premam ප්‍රේමය Did you watch this film

Kn Shaggy

Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Premam-2015.jpg
    download (3).jpg

    images (2).jpg

    ප්‍රේමම්- පෙම්වතුන් වෙනුවෙන්ම නිර්මාණය වූ අපූර්ව මලයාලම් සිනමා පටය. ප්‍රථම ප්‍රේමය නොලැබීමෙන් සියදිවි හානි කර ගන්නා අයගේ ආකල්ප වෙනස් කළ, විරහවෙන් සිටි අයට නැවුම් බලාපොරොත්තු ඇති කළ, පෙම්වතුන්ට සොඳුරු මතකයන් අවදි කළ, විවාහ ප්‍රාප්ත වූවන්ව ඈත අතීතයට රැගෙන ගිය අපූර්ව සිනමා පටය. මෙතෙක් බිහිවූ සොඳුරුතම ආදර කතාව කීවොත් වරදක් නැහැ.
    මේ චිත්‍රපටයේ කතාවත් අපේ කතාවත් අතර වැඩි වෙනසක් නැහැ. වෙනසක් තිබුණා නම් ඒ නම් ගම් වල පමණයි. ජෝර්ජ් ටත් අවසානයේදී විවාහයක් සිදු වුණා. ඒ මේරිද..මලර්ද..නැත්නම් සෙලින්ද කියලා චිත්‍රපටය බැලුවොත් දැන ගන්න පුළුවන්. ජෝර්ජ්ගේ ජීවිතේ එක්තරා අවස්ථා තුනකදී තමයි මේ තුන් දෙනාව හමුවෙන්නේ. මේරි..පාලම උඩදි. මලර්..කොලේජ් එකෙදී. සෙලින්..අහම්බෙන්. නෑ සමහර විට දෛවය වෙන්නත් පුළුවන්. කතාව මම කියන්නෑ. කතාව ඔයාලම බලන්න. බැලුවෙ නැති අය අනිවාර්යෙන්ම බලන්න. බලපු අය, උපසිරැසි දාලා ආයේ බලන්න. ප්‍රේමය කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. කතාව බලලා ගිහින් ඔබේ පෙම්වතිය ඔබට මේරිද..මලර්ද..සෙලින්ද කියලා තීරණය කරන්න.

    මෙ ටික උපුටා ගැනීම බයිස්කෝප් එල්කේ

    ඇත්තටම අපිත් කෙල්ලෝ කී දෙනෙකුට ආදරේ කරන්න ඇතිද ?? ඒත් කැමත්ත හිතේ තියන් ප්‍රකාශ නොකර කී පාරක් ඉන්න ඇතිද ? මේ ෆිල්ම් එක මන් කාලෙකට පස්සේ බලපු හිතට අල්ලපු 1ක් . ලව් කරපු ,කරන කට්ටිය මේක බලන්න මට නම් ලස්සනයි මේක . මේ ෆිල්ම් එක 2015 1ක් . imdb 8.4ක් අරන් තියනවා . බලලා නැත්තම් බලන්න 490mb ටොර්රෙන්ට් 1ක් link යට අති .
    https://userscloud.com/v1p2cpd9f210
     
    Last edited: