.::Post Your Vesak Celebrations::.

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,938
    11,533
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

    mvZ90TD.jpg


    එළකිරි යාළුවෝ හැමෝටම පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!:)

    ඉතින් යාළුවනේ මේ ගත වෙන්නේ නම් අපේ රටටත් මුළු ලෝකයටමත් එච්චර හොද කාලයක් නම් නෙවෙයි:(වෙන අවුරුදු වල වගේ නෙවෙයි මේ අවුරුද්දේ හැම තැනම වගේ වෙසක් වෙනුවෙන් වෙසක් තෝරන් ,වෙසක් පහන් කූඩු වගේ දේවල් අපිට දැකගන්න ලැබෙන්නේ නැහැ:no:ඒ අපටත් මුළු ලෝකයටමත් මුහුණ දෙන්න වෙලා තියන කොරෝනා වසංගතය නිසාවෙන්:(:sorry:

    හැබැයි පහුගිය අවරුදු වලට වඩා ගොඩක් දෙනෙක්ට ගෙවල් වලම රැදෙන්න වෙලා තියන නිසා මොනවාම හරි දෙයක් ඔයගොල්ලන්ට කරන්න පුළුවන් වෙන්න ඇති කියල හිතනවා පවුලේ හැමෝම එක්ක එකතු වෙලා:yes::cool:

    ඉතින් මම ආරාධනා කරනවා ඔයගොල්ලෝ වෙසක් මංගල්‍යය වෙනුවෙන් හදපු ඕනෑම සැරසිල්ලක් අපේ යාළුවෝ හැමෝටම බලාගන්නත් එක්ක share කරගන්න කියලා
    11.gif
    9.gif


    ඔයගොල්ලෝ හැමෝටම බුදු සරණයි.............