Pls Help Them pls!

Mozilla

Well-known member
  • ජීවිතය යදිනා පිළිකා රෝගීන්ට
    හැකි පමණින් උදව් කරමු

    එක්‌ දිනකින් නැතිනම් දින දෙකකින් ජීවිතය දිගු කරන්නට යෑයි අයදින මේ ලොකු කුඩා බාල මහලු හැමදෙනාගේ ම මුහුණුවල තිබෙන්නේ වචනයෙන් කියන්න බැරි කණගාටුවකි. මම මේ පිවිසෙන පරිසරය බොහෝ ශාන්ත වූ බෝ දළුවලින් සිලි සිලි හඬ පතුරුවන කුඩා පින් බිමකි. ඔබගේ නෙත් පමණක්‌ නොව හදවත ද සන්වේදීකරවන මේ පින්බිමට මට යන්නට වරම් ලැබුණේ ඉතා අහම්බෙනි. මේ මහරගම ජාතික පිළිකා රෝහලේ ප්‍රධාන පිවිසුම් දොරටුවට දකුණුපසින් පිහිටා තිබෙන නල්ලවත්ත පටුමගේ යාර 50 ක දුරින් පිහිටා ඇති සුබසාධක පන්සලයි.

    දවසින් දවස මරු තුරුළට ඇදගන්නා බව දැන දැනත් එය දරා ගත නොහැකිව මවක්‌ මා ඉදිරිපිට දීම විහාරාධිපති සීවලි හිමියන් පාමුල හඬා වැටුණි. හිසේ එකදු කෙස්‌ගසක්‌ වත් නොමැති කෙමෙන් දිරා යන සිරුරකට හිමිකම් කියන මේ අහිංසක මාතාව "අනේ හාමුදුරුවනේ වට්‌ටුවෙන් කියනවා මේ ඉන්ජක්‌ෂන් එක සවස 04.00 ට ඉස්‌සෙල්ලා ගෙනත් දෙන්න කියලා. නැතිනම් ඊයේ ඔබ වහන්සේ අරන් දුන්න රුපියල් 18,500 ඉන්ජෙක්‌ෂන් එකත් මට ගහන්න විදිහක්‌ නැති ලු. අනේ හාමුදුරුවනේ මට මේ ඉන්ජෙක්‌ෂන් එක අරන් දෙන්න. "ඇය හඬමින් දොහොත්a මුදුන් දෙමින් ආයාචනය කරයි. පොඩි හාමුදුරුවෝ හුඟක්‌ අසරණ වුණි. "රුපියල් පන්දහසක්‌ වටිනා තවත් ඉන්ජෙක්‌ෂන් එකක්‌....... හවස 04 ට තව පැය කිහිපයයි." සීවලී හාමුදුරුවෝ තමාට ම කියා ගත්තා. ඒ මාතාවගේ දෙනෙතින් කඳුළු නොනවත්වා වැටෙන්නට ගත්තා. "අම්මේ දොස්‌තර මහත්තයාට කියන්න හෙට උදේම මම ඉන්ජෙක්‌ෂන් එක ගෙනත් දෙනවා කියලා. " සෝ සුසුම් මැද එම මාතාව හාමුදුරුවන්ට වඳිමින් ඉවත්ව ගියා.

    "ඔහොම තමයි දවසකට දහපහලොස්‌ දෙනෙකු අසරණකම, දුක කියා ගෙන මගේ ළඟට එනවා. පන්සලේ හැමතැනම වඳින්නේ, ගිමන් නිවන්නේ අසරණ රෝගීන්. මේ අපට ඇසුනු එක්‌ කතාවක්‌ පමණයි.

    තිස්‌ දෙහැවිරිදි වියේ පසු වන වෑගන්තලේ සීවලී හිමියන් මෙම අසරණ රෝගීන්ගේ දුකට සැපට හැම මොහොතකදීම පිහිට වෙනවා. විකිරණ ප්‍රතිකාර ලබා ගැනීමට දිවයිනේ හතර දෙසින් ම එන රෝගීන්ට මෙම සුබසාධන පන්සල් භූමියට පැමිණියහොත් පිරිසිදුව පිසින ලද බත් වේලකින් සංග්‍රහ කරන්න විහාරාධිපති හිමියන් අමතක කරන්නේ නැහැ. ඉඩ කඩ අනුව බිම අතුරන ලද පැදුරක ගිමන් හරින්නට හිත සුවපත් කර ගන්නට මේ පන්සල් භූමියේ ඕනෑම රෝගියෙකුට ඉඩ තියෙනවා. ඉහත අපි සඳහන් කළ කතාව වගේ කතා දහස්‌ ගණනක්‌ මෙම භූමියේ වෙසෙන ජනතාවගේ හිත් තුළ තෙරපෙමින් තිබෙනවා. අප සඳහන් කළේ එක්‌ කතාවක්‌ පමණයි. මෙහි ඇති අනෙක්‌ පැත්ත වන්නේ තවත් කොටසක්‌ මේ අසරණ ලෙඩුන්ට තුන්වේලම කන්න බොන්න සහ ඉඳුම් හිටුම් නොමිලේ ලබාදීම පිළිබඳව වෛරයෙන් කටයුතු කිරීමයි. එයට හේතුව ලෙස පෙන්වා දිය හැක්‌කේ හිතා ගන්නවත් බැරි මුදලකට කෑම සහ ඉඳුම් හිටුම් අලෙවි කරන්නට කොටසක්‌ මෙම ප්‍රදේශයේ සැදී පැහැදී සිටීමයි. මාගේ ආයාචනය වන්නේ අප සියලු දෙනාම එක්‌වී මේ දිරිය සේවයට අපට හැකි අයුරින් උපකාර කරමු යන්නයි. අමිල සේවයක්‌ ලෙස පහන් සිතක්‌ ඇතිව සීවලී හිමියන් ඉටුකරනා සමාජ මෙහෙවරට ඔබටත් දායක විය හැකිය. ආදරණීය මව්වරුනි , පියවරුනි, වැඩිහිටියනි, ඔබගේ දරුවන්ගේ උපන්දින උත්සවයට හෝ වෙනත් විශේෂ අවස්‌ථාවක්‌ වෙනුවෙන් වියදම් කරනා මුදල් මෙම පන්සල වෙත ලබාදීමෙන් මහත් වූ සමාජ මෙහෙවරකට ඔබට දායක විය හැකියි. ජීවිතයත් මරණයත් අතර සටන් කරන කොටසකගේ බෙහෙත් වර්ග, ආහාර පාන, සුබසාධක කටයුතු වෙනුවෙන් වියදම් කරනා මුදල් කිසිදු ලාභයක්‌ අපේක්‌ෂාවෙන් තොරව සේවය කරනා හිමිනමට හෝ සුබසාධන පන්සලට හෝ ලබාදිය හැකියි. ඒ සඳහා ඔබට හැකි පමණින් උදව් කළ හැකිය.

    දුරකතන අංක 011-2851967 , 071-6531011 .



    චිත්‍රා ප්‍රේමතිලක
    http://www.navaliya.com/2011/06/20/health1.html
     

    mendis

    Member
    Oct 27, 2006
    69
    6
    0
    හොද වැඩක් !!! ස්තුති යාළුවා දැනුවත් කරාට..........