ලෑන්ඩ් සේල් එකකට ගියාම අපි මුලින්ම කරන්න ඕන මුලික වෙන්කරගැනීමේ ගාස්තුව ගෙවල අදාළ ඔප්පු පිටපත්, ප්ලෑන්, බෙදුම් අනුමත කිරීම් වල විස්තර උන්ගෙන් අරගන්න එක. ඒව ඒ වෙලාවේම උන් දෙනවා. මම ප්රේස්ටිජ් එකේ සේල් එකකට ගියවෙලාවෙ උන් ඒවා දෙනවා කිව්වා ඇඩ්වාන්ස් දුන්නම.ඔව්. land sale වලින් ඉඩම් ගන්න ඉස්සෙල්ලා බලන්න ඕන එයාලගේ main ඔප්පුව clear ද කියලා. ලොකු ඉඩමේ ඔප්පුව තමයි කොටස් කරලා විකුනන්නේ. කොටස් කරපු ඉඩමේ ඔප්පුව දෙන එක එයාලා මග හරින්නේ main ඔප්පුව තවම clear කරලා නැති නිසා. කොහේ හරි තියෙන ලොකු ඉඩමක් අරන් කොටස් කරලා එයාල විකුනන්න පටන් ගන්නේ ඒකෙ ප්රශ්න ටික විසදන්නත් කලින් ඉඳන්. ඒක නිසා තමයි ෆුල් පේමන්ට් එක කරලත් ඔප්පුව දෙන්න එයාලට බැරි. මේ සීන් ගැන ඉගෙනගත්තෙත් මේ ප්රශ්නේ නිසා.
මේ විස්තර අපේ ලෝයර් කෙනෙක් හරහා වෙරිෆයි කරගන්න ඕන. ප්රශ්නයක් තියෙනවා කිව්වොත් අර ගෙවපු ගාණ ආපහු අපට ගන්න පුළුවන්.
මේ දේවල් කරාට පස්සේ තමයි ගෙවීමේ ක්රමයට අදාලව ඔප්පු/ගිවිසුම් ලියන්නේ. ලෑන්ඩ් රෙජිස්ට්රි එකේ පත්ඉරුවට ඉඩම ගන්න කෙනාගේ විස්තර ඇතුළු කරනවා. අපිට ඕන නම් පැතිරු බැලුවම නම ඇතුල් කරලා තියෙන්න ඕන.
