privacy problems in DIGSBY

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,090
    967
    113
    කිට්ටුව තැනක


    කොහොමද යාලුවනේ.:Dමේ තමයි මගේ මුල්ම educational thread එක.ඒ නිසා වැරදි තියෙන්නෙ පුලුවන් හරි.අඩුපාඩු තිබුනොත් සමාවෙන්න.:)

    අද මම කියලා දෙන්න යන්නේ social networking ලේසියෙන් කරගන්න පුලුවන් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් ගැන.මම දන්නවා ගොඩක් දෙනෙක් මේක ගැන දන්නවා ඇති.නොදන්න අයට දැන ගන්නත් එක්කයි මේක දැම්මේ.දන්නවා කියලා හිතන් ඉන්න අය නොදන්න දේවල් ටිකකුත් මේකේ ඇති.;)

    අපි පාවිච්චි කරන facebook,twitter.gmail,yahoomail වගේ එකවුන්ට්ස් එකම තැනකට ගන්න පුලුවන්නම් ඒක අපිට ගොඩක් ලේසියි නේද?.:yes:මේ සොෆ්ට්වෙයා එක හදලා තියෙන්නේ ඒකටම තමයි.මේකෙ නම තමයි Digsby






    මේ සොෆ්ට්වෙයා එකේ වාසි කිහිපයක් තියෙනවා.එකක් තමයි වෙනින් ඒවට වැඩිය අපිට එකපාර එකවුන්ට්ස් කිහිපයක වැඩ කිරීමට ඇති හැකියාව,facebook,twitter අප්ඩේට්ස් ඉක්මනින් දැනගැනීමට ඇති හැකියාව.එකවර රී මේල් ගිනුම් කිහිපයක් සමග වැඩ කිරීමට ඇති හැකියාව වගේ දේවල්.ඒ වගේම මේකෙන් ෆේස්බුක් චැටින් එහෙමත් හොදට කරන්න පුලුවන්.පොප් අප් වින්ඩෝ එක එහෙමත් ෆේස්බුක් එකේ එන එකට වඩා ලොකුවට පැහැදිලිව තියෙනවා.



    ඒ වගේම මේක පාවිච්චි කිරීමේ අනතුරුදායක පැත්තකුත් තියෙනවා කියලා මට හිතෙනවා.ඒ මොකද මේකෙදි අපේ ඊ මේල් එකවුන්ට්ස්,පාස්වර්ඩ් ඔක්කොම තියෙන්නේ තෙවෙනි පාර්ශවයක් අතේ හින්දා අපිට ඒකෙන් privacy ප්‍රශ්න මතුවෙන්න පුලුවන්.ඒ වගේම තමයි ගොඩක් අය නොදන්න තවත් දෙයක් තමයි මේකෙන් අපි චැට් කරන ඒවා තව කාට හරි පස්සෙ වෙලාවක උනත් බලාගන්න පුලුවන්.



    ඒ කියන්නේ අපි චැට් කරන ඒවා හාඩ් එකේ තැනක ගිහින් සේව් වෙනවා.මැශින් එක අන්ලොක් තිබුනොත් කාටහරි ඒවා බලන්න පුලුවන්.උදාහරනයක් විදිහට කෙල්ල එක්ක චැට් කරන ඒවා කාටහරි හොරෙන් බලන්න පුලුවන්.:shocked::shocked:

    හැබැයි ඒ ෆෝල්ඩර් එක හොයාගෙන මකලා දාන්න පුලුවන් නම් වැඩේ ගොඩ.එහෙම බැලුවහම මේ සොෆ්ට් එක ඇත්තටම හොදයි.


    අවශ්‍ය අය ඉන්නවා නම් මෙතනින් ගිහින් බාගන්න.

    http://www.digsby.com/?utm_campaign=vid&utm_source=vid&utm_medium=vid&utm_content=vid

    සුලු හෝ වැඩක් උනා නම් යුතුකම් ඉශ්ඨ කරලා යන්න.හැමෝටම සුභ දවසක්!!!;);)

    repost nam sorry
     
    Last edited: