programming වලට හොදම Lap එකක්ද? PC එකක්ද?

sanumadu

Well-known member
  • Dec 13, 2008
    707
    514
    93
    මමත් SLIIT ගියා හැබැයි LAPTOP එකක්නම් තිබ්බේ නැහැ :lol::lol: තාමත් නැහැ :(
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    අදාල brand එකට ඉන්න ඒජන්තවරයාගෙන් ගන්න හෝ ඒජන්තවරයාගේ බලයලත් නියෝජිත ආයතනයකින්

    Eg: -
    HP > DMS, http://www8.hp.com/lk/si/default.html
    DELL > Softlogic
    Acer >Metropolitan http://www.acer.com/ac/en/SG/content/regional-partners
    Lenovo > Sumathi

    මට මතක නැහැ දැන් කරන්නෙත් මේ අයමද කියල
    Abans/Singer වගේ අයත් agent service/warranty දෙනවා.

    අදාල brand එකේ web site එකට ගිහින් බැලුවනම් ලංකාවේ authorized agent කවුද කියල පෙන්නයි


    :rolleyes::rolleyes::rolleyes:

    DELL > Samson IT
    Lenovo > Abans la dan sahenna karanawa
    Asus - Epsi / JK
    HP nam hama ekama wage karanawa. laptop warranty yanne godak durata VSIS ekata​
     

    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    එත් බන් 99X එකේ වෙබ් එකේ එයාල පිළිගන්න Uni rank කරලා තියෙනවා එකේ Sliit එක තියෙන්නේ 11 වෙනියට but IIT එක 22 වෙනි තැන තියෙන්නේ :(

    99X technologies kiyanne machan amuthuma thenak, eke godak welawata ganne higher GPA thiyana aya witharai. Technical peththata wada un balanne GPA. Eth samasthayak widihata anith company oya dekama balanawa.
     

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    99X technologies kiyanne machan amuthuma thenak, eke godak welawata ganne higher GPA thiyana aya witharai. Technical peththata wada un balanne GPA. Eth samasthayak widihata anith company oya dekama balanawa.

    එතකොට මචන් Sliit එකට වඩා NSBM & NIBM හොදයිද?:oo:
     

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    හෙනයා;20633175 said:
    :rolleyes::rolleyes::rolleyes:

    DELL > Samson IT
    Lenovo > Abans la dan sahenna karanawa
    Asus - Epsi / JK
    HP nam hama ekama wage karanawa. laptop warranty yanne godak durata VSIS ekata​
    :) :) :) :) :) :) :) :) :) :) :)
     

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    ලංකාවේ සරසවි වරම් හිමිවෙන්නෙ ඉතාම අතළොස්සකට වුනත් උපාධියක් ගන්න, තොරතුරු තාක්ෂණ හෝ ඉංජිනේරු වෘත්තිකයෙක් වෙන්න ආසාවෙන් ගොඩක් අය ඉන්නවා. ඒක ඒ අයගෙ සිහිනයක්. ඒ සිහිනය සැබෑකරන්න මග පෙන්වන්න කියලා ඔහු ආයාචනය කරනවා....

    ඇත්ත. රටක උපාධියක් ගන්න ඕනම කෙනෙකුට අවස්ථාව තිබිය යුතුයි.
    මෙහෙම කිව්වම අපේ සරසවි ප්‍රජාවෙ සමහරු මාත් එක්ක ඔරොප්පු වෙන්නත් ඉඩ තියෙනව. ඒත් අමතක කරන්න එපා අපිට ඉගෙනගන්න වියදම් කරන්නෙ කැම්පස් ගියපු අයගෙ පවුල්වල අය විතරක් නොවෙයි.

    මහාචාර්ය ගංගානාත් කියන විදියටම අන්ත දුගී කුළී වැඩ කරන අයගෙ පවා දහඩියෙන්, කඳුලෙන් උපන් ධනයෙන් එකතු කරගත් බදු මුදලෙන් තමයි සරසවිවල ඉගෙන ගන්න ඔබත්, උගන්වන මමත් වියදම් කරන්නෙ. කොටින්ම මේක ලියන්න පාවිච්චි කරන අධිවේගී අන්තර්ජාල පහසුකම, විශ්වවිද්‍යාලෙන් මට දීල තියෙන කාමරයේ දැල්වෙන විදුලි බුබුල, දුවන වායුසමන යන්ත්‍රය පමණක් නොවේ මගේ වාහනයේ දැවීයන සෑම පෙට්‍රල් බිඳුවක් ගානෙ තියෙන්නෙ ඔවුන්ගෙ ජීවය.

    මම මේ කියන්නේ පෞද්ගලික සරසවි ගැන නොවෙයි. නිදහස් අධ්‍යාපනයෙන් විපුල ඵල නෙලාගත් අයෙකු වශයෙන් මම අධ්‍යාපනය පෞද්ගලිකකරණය නොකළ යුතුයි කියන ප්‍රතිපත්තියෙ ඉන්න කෙනෙක්. එහෙම කෙනෙක් කොහොමද මේ වගෙ ලිපියක් ලියන්නෙ කියලත් කෙනෙකුට හිතෙන්න පුළුවන්.

    මම කියන්නෙ එහෙම දරන්න බැරි අධික මුදල් යටකරන්නෙ නැතුව වුනත් තාක්ෂණික උපාධියක් ලබාගැනීමේ අවස්ථාව බොහෝ දෙනෙක් නොදැක්කත් ලංකාවේ තියෙන බවයි!

    සමහරවිට සම්පූර්ණයෙන්ම නොමිලෙ නොවෙන්න පුළුවන්.

    පටන් ගන්න කලින් ආයෙමත් කියන්න ඕන වෛද්‍ය උපාධියක් සඳහා නම් රජයේ සරසවියකට පිටතින් සත 5ක් හෝ අයකරන උපාධි ආයතන වලට මම තදින්ම විරුද්ධයි කියන එක. මොකද එතනදි ගනුදෙනු කරන්නෙ වටිනා මිනිස් ජීවිතත් එක්ක. ඒත් තොරතුරු තාක්ෂණය වගේ ක්ෂේත්‍ර වලට ඒ තරම්ම දැඩි වාරණයක් නොකර ටිකක් ළිහිල් කරන්න ඕනෙ කියලයි මගේ පෞද්ගලික මතය. මොකද එතනදි මනුෂ්‍ය ජීවිතත් එක්ක කරන සංවේදී ක්‍රියාවලියක් නොවෙයි වෙන්නෙ. අනිත් එක රජයේ විශ්වවිද්‍යාලවලට තනිවම තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ට ක්ෂේත්‍රයේ තියෙන අධික ඉල්ලුම සපුරන්න අමාරුයි.


    මේ සඳහා තියෙන විකල්ප සලකා බලමු.


    විවෘත විශ්වවිද්‍යාලය
    තොරතුරු තාක්ෂණ බාහිර උපාධිය
    උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ නොවන වෙනත් රජයේ විශ්වවිද්‍යාල
    රාජ්‍ය අනුබද්ධිත හෝ අර්ධ-රාජ්‍ය උසස් අධ්‍යාපන ආයතන
    රජයේ අනුග්‍රහය ලබන පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන

    1. විවෘත විශ්වවිද්‍යාලය

    මින් ජනප්‍රියම විසඳුම අංක 2 වුනත් මම විවෘත විශ්වවිද්‍යාලය ගේන්නෙ අංක 1ට. හේතුව මෙහෙම විස්තර කරන්නම්.

    ලංකාවේ එතරම් ජනප්‍රිය නොවුනත් එංගලන්තය වගේ දියුණු රටවල ගොඩක්ම ජනප්‍රිය ප්‍රවණතාව තමයි ඔය. ලංකාවෙ විවෘත විශ්වවිද්‍යාලය එච්චරම ජනප්‍රිය නැත්තෙ ගොඩක්ම නොදැනුවත් භාවය නිසා සහ එහි ප්‍රාදේශීය මධ්‍යස්ථානවල පවතින අඩුලුහුඬුකම් නිසා. එහෙම ප්‍රාදේශීය මධ්‍යස්ථානවල උපාධිය පටන්ගෙන අතරමගදි කලකිරිල අත් හැර දාපු අය ඕන තරම් ඉන්නවා. ඒත්, අගනුවරට ආසන්න අය දැනුවත් වුනත් ගොඩක් දුර පළාත්වල අය දන්නෙ නැති දෙයක් තමයි නාවල තියෙන විවෘත විශ්වවිද්‍යාලයෙ මූලස්ථානය අනෙකුත් අගනුවර විශ්වවිද්‍යාලවල තියෙන විදියේ සියලුම මානව හා භෞතික සම්පත් වලින් පොහොසත් බව.

    විශේෂයෙන්ම එහි සේවය කරන ආචාර්යවරු ලංකාවේ අනෙකුත් සරසවිවල සේවය කරන ආචාර්යවරුන්ගේ සුදුසුකම් සියල්ලම නොඅඩුවම තියෙන අය. මොන වගේද කියනවනම් කෘත්‍රීම බුද්ධිය පිළිබඳ ශ්‍රී ලාංකික සංගමයේ (Sri Lankan Association for Artificial Intelligence) වැඩිම සම්පත් දායකයින් පිරිසක් එහෙ අය.

    අනෙක් වැදගත් කරුණ එහි පිහිටුවා තියෙන ඉගෙනුම් වටපිටාව. සරසවියකට ආවේනික ප්‍රසන්න, නිස්කලංක පරිසරයක් එහි තිබෙනවා. ඒ වගේම පුස්තකාල පහසුකම්. මේවා ඇතැම් විට බාහිර උපාධියක් හදාරන කෙනෙකුට එතරම්ම සමීප නොවන අත්දැකීම්. ඔන්න ඔය හේතුව නිසා තමයි ප්‍රොෆෙසර් ඕපන් යුනිව(ර්)සිටිය අංක එකට ගෙනාවෙ.

    මෙහි ඉංජිනේරු තාක්ෂණ පීඨය (Faculty of Engineering Technology) මගින් පරිගණක / ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධි පාඨමාලා 2ක් පිරිනමනව.


    තාක්ෂණවේදී (ඉංජිනේරු) (B.Tech. Eng.) - විදුලි, ඉලෙක්ට්‍රොනික් හා සන්නිවේදන, යාන්ත්‍රික, මිකාට්‍රොනික්ස් (Mechanical Engineering + Electronics) හා පරිගණක, සිවිල් හා ඇඟලුම්.
    මේ සඳහා අවම වශයෙන් උසස් පෙළ සාමාන්‍ය සාමාර්ථ 3ක් අවශ්‍යයි. උසස් පෙළ වැඩ 3ක් නැත්නම් පදනම් පාඨමාලවක් (Technology Foundation) හදාරා අවශ්‍ය සුදුසුකම් සපුරාගත හැකියි. (පදනම් පාඨමාලාවන්ද විවෘත විශ්වවිද්‍යාලයෙන්ම හැදෑරිය හැකියි.) මෙය පස් අවුරුදු පාඨමාලවක්.
    මෘදුකාංග ඉංජිනේරුවේදී (Bachelor of Software Engineering)

    (තවත් පාඨමාලා රාශියක් තිබුණත් මෙතනදි අවධානය යොමුකලේ පරිගණක හෝ ඉංජිනේරු විද්‍යා යන අංශ ගැන පමණයි.)


    2. තොරතුරු තාක්ෂණ බාහිර උපාධිය


    කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පාසැල (UCSC - University of Colombo School of Computing) මගින් හා මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨය මගින් තොරතුරු තාක්ෂණවේදී (BIT - Bachelor of Information Technology) උපාධිය පිරිනමනව. මේ සඳහා අවම වශයෙන් උසස් පෙළ සාමාන්‍ය සාමාර්ථ 3ක් අවශ්‍යයි.

    කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පාසැල (UCSC) මගින් පිරිනමන පාඨමාලාව ඔබට අවශ්‍යනම් වසරකින් හෝ දෙකකින් ඩිප්ලෝමා සහතිකයක් සමඟින් අවසන් කළ හැකියි. නැතහොත් තුන්වන වසර දක්වා ගිහින් උපාධිය ගන්නත් පුළුවන්.

    උසස් පෙළ වැඩ 3 නැත්නම් UCSC මගින්ම පිරිනමන පදනම් පාඨමාලව (FIT (Foundation In Information Technology)) හදාරා මූලික සුදුසුකම් වලට ළඟා විය හැකියි. මීට අමතරව වෘත්තීය සුදුසුකම්ද සලකා බලනු ලැබෙනවා. (ඒ දෙකටම විකල්පයක් ලෙස.)

    ඉගෙනුම් වාර නැත්නම් සෙමෙස්තර (Semesters) ක්‍රමයට තමයි ඉගෙනුම් කටයුතු කෙරෙන්නෙ. ඒ කියන්නෙ මේ වාරෙ ඉගෙන ගන්න විශයයන් කිහිපයට වාර අවසානයේ විභාගයක් තියල ඒක ඉවර කරල දානව. අළුත් සෙම් එක නොහොත් වාරයට බ්‍රෑන්ඩ් නිව් සබ්ජෙක්ට්ස්. (රජයෙ සරසවි වලත් එහෙමයි කෙරෙන්නෙ.)

    පොඩි අවුලකට තියෙන්නෙ වාරය මැදදීත් ඇගයීම්, පැවරුම් වගේ ඒව අන්තර්ජාලය මගින් විශ්වවිද්‍යාලයට භාර දෙන්න වෙන එක (Continuous assessment).

    මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨය මගින් පිරිනමන පාඨමාලාව ඔබට අවශ්‍යනම් වසරකින් සහතිකපත්‍ර පාඨමාලාවක් ලෙස හෝ දෙකකින් ඩිප්ලෝමා සහතිකයක් සමඟින් අවසන් කළ හැකියි. නැතහොත් තුන්වන වසර දක්වා ගිහින් උපාධිය ගන්න පුළුවන්. උසස් පෙළ වැඩ 3 නැත්නම් විකල්පයක් ලෙස වෘත්තීය සුදුසුකම් සලකා බලනු ලැබෙනවා.

    උසස් පෙළ නැති අයට විශ්වවිද්‍යාලය මගින් පවත්වන යෝග්‍යතා පරීක්ෂණයකටත් මුහුණ දෙන්න සිදු වෙනවා. මීට අමතරව සියලුම ඉල්ලුම්කරුවන් අ.පො.ස. සාමාන්‍ය පෙළ ගණිතය විෂයයට සම්මාන සාමාර්ථයක්ද ලබා තිබිය යුතු වෙනවා.

    වැඩි විස්තර මෙතනින් ගන්න පුළුවන්.

    පාඨමාලා පවත්වාගෙන යන ආකාරයනම් UCSC එකේ විදියටමයි.

    බාහිර උපාධියක් හදාරනකොට දේශන ලබාගන්න වෙන්නෙ බොහෝ විට පෞද්ගලික ආයතනයකින්.
    එහෙත් විභාග පවත්වන්නෙ සහ ප්‍රතිඵල නිකුත්කරන්නෙ උපාධිය පිරිනමන විශ්වවිද්‍යාලයෙන්.

    පූර්ණ කාලීනව හදාරන්න ඕන නෑ. අර්ධ කාලීනව, ඒ කියන්නෙ සති අන්තයේ හදාරන්න පුළුවන්.

    වාර පතා පාඨමාලා ගාස්තු විදියට ගෙවීම් කරන්නත් වෙනවා. මේ ගෙවීම් උපාධිය පිරිනමන විශ්වවිද්‍යාලයට හා දේශන සේවා සපයන පෞද්ගලික ආයතනයට වශයෙන් දෙ ආකාරයි. සාමාන්‍යයෙන් උපාධිය ගන්නකොට කොහොමත් ලක්ෂ හතර හමාර පනිනවා. ඒ කියන්නෙ වාරෙකට රු. 60,000 ක් විතර යනවා. (අවුරුද්දකට වාර 2යි.) සමහර ආයතනවල මාසික ක්‍රමයට ගෙවීමේ ක්‍රමයකුත් තියෙනවා. ඒ කියන්නෙ මාසෙකට දළ වශයෙන් 10,000- 20,000 අතර ගණනක්. ලබා දෙන පහසුකම් මත සහ ආයතනයෙ කීර්ති නාමය මත මේ ගාස්තු තීරණය වෙනවා.

    විශ්වවිද්‍යාල හා විභාග ගාස්තුනම් කාටත් එකයි. එය තීරණය කරන්නේ උපාධිය පිරිනමන විශ්වවිද්‍යාලය. එක් එක් අවුරුද්දේ මේ ගණන වෙනස් විය හැකියි.


    3. උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ නොවන වෙනත් රජයේ විශ්වවිද්‍යාල

    මේ යටතේ ප්‍රධාන වශයෙන් තියෙන්නෙ,

    වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය (UNIVOTEC - University of Vocational Technology) (තරුණ කටයුතු අමාත්‍යංශය යටතේ) - රත්මලාන
    කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය Kotelawala Defense University (ආරක්ෂක අමාත්‍යංශය)

    වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය මගින් තාක්ෂණවේදී උපාධි පාඨමාලා රාශියක් පවත්වනු ලබනවා.

    තාක්ෂණවේදී - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (බහුමාධ්‍ය හා අන්තර්ජාල තාක්ෂණය) Bachelor of Technology in ICT (Multimedia & Web Technology)
    තාක්ෂණවේදී - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (පරිගණක ජාලකරණය) Bachelor of Technology in ICT (Network Technology)
    තාක්ෂණවේදී - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (මෘදුකාංග තාක්ෂණය) Bachelor of Technology in ICT (Software Technology)
    තාක්ෂණවේදී - මිකාට්‍රොනික්ස් Bachelor of Technology in Mechatronics Technology
    තාක්ෂණවේදී - ඉදිකිරීම් සේවා තාක්ෂණය Bachelor of Technology in Building Services Technology
    තාක්ෂණවේදී - නිෂ්පාදන තාක්ෂණය Bachelor of Technology in Manufacturing Technology
    තාක්ෂණවේදී - ආහාර සැකසුම් තාක්ෂණය Bachelor of Technology in Food Process Technology ආදී වශයෙන්.

    (මේ ඔක්කොම නොවෙයි.)
    වැඩිදුර තොරතුරු ඒ පාඨමාලාවට අදාල සබැඳිය (Link) මත ක්ලික් කිරීමෙන් ලබා ගත හැකියි.

    කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය මගින්
    යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව
    සිවිල් ඉංජිනේරු විද්‍යාව
    විදුලි හා ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු විද්‍යාව
    ගගන නොහොත් ගුවන්නාවික ඉංජිනේරු විද්‍යාව
    නාවික ඉංජිනේරු විද්‍යාව
    තොරතුරු තාක්ෂණය හා ගණිතය

    පිළිබඳ උපාධි පාඨමාලා හැදෑරිය හැකියි. මීට අමතරව සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් පිරිනමන
    ගුවන් යානා නඩත්තුව පිළිබඳ විද්‍යාවේදී ඉංජිනේරු උපාධියද හැදෑරිය හැකියි.

    4. රාජ්‍ය අනුබද්ධිත හෝ අර්ධ-රාජ්‍ය උසස් අධ්‍යාපන ආයතන


    මේ යටතට ගැනෙන්නේ
    ජාතික ව්‍යවසායකත්ව හා කළමනාකරණ ආයතනය (NIBM - National Institute of Business Management)
    ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ජාතික පාසැල (NSBM - National School of Business Management)

    වැනි ආයතනයි.

    NIBM මගින් මෑතක් වනතුරුත් උපාධි පාඨමාලා පිරිනැමුනත් දැන් එම අධිකාරය NSBM ආයතනයට පවරා තිබෙනවා. දැන් එහි පවත්වන්නෙ ඩිප්ලෝමා පාඨමාලා පමණයි. ඒ පිළිබඳ විස්තර මෙහි තිබෙනවා.
    ඒ අනුව NSBM මගින් පිරිනමන උපාධි පාඨමාලා මෙයාකාරයි.
    විද්‍යාවේදී (ගෞරව.) කළමණාකරන තොරතුරු පද්ධති - විශේෂ BSc (Hons) in Management Information Systems - Special
    විද්‍යාවේදී (ගෞරව.) කළමණාකරන තොරතුරු පද්ධති - සාමාන්‍ය BSc (Hons) in Management Information Systems
    විද්‍යාවේදී (ගෞරව.) පරිගණක විද්‍යාව BSc (Hons) in Computer Science
    විද්‍යාවේදී (ගෞරව.) පරිගණක ජාලගතකරණය BSc (Honours) Computer Networks
    විද්‍යාවේදී (ගෞරව.) තොරතුරු ආරක්ෂණය BSc (Honours) Information Security
    විද්‍යාවේදී (ගෞරව.) මෘදුකාංග ඉංජිනේරුකරණය BSc (Honours) Software Engineering
    විද්‍යාවේදී (ගෞරව.) වෙබ් නිර්මාණකරන තාක්ෂණය BSc (Hons) in Web Design and Technology
    ශාස්ත්‍රවේදී (ගෞරව.) නිර්මාණශීලී බහුමාධ්‍ය BA (Hons) in Creative Multimedia
    ශාස්ත්‍රවේදී (ගෞරව.) ත්‍රිමාණ සජීවීකරණය BA (Hons) in Animation
    ශාස්ත්‍රවේදී (ගෞරව.) ඩිජිටල් ජායාරූපකරණය සහ නිරූපණය BA (Hons) in Digital Imaging and Illustration
    වියදම දළ වශයෙන් ලක්ෂ 4 යි.

    5. රජයේ අනුග්‍රහය ලබන පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන
    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (Sri Lanka Institute of Information Technology - SLIIT)
    SLIIT ආයතනය මගින් පිරිනමන උපාධි පාඨමාලා

    විද්‍යාවේදී විශේෂ (ගෞරව.) තොරතුරු තාක්ෂණය (සිවු අවුරුදු.) BSc Special(Hons) in Information Technology
    විද්‍යාවේදී තොරතුරු තාක්ෂණය BSc in Information Technology
    විද්‍යාවේදී (තොරතුරු තාක්ෂණය.) ක්‍රියාශීලී බහුමාධ්‍ය (උදා. පරිගණක ක්‍රීඩා) BSc in (IT) Interactive Multimedia
    ඉංජිනේරු විද්‍යාවේදී (ගෞරව.) ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු විද්‍යාව BEng(Hons)in Electronic Engineering
    ඉංජිනේරු විද්‍යාවේදී පරිගණක පද්ධති BEng in Computer Systems Engineering
    වියදම ලක්ෂ හතර හමාර පනිනවා.
    (ඔය කියල තියෙන්නෙ අවම වශයෙන් යන ගණන. තෝරාගන්නා පාඨමාලාව හා එය හදාරන කාලය අනුව වියදම මීට වඩා වැඩි වනවා.)

    මේ ආයතන, විශේෂයෙන් SLIIT ආයතනය මූල්‍යමය පරමාර්ථ තිබුණත් අධ්‍යයන කටයුතු ඉතා ඉහළ ගුණාත්මක භාවයකින් පවත්වාගෙන යන්න උත්සාහ කරනව.
    සමහරු සල්ලිකාර පවුල්වල නාස්තිකාර මැටි මෝල්ලු වෙන කරන්න දෙයක් නැතිව අනාථවුනාම මේක කරන්න හිතුවත් (සමාජයේ මේ ආයතනය ගැන තියෙන වැරදි ආකල්පයක්. ඕන තරම් සැබෑ දක්ෂයො මට මෙහිදි හමු වෙලා තියෙනව.) මේක එහෙම එකක් නෙමෙ, ගෞරවණීය ආයතනයක්. (හැබැයි පිස්සු කෙලින්න බලාගෙන ඉන්න හාදයොත් ඒ අතරෙ ඉන්නව. ඒ අය කොලර් උස්සන්න ඕන නෑ මේ කියපු වර්ණනාවට.) සමහර ඉහළ මධ්‍යම පාන්තික පවුල්වල ළමයි ඉංජිනේරු විෂයන් හෝ පරිගණක විද්‍යාව කරන්න ළකුණු මදි වුනාම (උසස් පෙළ සමත්, භෞතික විද්‍යාව වගේ පාඨමාලාවකට තේරුනු.) විකල්පයක් විදියටත් මේ ආයතනය භාවිත කරනව. ඒ නිසා SLIIT කාරයො ඔක්කොම මෝඩයො කියල හිතාගෙන ඉන්නවනම් ඒ මතය වෙනස් කර ගන්න.
    මම කියන්නෙ ඒක සාධාරණද අසාධාරණද කියන එක නෙමෙයි ප්‍රායෝගිකව සිද්ධ වෙන දේ.

    මීට අමතරව වැල්ලවත්තෙ IIT (Informatics Institute of Technology) ආයතනය පෞද්ගලික ආයතනයක් වුවත් ඉහළ ගුණාත්මක භාවයක් තියාගන්න උත්සාහ දරනවා. මොරටුව විශ්වවිද්‍යාලයේ මානව සම්පත්වල එළිය ලැබීම එයට ප්‍රබල හේතුවක් විය හැකියි. නමුත් වියදම සාමාන්‍ය, මධ්‍යම පාන්තිකයෙකුට වුනත් දරාගන්න අමාරුයි. මිලියනයක් පමණ වනවා.

    බෝක්කු ගානෙ තියෙන හොර ජාවා උපාධි කඩ නම් මට අනුමත කරන්න බෑ. පොඩ්ඩක් තේරුම් ගන්න, උසස් තත්වයේ පරිගණක / තොරතුරු තාක්ෂණ උපාධියකට අත්‍යවශ්‍ය එකිනෙකට වෙනස් විෂයයන් 30ක් පමණ තියෙනව. ඉන් සමහර ඒවට ප්‍රෝග්‍රැමින් (Programming, පරිගණක භාෂාවකින් පරිගණකයට උපදෙස් ලියන එක.) ගෑවිලාවත් නෑ.

    සමහර ආයතන ජාවා විතරක් උගන්වල උපාධි දෙනවලු. මොන ගොන් කතාවක්ද..? ජාවා කියන්නෙ එක වැඩසටහන්ගතකරණ (ප්‍රෝග්‍රෑමින්) භාෂාවක් විතරයි. ඒ කිව්වෙ අර කියපු මූලික විෂයයන් 30 කින් විතර එකක් විතරයි.
    (මතක තියාගන්න මෙහෙම කියන්නෙ ලංකාවෙ 1,2,3 රෑන්ක් දරන ප්‍රමුඛ පෙළේ ජාතික සරසවි 4කට දැනුමෙන් දායකත්වය සලසන වෘත්තීය සරසවි ඇදුරෙක් කියන එක.)

    මේ ගැන නම් සටහන් තබන්නෙ හරිම කණගාටුවෙන්. ලංකාවේ සමහර ජාවා ඉන්ස්ටිටියුට් වල අයිතිකාරයන්ගේ තියෙනවායයි කියන උපාධි පවා හොර ඒවා. ඉෂාන්ත සිරිබද්දන කියන්නෙ එහෙම හොරෙක්. මිනිහ ලෝකෙ කිසිම පිළිගත් විශ්වවිද්‍යාලයකින් ආචාර්ය උපාධියක් ලබල නෑ.
    (ඒත් මිනිහ ගාව උගන්නවන ගුරුවරුත් ඔක්කොම ඒ වගේ කියල අපි කියන්නෙ නෑ.)
    භයානකම කාරණය තමයි මිනිහගෙ ආයතනයෙන් දෙනවය කියන ජාත්‍යන්තර උපාධි පිරිනමන පිටරට විශ්වවිද්‍යාල සියල්ලෙම නිල වෙබ් අඩවි දුවන්නෙ කොළඹ තියෙන එකම සර්වර් එකක....!

    ඒ එක්කෙනෙක් විතරයි. ඔබේ අහිංසක උපාධි සිහිනය විකුණන් කන ඒ වගේ මිනිස්සුන්ගෙන් පරිස්සම් වෙන්න.


    කොයි උපාධියත් අමාරුයි තමයි හැබැයි කරගත්තොත් ගොඩ.
    ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්‍යය ලැබෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනය කරනවා....

    උපුටා ගැනීම http://profasl.blogspot.com/
     

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    99X technologies kiyanne machan amuthuma thenak, eke godak welawata ganne higher GPA thiyana aya witharai. Technical peththata wada un balanne GPA. Eth samasthayak widihata anith company oya dekama balanawa.

    fl8qae.png


    33ojtpz.png
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha


    පුලුවන් නම් IIT පලයන්, මම දන්න තරමින් ඉන්ඩස්ට්‍රි එකේ වැඩිම වටිනාකමක් තියෙන ප්‍රයිවට් ඩිග්‍රි එක තියෙන්න IIT එකේ. :yes:
    ඊට පස්සෙ ඉතින් NSBM(Thanks to NIBM) & SLIIT තමා.
    ICBT, ACBT, ABCD :lol: වගේ ඒව ගැනනම් මම දන්නෙ නෑ මචන්, සමහරවිට ඒවත් හොද ඇති.:rolleyes:
    :):yes::yes:
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    screen eka loku ekak ganin. a wagema resolution ekath balpn. 1080p wage. thawa vga out , hdmi (kohomth tynwa aluth lap wala) tyna ekak ganin. passe 19,21 inch wage hoda resolution ekak tyna monitor ekak ganin gedra iddi wada krnna. patta useful bn. math krnne ehema.