Projects වල කරලා නැති tools / technologies?

thomian

Well-known member
  • May 20, 2011
    12,993
    18,304
    113
    මචං අපි දැනට කරලා නැති tools / technology වලින් sample project එකක් කරලා. අපිට ඒක CV එකේ දාන්න, interview එකේ දී කියන්න පුළුවන් ද?

    උදාහරණයක් විදියට web ui automation වලට මම දැනට කරලා තියෙන්නේ java+ selenium නම්.. ඒත දැන් ගොඩක් companies වල ඉල්ලන්නේ python+ automation නම්.. මම Python වලින් sample automation framework එකක් කරලා ඒක git දාලා.. ඒක ගැන cv එකේ දාන එක අවුලක් නැද්ද? එහෙම කරන එකේ වාසියක් තියෙනවා ද ?

    වෙන රටක interview එකකදී මේක කොහොම වෙයිද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,945
    101,488
    113
    අවුලක් නෑ උබ බොරුවක් කරල නෑනෙ. උබ ඔතන දන්නෙ නැත්තෙ ටූල් යූස් කරන හැටි ව්තරයිනෙ. උබ තියරිය දන්න නිසා ඒක ඉක්මනට ඕකට ඇප්ලයි කරගන්න පුලුවන් නිසා ඕකෙ. ඒත් ඕක සම්පූර්ණයෙන්ම තීරණය වෙනව උබ එක්ක ඉන්න අනික් උන් මත. උන් ඉල්ලන්නෙ python+sell වෙලා ඒව කාල වතුර බීපු උන් ඇවිත් හිට්‍යොත් උබට වඩා චාන්ස් එකක් තියෙනව උන්ට යන්න.

    ප්‍රශ්න අහල වෙන ඉන්ටවිව් නන් 70% විතරම ඩිපෙන්ඩ් වෙන්නෙ උබේ කන්ෆිඩන්ස් එකෙන්ම තමා. අහන ප්‍රශ්නවලට කන්ෆිඩන්ස් ඇතුව උත්තර දුන්නොත් ගොඩක් වෙලාවට චාන්ස් එකක් තියෙනව ඊලග ස්ටෙප්ස් වලට යන්න.
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    උඹට උඹ කරන project එක ගැන satis නම් සහ ඒක ගැන අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් නම් දාන්න..

    මාත් ඔහොම hobby එකට කරපු ඒවා දාලා තියනවා.
     
    • Love
    Reactions: thomian

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,756
    4,873
    113
    එලකිරි හන්දිය
    පුලුවන් කොල්ලෝ...
    ඉන්ටර්විව් එකක් ගොඩ දානවා කියන්නේ කලාවක්. උබ කරලම නැති ප්‍රොජෙක්ට් එකක් CV එකේ දාලා ඒක කරපු විදිහට සැක නොහිතෙන විදිහට ඉන්ටර්විව් ෆේස් කරහන් බලන්න. උබ අනිවා ගොඩ යනවා.

    අනිත් එක තමයි ඔය ඉන්ටර්විව් එකේ ඉල්ලන හැම ටෙක්නොලොජි එකක්ම ගොඩ දාගෙන එන්න නම් තව ආත්මයක් ඕන වෙයි. ඒ නිසා දන්න ටිකෙනුයි දන්නවා කියලා කියන්න යන ටෙක් ටිකෙනුයි බේසික් ටික ගොඩ දාගෙන යමන්.. වැඩේ ගොඩ යන්න ලේසියි.

    අපිත් එක්ක කැම්පස් හිටපු කොල්ලෙක් හිටියා. ඌ ඉන්ටර්විව් ගියහම කඩ්ඩෙනුයි. දන්න වචන සෙට් එකයි දාලා කොහොමහරි ඉන්ටර්විව් ගොඩ දාගෙන එනවා. ජොබ් එකට ගියහම ටික දවසක් කොහොමත් ස්ටඩි කරන්න සෙට් වෙනවනේ. අන්න ඒ දවස් ටිකේ පොඩ්ඩක් මැරිලා ඉගෙනගෙන ගේම ගහනවා.