සොෆ්ට්වෙයා ඉන්ජිනියස්ලටත් IESL මෙම්බෂිප් එක අරගන්න තැනට වැඩ සෙට් කරගෙන, හැමෝම කතා වෙලා Clientලගෙන් ගන්න ගාණවල් තීරණය කර ගන්න ඕනි කියලා මම අවුරුදු ගාණකට කලින් කිව්වා. මොකෙක් හරි රු 1500කට වෙබ්සයිට් හදන පෝස්ට් එකක් දැකලයි මම එහෙම කිව්වේ.රුපියල් 500 පිස්සුද මුට.
ෆීල්ඩ් එක කන්නද හදන්නේ.
අපි මාසෙට 26000 ගෙවනවා එක ලෝකෂන් එකකට.
.
ලෝයස්ලා පොඩි සයින් එක ගහන්නත් රු500යි. ඔප්පු ලියද්දි , නඩු කතා කරද්දි සල්ලි ගන්න නිශ්චිත ගානක් තියනවා. නැත්නම් ප්රතිශතයක් තියනවා. ඉන්ජිනේරුවෙක් ලගට ඩ්රෝවින් සයින් කරගන්න ගියත් හැම එකාම කියන්නෙ එක වගේ ගාණක්. එක්කෙනෙක් ලොකු ගාණකුත්, තව කෙනෙක් වෙන ගාණකුත් කියන්නෙ නැ. ආකිටෙක් කෙනෙක් ලගට ඩීසයින් එකක් කර ගනන් ගියත් හැම එකම කියන්නේ එකම රේන්ජ් එකේ මුදලක්. ඒත් සොෆ්ට්වෙයා ඉන්ජිනියස්ලට කිසිම ගානක් නෑ. එයාලට අර ගන්න ඕනි ගානක්, ප්රතිශතයක් ගැන නියම කරන්න පිලිගත් වෘත්තිය ආයතනයක් නැ. එක එකා හිතෙන හිතෙන ගනන් කියනවා. මම මේව ගැන ඒකාලේ කියපුවම රෙප් කපුවා නොසෑහෙන්න. Software engineersලට IESL වගේ ඒවගේ භින්න බහින්න ඕනි නෑකියලත් කිව්වා.
IESL ඕනි නෑ කියලා කියමුකෝ. ඒත් උබලගේ ෆීල්ඩ් එකේ නියාමනයක් කරන්න පුලූවන් හරි හමන් තැනක් තියනවද? දැන් ඉතින් වෙන්න තියන ගොඩක් හරියක් වෙලා ඉවරයි. දැන් webs.com, wix.com වගේ වෙබ් සය්ට් එකකින් වෙබ් සයිට් එකක් හදන එකත් සොෆටේයාර් ඉන්ජිනියර් කියලා ෆේස්බුක් දානවා