Prestige lands එකෙන් ඉඩම් අරන් අමාරුවේ වැටිච්ච අය ඉන්නවද ?

sapiencoder

Well-known member
  • Nov 9, 2022
    107
    256
    63
    Prestige lands එකෙන් ඉඩමක් ගත්තා. ගෙවාගෙන යන්න ගත්තෙ. ඉඩමේ වටිනාකමෙන් බාගයක්ම මම ගෙවලා තිබුනේ . සල්ලි හදිස්සියක් නිසා මම deal එක cancel කරා. Agreement එකට අනුව deal එක cancel කරලා මාස 6ක් ඇතුලත non refundable payment එක හැර ඉතුරු මුදල මට මාසික වාරික වශයෙන් refund කරන්න ඕන. 2022 October වලින් පටන් අරන් මාස 6කින් මට ගෙවලා ඉවරවෙන්න ඕන. ඒ වුනාට මෙයාල මට refund agreement එක දුන්නෙත් 2023 ජනවාරි. ඒක ගත්තෙත් උපවාස කරලා. 2023 feb ඉදන් මාස 6කින් ගෙවලා ඉවරකරනවා කියලා agreement එකේ තියෙනවා. ඒත් තවම මට සල්ලි ලැබුනේ පෙබරවාරි වාරිකේ විතරයි. පෙබරවාරි වාරිකේ ගත්තෙත් දවසක්ම එතනට වෙලා ඉඳලා. දැන් අප්‍රේල් ඉවරවෙන්නත් ලඟයි. මාර්තු වරිකේ ඉල්ලුවවාම හෙට දෙන්නම් අනිද්දා දෙන්නම් කියලා බොරු කියලා මගහැරලා හරවලා යවනවා. ඔයාලාට හරි ඔයාලා දන්න කාටහරි මේ ප්‍රශ්නේ වෙලා තියේද ?
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,788
    113
    Colombo, Sri Lanka
    අප්පා එහෙමද
    ඔය land sale කාරයෝ ඔක්කොම වගේ බොරු කාරයෝ. ගෙවලා ඉවරවෙච්ච අයටත් ඔප්පු දෙන්නේ නැතුව තව එක එක එව්වා කියලා සල්ලි කඩා ගන්නවා. නැත්තම් දෙන එක කල් දානවා. මෙව්වට නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මුන් හතර වටේටම ජරාව දීලා ඔක්කොම අල්ලාගෙන ඉන්නේ
     
    sapiencoder

    Well-known member
  • Nov 9, 2022
    107
    256
    63
    අප්පා එහෙමද
    ඔය කාරයෝ ඔක්කොම වගේ බොරු කාරයෝ. ගෙවලා ඉවරවෙච්ච අයටත් ඔප්පු දෙන්නේ නැතුව තව එක එක එව්වා කියලා සල්ලි කඩා ගන්නවා. නැත්තම් දෙන එක කල් දානවා. මෙව්වට නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මුන් හතර වටේටම ජරාව දීලා ඔක්කොම අල්ලාගෙන ඉන්නේ
    මම action එකක් ගන්නවා කිව්වම. නඩු දාන්න අපිට ප්‍රශ්නයක් නෑ කිව්වා.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,788
    113
    Colombo, Sri Lanka
    මම action එකක් ගන්නවා කිව්වම. නඩු දාන්න අපිට ප්‍රශ්නයක් නෑ කිව්වා.
    එක තමයි උන් බය නැතුව එහෙම කියන්නේ. අනික ඉඩම් නඩු ඔව්වා අවුරුදු ගණන් ඇදෙනවා. එක උන් දන්නවා. ඔය ඉඩම් සම්බන්ද රජයේ කාර්යාල වල ඉන්න අදාල පුද්ගලයෝ ඉන්නේ උන්ගේ සාක්කුවේ එකයි බය නැතුව තග දාන්නේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,125
    1
    58,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උන්ට සල්ලි නැති නිසා මග අරිනවා ඇති.

    නීතිඥයෙක්ගෙන් උපදෙස් අරගෙන වැඩ කරන්න. නඩු කිව්වොත් අවුරුදු ගාණක් යයි. ඒ කාලේදී උන් බංකොලොත් උනොත් සල්ලි ගන්නම බැරිවෙයි.

    මට හිතෙන විදිහට ඉඩම අරගෙන විකුණන එක තමයි හොඳම විසඳුම.
     
    sapiencoder

    Well-known member
  • Nov 9, 2022
    107
    256
    63
    උන්ට සල්ලි නැති නිසා මග අරිනවා ඇති.

    නීතිඥයෙක්ගෙන් උපදෙස් අරගෙන වැඩ කරන්න. නඩු කිව්වොත් අවුරුදු ගාණක් යයි. ඒ කාලේදී උන් බංකොලොත් උනොත් සල්ලි ගන්නම බැරිවෙයි.

    මට හිතෙන විදිහට ඉඩම අරගෙන විකුණන එක තමයි හොඳම විසඳුම.
    ඉඩම අරගත්තත් මන් හිතන්නෙ නෑ මෙයාලා ලේසියෙන් ඔප්පුව දේවි කියලා. full payment කරල අවුරුදු දෙකක් ගිහින් ඔප්පු නොලැබුණු අය මට එතනදී හම්බුනා.

    ඉඩම අරගෙන විකුණන එක තමයි හොඳම විසඳුම.
    ඉඩම අරගත්තත් මන් හිතන්නෙ නෑ මෙයාලා ලේසියෙන් ඔප්පුව දේවි කියලා. full payment කරල අවුරුදු දෙකක් ගිහින් ඔප්පු නොලැබුණු අය මට එතනදී හම්බුනා.
    ------ Post added on Apr 22, 2023 at 4:02 PM
     
    sapiencoder

    Well-known member
  • Nov 9, 2022
    107
    256
    63
    දන්න ලෝයර් කෙනෙක් හම්බුනා. එයා කිව්වා මෙතන නඩුවක් නෑ කියලා. ඒත් නඩුව අපි දින්නත් සල්ලි දෙයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා කිව්වා.
    ඩීටෙල් බිල් ඔක්කොම දාල බුකියෙ දාන්න තමා වෙන්නෙ
    නඩු පුලුවන්ද කියල ලොය කෙනෙක් හම්බෙල බලන්න
     
    • Like
    Reactions: GobbaSira and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,788
    113
    Colombo, Sri Lanka
    ඉඩම අරගත්තත් මන් හිතන්නෙ නෑ මෙයාලා ලේසියෙන් ඔප්පුව දේවි කියලා. full payment කරල අවුරුදු දෙකක් ගිහින් ඔප්පු නොලැබුණු අය මට එතනදී හම්බුනා.

    එක තමයි මම කලින් කිව්වේ full payment කෙරුවත් මුන් හරි විදිහට ඔප්පුව දෙන්නේ නැති එක ප්‍රසිද්ධ කතාවක් ජීවිතේට land sale කාරයන්ගෙන් ඉඩම් ගෙවල් ගන්න හොඳ නැහැ. කිසිම අවුලක් නැතුව ගනුදෙනුව අවසන් කරපු එකෙක්වත් මම නම් අහලා නැහැ
     
    sapiencoder

    Well-known member
  • Nov 9, 2022
    107
    256
    63
    එක තමයි මම කලින් කිව්වේ full payment කෙරුවත් මුන් හරි විදිහට ඔප්පුව දෙන්නේ නැති එක ප්‍රසිද්ධ කතාවක් ජීවිතේට land sale කාරයන්ගෙන් ඉඩම් ගෙවල් ගන්න හොඳ නැහැ. කිසිම අවුලක් නැතුව ගනුදෙනුව අවසන් කරපු එකෙක්වත් මම නම් අහලා නැහැ
    ඔව්.correct.. land sale කියන්නේ තනිකරම බොරුවක්. වංචාවක්.
     
    • Like
    Reactions: Any.key and NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    දන්න ලෝයර් කෙනෙක් හම්බුනා. එයා කිව්වා මෙතන නඩුවක් නෑ කියලා. ඒත් නඩුව අපි දින්නත් සල්ලි දෙයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා කිව්වා.
    එහෙනන් ඉතින් පුලුවන් තරම් චාටර් කරන්න තමා තියෙන්නෙ
    රිවීව් එහෙමත් දාන්න

    උන්ගෙ ගූගල් රිවීව් එහෙමත් චාටර්
    ඒව බලල නෙවෙද ගියෙ
     
    • Like
    Reactions: Any.key and NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    එක තමයි මම කලින් කිව්වේ full payment කෙරුවත් මුන් හරි විදිහට ඔප්පුව දෙන්නේ නැති එක ප්‍රසිද්ධ කතාවක් ජීවිතේට land sale කාරයන්ගෙන් ඉඩම් ගෙවල් ගන්න හොඳ නැහැ. කිසිම අවුලක් නැතුව ගනුදෙනුව අවසන් කරපු එකෙක්වත් මම නම් අහලා නැහැ
    එහෙම නෑ බං, මම අරන් තියෙනවා. සේල් එකට ගෙවාගෙන යන්න නම් නෙවී. කුට්ටියම දීල ඇන්ඩ් බෑන්ක් ලෝන්. ඒව රී සේල් කරලත් ඉවරයි. ෆුල් ක්ලියර්.
     
    • Like
    Reactions: NRTG

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,009
    8,796
    113
    In Your Heart
    Oya wage dewal wala moko ban investment karanne? Mama nam loan ekak gaththath ganne bank ekakin ,lease pawa bank walin witharai.

    Pyramid da moka awath mawa allanna amarui.

    Ekapara goda yana cn trust karanna epa .kelaweema start wenne ethanin thama
     
    sapiencoder

    Well-known member
  • Nov 9, 2022
    107
    256
    63
    එහෙනන් ඉතින් පුලුවන් තරම් චාටර් කරන්න තමා තියෙන්නෙ
    රිවීව් එහෙමත් දාන්න

    උන්ගෙ ගූගල් රිවීව් එහෙමත් චාටර්
    ඒව බලල නෙවෙද ගියෙ
    ඒ දවස්වල google review අවුලක් තිබුනේ නෑ. අනිත් ඒවාට සාපේක්ෂව හොඳ review තිබුනා. මුලින් හොඳ customer service එකක් තිබුණා. දැන් මෙලෝ රහක් නෑ. උන්ට උන්ගේ කම්පැනිය ගැනවත් ගානක් නෑ. කතාවෙන් තේරුනා.
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,125
    1
    58,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉඩම අරගත්තත් මන් හිතන්නෙ නෑ මෙයාලා ලේසියෙන් ඔප්පුව දේවි කියලා. full payment කරල අවුරුදු දෙකක් ගිහින් ඔප්පු නොලැබුණු අය මට එතනදී හම්බුනා.
    ඔප්පුව ලියන්න තමන්ගේ ලෝයර් කෙනෙක්ට බාර දෙන්න. ෆුල් පේමන්ට් එක කරලා ඒ වෙලාවේම ඔප්පුව ලියල රෙජිස්ටර් කරන්න
     
    sapiencoder

    Well-known member
  • Nov 9, 2022
    107
    256
    63
    ඔප්පුව ලියන්න තමන්ගේ ලෝයර් කෙනෙක්ට බාර දෙන්න. ෆුල් පේමන්ට් එක කරලා ඒ වෙලාවේම ඔප්පුව ලියල රෙජිස්ටර් කරන්න
    ඔව්. land sale වලින් ඉඩම් ගන්න ඉස්සෙල්ලා බලන්න ඕන එයාලගේ main ඔප්පුව clear ද කියලා. ලොකු ඉඩමේ ඔප්පුව තමයි කොටස් කරලා විකුනන්නේ. කොටස් කරපු ඉඩමේ ඔප්පුව දෙන එක එයාලා මග හරින්නේ main ඔප්පුව තවම clear කරලා නැති නිසා. කොහේ හරි තියෙන ලොකු ඉඩමක් අරන් කොටස් කරලා එයාල විකුනන්න පටන් ගන්නේ ඒකෙ ප්‍රශ්න ටික විසදන්නත් කලින් ඉඳන්. ඒක නිසා තමයි ෆුල් පේමන්ට් එක කරලත් ඔප්පුව දෙන්න එයාලට බැරි. මේ සීන් ගැන ඉගෙනගත්තෙත් මේ ප්‍රශ්නේ නිසා.