Product Design Engineering උද්‍යානයක් හෝමාගමට

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    Product Design Engineering උද්‍යානයක් හෝමාගමට

    Product Design Engineering උද්‍යානයක් හෝමාගමට




    product-design1.jpg

    යාන්ත්‍රික ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා සම්බන්ධ සමාගම් සඳහා නිෂ්පාදන සැලසුම් නිර්මාණය කිරීමේ ඉංජිනේරු (Product Design Engineering) උද්‍යානයක් හෝමාගම, පිටිපන ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා නිතිනි තාක්ෂණ ආයතනය තුළ ස්ථාපිත කිරීමටත්, එහි කළමනාකරණ කටයුතු ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (NERDC) වෙත පැවරීමටත් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
    සංවර්ධිත මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල්වල ආර්ථිකය තුළ යාන්ත්‍රික ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව සඳහා සුවිශේෂී ස්ථානයක් හිමිවේ. එම ‍ක්ෂේත්‍රය සඳහා සිදුකරනු ලබන ආයෝජනයන් ගෙන් එමෙන් පහළොස් ගුණයකට වැඩි ප්‍රතිලාභ අත්කර ගත හැකි බව වෙනත් රටවල අත්දැකීම් මඟින් හෙළි වී තිබේ.
    ශ්‍රී ලංකාවේ මෙම ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම මඟින් උසස් තාක්ෂණික අපනයනයන් ඉහළ නැංවීම, මෙරට නිෂ්පාදන ක්ෂේත්‍රය සඳහා යොදා ගත හැකි උසස් තාක්ෂණික යන්ත්‍ර නිර්මාණය කිරීම මඟින් ආනයන වියදම් අවම කිරීම, මනා පුහුණුවලත් ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ඉහළ වැටුප් සහිත රැකියා අවස්ථා නිර්මාණය කිරීම වැනි ප්‍රතිලාභ අත්කර ගත හැකි බව රජය වැඩිදුරටත් පවසයි.