Post only Officially Confirmed News

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    227559164dd87544a6ad6f68740231f28a420002f7d186275eab5b046b664b1a44fe8b41.jpg


    මේ පරයා ප්‍රශ්න අහන්නේ මොන jokes ද
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,590
    5,452
    113
    සුදුසුකම් සහිත රාජ්‍ය සේවකයන් වශයෙන් ඇමති හොරුන් ඉදිරියේ නොබියව,කෙලින් අදහස් ප්‍රකාශ කිරීමේ ආදර්ශය.

    තමන්ගෙන් ප්‍රශ්න අහපු දෙකයි පනහේ බැංකු හොරුන්ටයි කොටි ඒජන්තයන්ටයි දෙකට තුනට නැමෙන්න ගියේ නෑ. හොරුන්ට සර් කියන්න ගියේ නෑ.නිලදාරීන් පිට වැරදි පටවල අතහොදගන්න හදපු තක්කඩින්ට පොලව පලන් යන්න උත්තර දුන්න,කෙලින් කතා කරපු,අමාත්‍යංශ ලේකම්තුමනි, ඔබ‍ට ජනතා උත්තමාචාරය! copied

    We Need This Kind Of People!

    64595536-2315929575328208-2461802115069116416-n.png
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    තමන් යටතේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ විෂය දැනුම වර්ධනය කිරීම පසෙක තබා ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ අන්තවාදී මතවාද සම්බන්ධයෙන් දේශන පැවැත්වූවේ යැයි කියන කොල්ලූපිටිය ප‍්‍රදේශයේ පිහිටි පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක ගුරුවරයකු ලෙස කටයුතු කළ මුස්ලිම් ජාතිකයකු ලබන 20 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (13 දා) නියෝග කළේය.

    ඔහු යටතේ ඉගෙනුම ලැබූ තරුණ සිසුවියන්ගේ අඩ නිරුවත් දර්ශන වීඩියෝ ගත කර ඒවා අන්තර් ජාලයට මුදාහරින බවට තර්ජනය කිරීම ඇතුළු චෝදනා යටතේ කොල්ලූපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී පැමිණිලිකාර අධ්‍යාපන ආයතනයේ හිමිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සජිත ජයවර්ධන මහතා කළ කරුණු දැක්වීමක් සලකා බැලූ මහෙස්ත‍්‍රාත්වරයා එම නියෝගය කළේය.

    වෂීම් අහමඞ් නමැති එම සැකකරු එම ආයතනයේ හිමිකරුගේ දියණිය ඇතුළු තරුණ සිසුවියන් සිය ශාරීරික අවශ්‍යතා සඳහා වැසිකිළියට ගිය අවස්ථාවේදී හා ඇඳුම් මාරුකරන ස්ථානවලට ගිය අවස්ථාවලදී ඉතා සූක්‍ෂම ලෙස ඒවා වීඩියෝ ගතකර ඇති බවත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ආයතන හිමිකරු කොල්ලූපිටිය පොලිසියට ගිය අවස්ථාවේදී පොලිස්ථානය තුළදී පවා ආයතන හිමිකරුට තර්ජනය කර ඇති බවත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සජිත ජයවර්ධන මහතා අධිකරණයට පැවසීය.

    එමෙන්ම ඔහු සිය සිසු සිසුවියන්ට විෂය දැනුම ලබා දීමට පෙර දිනපතා උදෑසන ජාතික තව්හිද්් ජමාත් සංවිධානයේ නායකයාව සිටි සහරාන් හෂීම් නමැත්තා විසින් පවත්වනු ලැබූ දේශන පිළිබඳව සිසුන් දැනුවත් කරමින් දේශන පවත්වා ඇතිබවත් විත්තියේ නීතිඥවරු එහිදී අධිකරණයට කීහ.

    නීතිඥ අරවින්ද ගමගේ, ප‍්‍රගීත් මංගල, දීපාල් වන්නිආරච්චි, අමිල ගමගේ ඇතුළු නීතිඥ මඬුල්ලක් සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ සජිත ජයවර්ධන මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.