ප්‍රථමයෙන්ම ජනාධිපතිවරණය පැවත්වීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව ජනාධිපති මැතිවරණය පැවැත්වීමට අදාළ නිල ප්‍රකාශය ඇතුළත් ගැසට් නිවේදනය අනිද්දා (23 වැනිදා) මධ්‍යම රාත්‍රියේදී නිකුත් කිරීමට නියමිත බව රජයේ විශ්වාසවන්ත ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන් වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 31 වන වගන්තියට අනුව ජනාධිපතිවරයාට සිය ප්‍රථම ධුර කාලය ආරම්භ වී වසර 04 ක් ඉක්‌ම යැමෙන් පසුව වැඩි දුර කාලයක් සඳහා තමා තෝරා පත්කර ගැනීමට ජනවරමක් ඉල්ලා සිටීමට හැකිය.
එමෙන්ම ජනාධිපතිවරයා විසින් ප්‍රකාශනයක් කරනු ලැබූ විට එය ජනපතිවරයා තෝරා පත්කර ගැනීමට ඡන්ද විමසීමක් පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්‌වරයා වෙත කෙරෙන නියමයක් වේ.
ජනාධිපතිවරයා අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව නාමයෝජනා පත්‍ර කැඳවන දිනය හා මැතිවරණය පවත්වන දිනය ඇතුළත් නිල නිවේදනය මැතිවරණ කොමසාරිස්‌වරයා විසින් සිදුකළ යුතු වේ.
මහින්ද රාජපක්‍ෂ මහතා හෙට මෙම ප්‍රකාශනය කිරීමෙන් අනතුරුව අනිද්දා (24 වැනිදා) රට පුරා ආසන මට්‌ටමින් පත්‍රිකා බෙදාහැර ජනතාව දැනුවත් කිරීමට සැලසුම් කර ඇතැයි පක්‍ෂ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ජනාධිපතිවරයා හෙට සිදුකරන නිල ප්‍රකාශනයට අනුව නාමයෝජනා පත්‍ර කැඳවීම දෙසැම්බර් මස දෙවන සතියේත් ජනාධිපතිවරණය ජනවාරි මස අවසන් සතියේත් සිදු කිරීමට නියමිතය.
Source :- http://wp.me/pI5Gy-3L
