Hi All,
first of all my English not perfect..
but i want to explain something really gud coz i feel it good u guys also ..
I do watch Pornography but not addicted sometime 2 or 3 times per week
i need quit watching porn completely..
i have found good article in net
want share with you ..coz i think what he saying is correct
i want try ..but not easy .. but want try ..
නිල් සිනමාව නැරඹීම අත් හැරියේ ඇයි?
නිල් සිනමාව (Pornography) පිළිබඳ වෙනස් ප්‍රවිෂ්ටයක් සහිත Ran Gavrieliගේ මේ දෙසුම, ජාලගත අවකාශයන් තුළ අති විශාල පිරිසකගේ අවධානයට ලක් වූවක්. බොහෝ විවාදපන්න විය හැකි ජනප්‍රිය නොවන මතයක් වෙනුවෙන්, සරල පැහැදිලි කිරීම් සමගින් කරන ලද හෘදයාංගම මැදිහත් වීමකි.
හේතු දෙකක් නිසා මම නිල් සිනමාව නරඹන්නේ නැහැ. පළමු හේතුව- එමගින් මගේ පුද්ගලික කල්පනා ලෝකය කෝපයෙන් සහ ප්‍රචණ්ඩත්වයෙන් පුරවා දමනවා. කෝපය සහ ප්‍රචණත්වය මා තුළ තිබූ දෙයක් නොවේ. එය මට අවශ්‍ය දෙයකුත් නොවේ. ඒ මගේ විදිහත් නොවේ. කියන එක ලේසියි කරනවට වඩා. නමුත්, මම නිල් චිත්‍රපට බැලීම අත් හරින්න තීරණයක් ගත්තා.
දෙවන හේතුව, මම නිල් චිත්‍රපට බැලීමෙන් තමයි චිත්‍රපට ආශ්‍රිත ගණිකා වෘත්තිය සඳහා නිෂ්පාදන ඉල්ලුමක් නිර්මාණය කෙරෙන්නේ. මොකද ඒක තමයි ඇත්තටම නිල් සිනමාව කියන්නේ. කැමරාකරන ලද ගණිකා වෘත්තිය. "Pornē" යන්නෙන් කියවෙන්නේ ගණිකාව යන අදහස, "graphia" කියන්නේ වාර්තාකරණය කියන එක. ගණිකා වෘත්තිය කියන්නේ කිසිවෙකු හෝ ළමා කාලයේදී මැවූ සිහිනයක්වත් ප්‍රාර්ථනයක්වත් නොවේ. එය ගැටළු සහ කම්කටොලු හේතු කොටගත් ප්‍රතිඵලයක් පමණයි. ගණිකා වෘත්තියේ නියැලෙන පිරිමින් සහ ගැහැණුන්ට උදවු කිරීම සඳහා ස්වේච්ඡාවෙන් වැඩ කිරීමට පටන් ගත් විට තමයි මා මෙය කෙමෙන් අවබෝධ කර ගත්තේ.
ඉන් සමහරුන් මිනිස් ජාවාරම්වල ගොදුරු. ගණිකා මඩම් වල සේවය කරන්නවුන්, වීදි කොණේ හෝ පාලම් යට දිවි ගෙවන්නවුන්. නිල් චිත්‍රපට සහ ගණිකා වෘත්තියේ යාන්ත්‍රණය දැන ගැනීමට, ඔබටත් මා මෙන් වැඩ කිරීමට අවශ්‍ය ම වන්නේ නැහැ. නිල් චිත්‍රපට කියන්නේ ශෘංගාරය සමග හෝ යහපත් ලිංගික සන්නිවේදනය සම්බන්ධ ප්‍රභේදයක් නොවෙයි; එය මුළුමනින් ම ස්ත්‍රීන් මත පුරුෂාධිපත්‍යය පැටවීමක්. ස්ත්‍රීන් පහත් කොට සැලකීමක්. ලිංගික ක්‍රියාවේ දී පමණක් නොවෙයි, සාමාන්‍ය වශයෙනුත්, ලිංග-ධූරාවලියක් පවතිනවා. නිල් චිත්‍රපට සැලකුවහොත්, ලිංගිකත්වය යන්නට ඇති නිර්වචනය, සීමාව කුමක්ද? පිරිමි එය සලකන්නේ, ගැහැණියකගෙ බෙල්ල හිර කර ගැනීමක් වශයෙන්ද? එකදු පිරිමැදීමක්, වැළඳ ගැනීමක්, හාදුවක් හෝ නැති කිසිදු මෘදු ප්‍රේමාලිංගනයක් හෝ නැති හුදු තිරිසන් ලිංගික ක්‍රියාවක් වශයෙන්ද? ගැහැණියක හෝ දරුවෙකු කෑ ගසනු හඬනු දැකීමෙන් මිනිහෙකුට හැඟීම් ඇවිස්සෙනවාද? ලිංගිකත්වය කියන්නේ ඒකද? එමගින් මිනිහෙකුගේ හැඟීම් අවුස්සා ස්ත්‍රියක් දූෂණය කරන්නට පොළඹවනවා ද?
අන්තර්ජාලයේ ඇති සියළු ප්‍රධාන අශ්ශීල වීඩියෝ ගැලරි සියල්ලෙහි ම අපට (ස්ත්‍රී) දූෂණ කැටගරිය (rape) සහ කාමුක ලැජ්ජාකිරීම් කැටගරිය (humiliation) හමුවෙනවා. ඊට අමතරව අපයෝජන කැටගරිය (abuse), අපරාධ කැටගරිය (crime) ආදී වශයෙන්. හරියට නිකං සාමාන්‍ය අශ්ශීල වීඩියෝවල ඔය කියන කැටගරිවලින් කියවෙන දේවල් අඩංගු නොවෙනවා වගේ තමයි මේවා වෙනම වර්ග කොට දක්වා තිබෙන්නේ.
ඉතාම මෘදු මට්ටමේ අශ්ශීල වීඩියෝවල පවා 80%ක් 90%ක් ම ලිංගික ක්‍රියා පෙන්වන්නේ සහභාගී වන්නන්ගේ අත් භාවිතා නොකරන ක්‍රියා වශයෙන්. ඒ අප ඇත්ත ජීවිතේ කැමති විදිහ නොවෙයි. සුරතල් කිරීම්, ප්‍රේමාලිංගන, පිරිමැදීම්, හාදු දීම්, වැළඳ ගැනීම් වගේ හැඟීම්බර ක්‍රියා කැමරාවට නගන්න අශ්ශීල වීඩියෝ කැමරාකරුවන් කැමති නැහැ. ඔවුන් කැමති ඇතුළට දැමීම කැමරා කරන්න. සාමාන්‍ය විදිහ මෙහෙමයි. පිරිමියෙක් සහ ගැහැණියෙක්, ඔහුගෙ පුරුෂලිංගය ඇයගෙ ඇතුළෙ. කොහේ ඇතුළෙද කියන එක වැදගත් නෑ. කොහේ හරි ඇතුළෙ. මේ ඇතුළට දැමීමේ අතිශය සමීප රූපය ගන්න පුළුවන් වෙන විදිහට, කැමරාව අවහිර නොවෙන විදිහට, බොහෝ විට ඔහු ඔහුගෙ අත් දෙක පිටට තියාගෙනයි රඟපාන්නෙ.
ගැහැණිය අසීරු ඉරියවුවකින්. ඇය ඇයගේ කෙස් ගසකුදු අවුල් කර නොගෙන, වේශ නිරූපණය අවුල් කර නොගෙන තමන් තුළ ඇති පිරිමි ශිශ්නය පාලනය කරගන්න ඕනේ. මොකද ඇය තමන් වෙනුවෙන් දරන ලද කාලය සහ මුදල් ආයෝජනය සුරැකිය යුතුයි. ඒ ඔහුගේ චණ්ඩ චලනයත් කැමරාවත් අවහිර නොවන්නට ද වග බලා ගනිමින්. දැන් ප්‍රතිඵලය තමයි, මිනිස්සු දෙන්නෙක් ලිංගිකව එකතු වෙනවා. වෙනස් හැඩයකින්, වෙනස් කරණම් ඉරියවුවකින්. නමුත් ඔවුන් ලිංගිකව එක් වෙනවා. එකට ගෑවෙන එකම ශරීරාංග වෙන්නේ ඔහුගෙ ශිශ්නයත්, ඇගේ ශරීරයට එය ප්‍රවිශ්ට කෙරෙන ස්ථානයත් පමණයි. අත් වල සම්බන්ධයක් නැහැ.
මම අවුරුද්දකට 250-300 වතාවක් සොල්දාදුවන්, ශිෂ්‍යයින් එක්ක කතා කරනවා. ඒ කිසිම කෙනෙක් ඇවිත් මට මෙහෙම කියලා නැහැ; "රන්, මට පොඩි කාලෙ පටන් ඕන වුනේ ඔය අත් නැතුව සෙක්ස් කිරිල්ල, මට ඕන වුනේ කෙළින්ම ඇතුළට දාන්න. අතගාන්න, ඉඹින්න මට ඕන වුනේ
නැහැ."කවුරුවත් ම එහෙම කියලා නැහැ. අශ්ශීල වීඩියෝ වලට පෙර. ඒත් ඉන් පසු, අශ්ශීල වීඩියෝ බලන්න කලින් මගේ කල්පනා ලෝකයේ හැමවෙලේම කතන්දරයක් තිබුණා. අන්‍යෝන්‍ය එකඟ වීම් සහ හැඟීම්බර ආකර්ශණයක් ඇති කතන්දරයක්. මම කොයි වෙලෙත් කල්පනා කළා මම ඇයට මොනවද කියන්නේ? ඇගේ උත්තරය මොකක් වෙයිද? ඇත්ත ජීවිතේ ඒ හිතූ හැටියෙන් නොවුනා වෙන්න පුළුවන්. ඒත්, එය මගෙ හිතේ තිබුණා. තැන, පසුබිම, ඒ කොහේ වේවිද? එක් වරම අපි දෙන්නා තනි වුනහම අපි දෙන්නට මොනවා වෙයිද? අපේ ශරීර හරහා පියවරෙන් පියවර ඒ අනුරාග ගින්න ඇවිලෙමින් යද්දි මක් වෙයිද? මේ සියල්ල හරිම වැදගත් සහ අදාළ දේවල්, නිල් සිනමාව එන්න කලින්.
අශ්ශීල වීඩියෝ බැලීම පුරුද්දක් වූ පසු, එය ඔබේ සිතිවිලිත් මොළයත් ආක්‍රමණය කරනවා. අන්න ඔබට ඔබේ පරිකල්පනය අහිමි වෙනවා. එය මම ම අත් දුටුවා. ස්වයං වින්දනය කරද්දි ඇස් වහගෙන යමක් සිතෙහි මවා ගන්න ගන්න යද්දි ඒක කරන්න බැහැ. ඔලුවට කඩා ගෙන වදින්නෙ, අර කෙළසීමට ලක් වුනු, කුරිරු ශුක්‍රාණු වතාවත් වලින් මාරෙට විනෝද වෙන බව බොරුවට රඟපාන්න බල කරපු ගැහැණු. ඉතින් ඕකයි ප්‍රතිඵලය. අපි සියල්ලන් මේ අශ්ශීලත්වයේ අනතුරට භාජනය වියහැකි සීමාවේ සිටින්නේ. හුදෙක් තරුණ තරුණියන් ම නොවෙයි. ප්‍රවේශම් විය යුතුයි.
අපට අවශ්‍ය වුනත් නැතත් නිල් සිනමාව අපේ නිවෙස් තුළට ඇවිත් තියෙන්නේ. අන්තර්ජාලයේ, ජංගම දුරකතන සියල්ලකම පාහේ. ගැටවර වයසේ 90%ක් ම නිතිපතා නිල් සිනමාව නරඹනවා. එය ඇබ්බැහිකාරක වෙනවා වාගේම අක්‍රිය කරවන සුළු බලපෑමකින් යුක්තයි. එමගින් නිල් සිනමාව මත පරායත්ත වීමක් සිදු කෙරෙන නිසා එය ඇබ්බැහිකාරකයි. විශේෂයෙන් තරුණයන් සහ වැඩිහිටි පුරුෂන් තුළ, විශාල පුරුෂ ලිංගයක් තිබීම හා දීර්ඝ සෘජු වීමක් සහිත වීම යන කාරණා උත්කර්ෂයට නංවන නිසා එය අක්‍රියකාරකයි. නිල් සිනමාවට අනුව, නියම ලිංගික සහකරුවෙකු වීම සඳහා අනෙකා කෙරෙහි හැඟීම්බර වීම, සාවධාන වීම, පරිත්‍යාගශීලී වීම හෝ සමායෝජනය යන මේ කිසිවක් අවශ්‍ය නැහැ. අවශ්‍ය වන්නේ යෝධ ශිශ්නයක් සහ සදාකාලික සෘජු වීමක් පමණයි. පිරිමි ළමුන් අක්‍රිය වන්නේ අන්න එතැනදියි. බොහෝ විට වෙන්නේ ඔවුන් තමන් දකින දෙයෙහි අනුකාරකයින් වීමයි. ආක්‍රමණශීලී වීමයි.
කාන්තාවන් දෙසට හැරුනොත්, ගැහැණු ළමුන් නිල් සිනමාව ගැන පණිවුඩය ලබා ගන්නේ හුදෙක් අධි ක්‍රියාකාරී නිල් සිනමාවෙන් (hardcore porn) පමණක් ම නොවේ, නිල් සිනමාවේ බලපෑමට නතු වුනු ප්‍රධාන ධාරාවේ සංස්කෘතියෙන්. ලේඩි ගගා හෝ මයිලී සයිරස්ගේ වීඩියෝ හෝ වෙළඳ දැන්වීම් දැක තිබෙනවාද? ඒවා ඇඳුම් සහිත නිල් වීඩියෝ. එයින් ගැහැණු ළමුන් ගන්නා හැඟීම තමයි ආදරය ලැබීමට නම්, ලිංගික කැමැත්ත වැදගත් වෙනවාය කියන එක. දැන්, ලිංගික කැමැත්ත යන යෙදුම "නිල් සිනමා තරුවක් (porn star) වගේ වීම" යන්නට මුළුමනින් පාහේ සමාන යෙදුමක් වී තිබෙනවා.
මම දුසිම් ගණන් උසස් පාසල් සිසු සිසුවියන් සමග වැඩ කරනවා. මේ සෑම පාසලකම, තමන්ගේ හිත දිනූ ගැටවරයා සතුටු කරන්නට යාමෙන් අමාරුවේ වැටුණු සිසුවියන් ඉන්නවා. මේ ගැටවරයන් කරන්නේ ගැහැණු ළමුන්ගේ විශ්වාසය අයුතු ලෙස පාවිච්චි කිරීම. හැම වෙලේම ඇහෙන්නේ එකම කතාව. ඔවුන් ඒ විශ්වාසය වට්ස් ඇප් හෝ අන්තර්ජාලයේ හෝ විකුණන්නට තබනවා. සාමාන්‍යයෙන් කිසිවෙක් අර ගැටවරයාට සදාචාරාත්මක විවේචනයක් කරන්නේ නැහැ. සියළු ලැජ්ජාවන් නිග්‍රහ කිරීම් හිමි වන්නේ ගැහැණු ළමයාටයි. ඔවුන්ට පාසල වෙනස් කිරීමට පුළුවන්. සාමාන්‍යයෙන් පාසල ම ඔවුන් ව හලලා දානවා. ඔවුන්ට වෙනත් නගරයකට පදිංචියට යා හැකියි. ඒත් අර සිදුවීම දිගටම සමාජ ජාල ඇතුළේ හොල්මන් කරමින් දෝංකාර දෙනවා. ඔවුන් සායනික අවපීඩන මානසිකත්වයට පත් වෙනවා. ආහාර ගැනීමේ බරපතල සංකූලතා. දරුණු සමාජමය හුදකලාව. ඉතින් සමහරු, හරියට අර අමන්දා ටොඩ් වගේ සිය දිවි හානි කර ගන්නවා. ඒ ඔවුන්ට ඔවුන් තුළ හෝ ජීවිතයෙහි තව දුරටත් වටිනාකමක් නැති නිසා. නිල් සිනමාව ගෘහාශ්‍රිතව පැන නගින බරපතළ ගැටළුවක් පමණක් නොවේ; එය ඇතැම් විට ජීවිතය සහ මරණය අතර දෝලනය වන ප්‍රශ්ණයක්.
නිල් සිනමාව අදහස් පළ කිරීමේ හෝ භාෂණයේ නිදහස සමග බැඳුණු කිසිවක් නොවේ. එය ලිංගික සූරා කෑමේ, බලහත්කාරකමේ, මිනිස් ජාවාරමේ, දූෂණයේ, අපචාරයේ, ගණිකා තැරැව්කාරකමේ ප්‍රතිමූර්තියක්. විධිමත් කොන්ත්‍රාතු හෝ නිෂ්පාදන සමාගම් හිමි එක් නිල් සිනමා තරුවකට, එබඳු පැවැත්මක් හදා ගත නොහැකි වූ තරුණියන් ගැහැණුන් සිය දහස් ගණනක් සිටිනවා. ඇත්ත වශයෙන් ම බහුතරයකට එබඳු ස්ථාවරත්වයකට ළඟා විය නොහැකියි. ලිංගික කර්මාන්තය ඔවුන් ව හපලා හප කරලා මුල්ලකට කෙළ ගහනවා. ගණිකා මඩම් වලට, වීදියට, මසාජ් පාලර් වලට. මම විහිළු කරනවා නොවේ. මේ තමා ගණිකා වෘත්තියේ සමස්ත ප්‍රේක්ෂාවලිය. බොහොමයක් දෙනෙකු වයස අවුරුදු පණහ වෙන තුරුවත් අල්ලා ගෙන ඉන්නෙ නැහැ. මා මේ කතා කරන්නේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 75ක් 76ක් වූ රටවල් තුළ මේ අය ජීවත්ව ඉන්නේ අවුරුදු පණහක් විතර. ප්‍රධාන හේතු හතරක් තිබෙනවා. මත් ද්‍රව්‍ය, ලිංගිකව බෝවන රෝග (STD), පාරිභෝගිකයෙක්- පිම්පියෙක් හෝ පෙම්වතෙකු විසින් ඝාතනය කරනු ලැබීම, හතරවැනි හේතුව;සිය දිවි හානි කරගැනීම. කැමරාව ඉදිරියේ හෝ නැතිව හෝ ගණිකාවක් වීම යනු සමාජය විසින් පිළිගන්නා මරණයක් පවා ඔබට අහිමි වීමක්. කිසියම්ම මොහොතක හෝ ගණිකා සේවනය කළ, ගණිකා නිවාසයකට අවම තරමේ වරක් දෙවරක් හෝ ගොස් ඇති මිනිසුන් සමග අපි රාත්‍රී භෝජනයට වාඩි වෙනවා. ඒත් අපි කවරදාකවත් ගණිකාවක් සමග එසේ වාඩි වෙනවාද?
මා රහසින් මගේ කාමරයේ සිට නිල් සිනමාව නැරඹීම මගින් ඒ සඳහා ඉල්ලුමක් නිර්මාණය කරනවා. ඉල්ලුම කොහේද ඇත්තේ එතනට සැපයුම එනවා. එහි ඇත්තේ අන්‍යෝන්‍ය සම්බන්ධයක්. මම කළු, වයසක ගැහැණු ඉන්න අශ්ශීල වීඩියෝ නරඹනවා නම් කෙනෙක් කළු, වයසක ස්ත්‍රීන් සොයා සපයන්නට ගන්නවා. ආසියානු ළමයින්? සමහරු දැනටමත් නිල් සිනමාව සඳහා ළමයින් සැපයීමේ ජාවාරමේ නිරත ව ඉන්නවා. ඉශ්‍රායෙල් ස්ත්‍රීන්, පලස්තීන ස්ත්‍රීන්, ඇමරිකානු පාසල් සිසුවියන්. මේවා ගෙවුණු වසර කීපයේ ඉස්මතු ව ආ නිල් සිනමා ප්‍රවර්ගයන්. ලෝකෙම ඉන්න පාදඩයෝ මේ ස්ත්‍රීන් පොළඹවා ගණිකා වෘත්තියට ඇද දමා කැමරාව ඉදිරියට ගැනීමට කැස කවමින් ඉන්නවා.
මා නිල් සිනමාව නැරඹීමෙන් ඉවත් වූයේ මගේම යහපතටයි. මගේ පුද්ගලික ලිංගික ජීවිතයේ යහ පැවැත්ම වෙනුවෙනුයි. මගේම සිත පිළිබඳ පාලනය සහ වගකීම නැවත අත් පත් කර ගැනීමටයි. නමුත් එමගින් මම මේ කෲර ලිංගික කර්මාන්තයට දායක වීමෙන් වැලකී සිටිනවා. මා ජෝජනා කරන්නේ භෞතික සහ භාවාත්මක වශයෙන් ආරක්ෂිත ලිංගික ක්‍රියාකාරීත්වයක්. ඉන් කියවෙන්නේ ආචීර්ණ කල්පික හෝ වැසුණු- හිරවුණු ලිංගිකත්වයේ යුගයකට පසු බැසිය යුතු බව නොවේ. මා ලිංගික නිදහස වෙනුවෙන් පෙනී සිටින්නෙක්. මා කියන්නේ, ලිංග ධූරාවලියත් ලිංගික බලහත්කාරකමත් පසෙක තැබිය යුතු බවයි. ඒ වෙනුවට දැඩි මිත්‍රත්වය, කොටින්ම, "සිනහව" රැගෙන ආ යුතුයි. ආත්ම දෙකක්, මිනිසුන් දෙදෙනෙක් පුද්ගලිකව, හුදකලාව... ඔවුන් දශක ගණනාවක සිට දන්නා අය වේවා, පැයකට පෙර හමුවූ අය වේවා... ඔවුන්ට එක්ව සිනාසිය හැකිද?
මේ ගැන වැඩිදුර සොයන්නැයි මා ඔබෙන් අයදිනවා. නිහඬබව අපට කිසිදු යහපතක් උදා කළේ නැහැ. නිහඬබව තව තවත් නිහඬබව ම තහවුරු කොට ස්ථායී කරනවා. කතා කිරීම තව තවත් කතා කිරීම ම උපද්දවනවා. තව තවත් අදහස් බෙදා ගැනීම, හඳුනාගැනීම, අවධානය, වෙනස උපද්දවනවා. වෙනසක්... සැබෑ වෙනසක්... ඇත්ත වෙනසක්...!

Last edited: