සරත් ෆොන්සේකා එදා සහ අද
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාත්, මහින්ද රාජපක්ෂ ජනපතිත් අතර ඇතිවී ඇති අර්බූදයෙන් ප්රයෝජන ගන්නේ ජාතිවාදී සුලු පක්ෂය. මෙ අවස්ථාවෙදී කණගාටුවට කරුණක් වන්නේ, ජනතා විමුක්ති පෙරමුණත්, එක්සත් ජාතික පක්ෂයත්, ජාතිවාදී සුලු පක්ෂ කීපයක් සමග එකතුවී විනාශ කිරීමට යන මෙරට ජාතික එකමුතුවයි.
මෙම තකතීරු දේශපාලන පලිගැනීමෙන් වාසිය සැලසෙන්නේ තවමත් හොල්මන් කරන ජාත්යන්තර කොටි සංවිධානයටත් මෙරට සිටින එන්.ජී.ඕ. නඩයටත්, ජාත්යන්තර බටහිර බලවේග වල සහ බෙදුම්වාදයටයි.
එක්සත් ජාතික පක්ෂයෙත්, ජනතා විමුක්ති පෙරමුණෙත්, ජනාධිපති පුටුවට ප්රධාන සටන් පාඨයවී ඇත්තේ විධායක ජනාධිපති තනතුර අහෝසි කිරීමයි.ඉදිරියේදී මතුවිය හැකි අර්බූදයක සාධක දැනටමත් මතු වෙමින් ඇත. රනිල් වික්රමසිංහ,මංගල සමරවීර, මනෝ ගනේෂන්, රවුෆ් හකීම් සහ ජනතා විමුක්ති පෙරමුණටත් අවශ්යව ඇත්තේ ජනාධිපති මහින්ද රජපක්ෂ මහතා සමග ඇති පෞද්ගලික අමනාපයක පලිගැනීමකි
Last edited:



