Prestige lands එකෙන් ඉඩමක් ගත්තා. ගෙවාගෙන යන්න ගත්තෙ. ඉඩමේ වටිනාකමෙන් බාගයක්ම මම ගෙවලා තිබුනේ . සල්ලි හදිස්සියක් නිසා මම deal එක cancel කරා. Agreement එකට අනුව deal එක cancel කරලා මාස 6ක් ඇතුලත non refundable payment එක හැර ඉතුරු මුදල මට මාසික වාරික වශයෙන් refund කරන්න ඕන. 2022 October වලින් පටන් අරන් මාස 6කින් මට ගෙවලා ඉවරවෙන්න ඕන. ඒ වුනාට මෙයාල මට refund agreement එක දුන්නෙත් 2023 ජනවාරි. ඒක ගත්තෙත් උපවාස කරලා. 2023 feb ඉදන් මාස 6කින් ගෙවලා ඉවරකරනවා කියලා agreement එකේ තියෙනවා. ඒත් තවම මට සල්ලි ලැබුනේ පෙබරවාරි වාරිකේ විතරයි. පෙබරවාරි වාරිකේ ගත්තෙත් දවසක්ම එතනට වෙලා ඉඳලා. දැන් අප්‍රේල් ඉවරවෙන්නත් ලඟයි. මාර්තු වරිකේ ඉල්ලුවවාම හෙට දෙන්නම් අනිද්දා දෙන්නම් කියලා බොරු කියලා මගහැරලා හරවලා යවනවා. ඔයාලාට හරි ඔයාලා දන්න කාටහරි මේ ප්‍රශ්නේ වෙලා තියේද ?