දන්නේ නෑ. අපේ ගමේ පහුගිය දවස්වල හාල් කිලෝ එකක් රු.110 ත් ගත්තා. ජිවිත කාලයටම ඔය තමා හාල් කඩෙන් ගත්තේ. මතක ඇති කාලෙක ඉඳලා ගොවිතැන් කරලා ඉතිරි කර ගත්ත වීවලින් තමයි කෑවේ. රට හාල් අපට පුරුදු නෑ. කැඳ වගේ.


    ■ පොහොර සහානාධාරය දිගටම ලැබෙනවට කැමතිද?
    කැමතියි. කතාවක් තියෙනවා ඒ පොහොර බාලයි. ඇඟට හොඳ නැති රසායනික ද්‍රව්‍ය තියෙනවා කියලා.


    ■ එළවළුවලට හොඳ මිලක් ලැබෙනවාද?
    පහුගිය කාලේ බටු අස්වැන්න නෙළලා දඹුල්ලේ අරන් ගියා. කිලෝ එක රුපියල් පහටවත් දෙන්ඩ බැරි වුණා. බස් එකට ගොඩ වෙන්න ටවුමට එනවිට එළවළු කඩවල වම්බටු කිලෝ එක රුපියල් හැත්තෑවයි කියලා ගහලා තියෙනකොට දුක හිතුණා. අතර මැදියා තමයි හම්බ කරන්නේ.


    ■ රජරට පුරා පැතිරෙන වකුගඩු රෝගය පිළිබඳව දැනුවත් ද?
    ප්‍රවෘත්තිවලින් නම් නෙමෙයි දැනුවත් වුණේ. මේ වෙනකොට මටත් වකුගඩු රෝගය වැළඳිලා. අනුරාධපුර රෝහලේ සායනවලට යනවා.


    ■ කල්කුඩා ප්‍රදේශයේ මත්පැන් නිෂ්පාදනාගාරයකට මත්තලින් වී මෙට්ටි්‍රක් ටොන් 4000 ක් රුපියල් 28 ගානේ නිකුත් කළා කියලා පුවතක් පසුගිය සතියේ අහන්න ලැබුණද?
    දන්නේ නැහැ. එහෙමවෙලා තියෙනවා නම් අහස පොළොව නුහුලන අපරාධයක්. අපේ දාඩිය මහන්සිය නේද?


    ■ දඹදිව ගිය නඩයක කිහිපදෙනෙක් මැරුණා කියලා දන්නවද?
    ගෙවල් ගාව කඬේ ළඟ කතා වුණා. දඹදිව යන්න සල්ලි තියෙන අය නෙමෙයි. තියෙන ආසාවට සල්ලි සම්මාදන් කරලා තමයි යන්නේ. ඒවගේ රට යවන අය ගැන රජය සොයා බලන්න ඕන.


    ■ මැති ඇමැතිවරු නව දෙනෙකුට කෝටි 37 ක සුඛෝපභෝගි වාහන ගන්න හදනවා කියා දන්නවාද?
    ඒක අලුත් ප්‍රවෘත්තියක්ද? හැමදාම ඇහෙන කතාවක්. තවම ගත්තේ නැත්නම් ඒ අයගෙන් ඉල්ලීමක් කරනවා. නියඟයෙන් පීඩාවුණු ගොවීන්ට වන්දි ලෙස ඒ මුදල් බෙදා දෙන්න කියලා.


    ■ ජනාධිපතිවරයා හා කෘෂිකර්ම ඇමැතිවරයා රජරටින් බිහිවෙලා තියෙන එක ගැන ගොවියෙක් ලෙස ඔබ කොහොමද දකින්නේ?
    රජරටින් විතරක් නෙමෙයි ජනාධිපති කොළඹින් පත් වුණත් අපි හම්බ කරොත් තමයි අපිට කන්න ලැබෙන්නේ. රජරට කියලා විශේෂයක් නැහැ.


    ■ පාසල් නිල ඇඳුමේ පාට වෙනස් කරන්න යනවා කියලා දන්නවාද?
    ඒ ගැන නම් දන්නේ නෑ.


    ■ බැඳුම්කර වංචාවක් ගැන හා සයිටම් කියලා උපාධි ආයතනයක් ගැන දන්නවාද?
    හැමෝම කතා වෙනවා. ඒ අය දන්නේත් නෑ මං හිතන විදියට ඒ මොකක්ද කියලා.


    ■ ජංගම දුරකතන පාවිච්චි කරනවාද?
    ඔව්, දඹුල්ලේ මාර්කට් එකට කතා කරලා එළවළු මිල දැනගන්නයි, දරුවන් ගෙදරින් පිටව ගියාම කොහෙද ඉන්නේ කියලා දැනගන්නයි විතරක් පාවිච්චි කරනවා. වැඩිය පාවිච්චි කරන්නේ නැහැ. මොකද කාඞ් එකක් දැම්මම පහුවදා බලනකොට සල්ලි නැහැ.


    ■ ක්‍රිකට් මැච් එහෙම බලනවද?
    ඕවට වේලාවක් නැහැ. ඒ වේලාවේ හේනේ වල් ටිකක් උදුළු ගානවා.


    ■ ෆේස්බුක්/ ගූගල් ගැන දන්නවාද?
    ෆේස්බුක් කියන වචනේ නම් අහලා තියෙනවා. ඒ ගැන මොනවත්ම දන්නේ නැහැ.


    ■ කෝටි එකොළහක ඖෂධ තොගයක් රාජ්‍ය ඖෂධ සංස්ථාවට අයත් ගබඩාවල කල් ඉකුත් වනවා කියලා පුවත්පත් වාර්තා කර තිබුණා. ඒ ගැන දන්නවද?
    නැහැ, එහෙම වෙනම නම් රජය හොයලා බලන්න ඕන. අපි බෙහෙත් ගන්න ඉස්පිරිතාලේට ගියාම භාගයක්ම බෙහෙත් ෆාමසියෙන් තමයි ගන්න වෙන්නේ.



    ■ පත්තර කියවනවාද?
    අනේ නෑ. හේන් වැඩවලට ගියාම පත්තර කියවන්න වේලාවක් නෑ. අනික පත්තරයක් ගන්නව නම් ලොකු දුරක් ගෙවා මිහින්තලයට හරි ගල්කුලමට හරි යන්න වෙනවා.



    ■ රූපවාහිණි නරඹනවාද?
    කලාතුරකින් බැලෙනවා. ඒත් ප්‍රවෘත්ති යන වේලාවට හේනේ. සත්තු එළවන්න ගිහිල්ලා.



    ■ ආණ්ඩුවෙන් ඉල්ලන්න දෙයක් තියෙනවද?
    ඔව්. වැරදි කරන අය කවුරු උනත් පක්ෂ පාට නොබලා අත්අඩංගුවට ගන්න කියලා ඉල්ලනවා. මේ ගම්මානවල වැව්වලට ජලය පුරවන්න පුළුවන් ජල යෝජනා ක්‍රමයක් ඉක්මනින් ඇති කරන්න කියලා ජනාධිපතිතුමාගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා.



    ■ අනාගත බලාපොරොත්තු මොනවාද?
    මට දරුවන් හතර දෙනෙක් ඉන්නවා. මගේ ඇස් දෙක පියවෙන්න කලින් ඒ අයට හොඳ අනාගතයක් හදලා දෙන්න තමයි ඉතින්.

    සටහන - ඡායාරූප
    අනුරාධපුර චතුරංග සඳරැස්ගම
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ■ ජනාධිපතිවරයා හා කෘෂිකර්ම ඇමැතිවරයා රජරටින් බිහිවෙලා තියෙන එක ගැන ගොවියෙක් ලෙස ඔබ කොහොමද දකින්නේ?
    රජරටින් විතරක් නෙමෙයි ජනාධිපති කොළඹින් පත් වුණත් අපි හම්බ කරොත් තමයි අපිට කන්න ලැබෙන්නේ. රජරට කියලා විශේෂයක් නැහැ.

    ■ ක්‍රිකට් මැච් එහෙම බලනවද?
    ඕවට වේලාවක් නැහැ. ඒ වේලාවේ හේනේ වල් ටිකක් උදුළු ගානවා.

    :D :love: :yes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ගොවි පුතෙකුයි ආර්ථික ඔස්තාර් කෙනෙකුයි රට කරන්නේ කියලා දැනුවත් ද ? :nerd:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    කොළඹින් අගමැතියෙක් පත් වුනේ.ඔය කොලේ මිනිහා.මහ බැංකුවටත් කෙළලා නතර වුනේ.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔන්න් ඕකයි ලංකාවේ ඇත්ත තත්වේ .මෙහෙ ෆේස්බුක් බලල ඇමරිකන් වැඩසටහන් බලල කොලබ ඉදන් මුළු ලංකාවටම දේවල් තීන්දු තීරණේ කරනවා:dull:

    ඉතින් හරියයිද ?
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    onna okai kathaawa...
    pau ban ahinsaka minissu...
    batu 1kg ru 5tawath denna ba.habayi kade patta ganan...
     

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    කල්කුඩා ප්‍රදේශයේ මත්පැන් නිෂ්පාදනාගාරයකට මත්තලින් වී මෙට්ටි්‍රක් ටොන් 4000 ක් රුපියල් 28 ගානේ නිකුත් කළා කියලා පුවතක් පසුගිය සතියේ අහන්න ලැබුණද?
    දන්නේ නැහැ. එහෙමවෙලා තියෙනවා නම් අහස පොළොව නුහුලන අපරාධයක්. අපේ දාඩිය මහන්සිය නේද?

    ■ ක්‍රිකට් මැච් එහෙම බලනවද?
    ඕවට වේලාවක් නැහැ. ඒ වේලාවේ හේනේ වල් ටිකක් උදුළු ගානවා.
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    හෙද සේවකයන්ට බයේ ඇගිලි සලකුණු යන්ත්‍රය ගේන වැඩ පිළිවල හකුලගන්න ආණ්ඩුවක් අනිත් දේවල් කොහොම ක්‍රියාත්මක කරන්නද?