ෆ්‍රැන්ජිපානි කියන්නේ මෙරට සිනමා නිර්මාණ ගොන්නට එක්වන තවත් අමුතුම මාදිලියේ චිත්‍රපටයක්.මේ චිත්‍රපටයේ කතා කරන්නේ මෙතෙක් සිනමා නිර්මාණයක බරපතල අයුරින් කතාවට නොගත් මාතෘකාවක්.සමලිංගිකත්වය හා විෂමලිංගිකත්වය..
මෙරට සමාජයේ අසම්මත,ප්‍රතික්ෂේපිත මේ කාරණාව සෙලියුලෝඩ් පටලයකට කැවු නිර්මාණකරුවා තමයි විසාකේස චන්ද්‍ර සේකරම්.මේ කාර්යය කරන්න ඔහුට සහය වුනේ දසුන්,ජෙහාන්,යශෝධා කියන චරිත තුනයි.මොවන් තුන්දෙනා තමයි මේ චිත්‍රපටය ඉඳිරියට අරන් යන්නේ.මේ චිත්‍රපටයේ ගැබ්වෙන්නේ පිරිමියෙක් හා තවත් පිරිමියෙක් අතර ඇතිවන සමලිංගික ආදරයක්.මොවුන් දෙදෙනා අතරට ගැහැණියක්ද එකතුවන්නේ මේ කතාව තුන්කොන් ආදරයකට පෙරලමිනි.මෙහි කැමරාව කුලරුවන් ගමගේයි මෙහෙයවලා තියෙන්නේ.