Proposed Duty Changes from upcoming Budget ! 2017 - 2018

MM Cars

Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    Owu meka boruwak, Wagon R duty denata thiyena duty ekath newei thiyenne. Anika Lankawata kawuda 1500cc walata wada yana Premio genne. meke duty daala thiyenne 2000cc Premio ekata, lankawa peththa palathe genne nethi wahanayak.

    Anith eka thamai CHR eke Duty eka me thiyena ekata wada godaak wedi. Wagon R Duty weradi.

    meka fake

    kohomath Budget proposal kiyanne secrete deyak ne.
     

    sameerafit

    Junior member
  • Sep 5, 2016
    63
    41
    18
    නිසාන් ලීෆ් මිල මිලියනයකින් බසී – අයවැයෙන් කාර් මිලෙහි සිදුවන වෙනස්කම් මෙන්න
    November, 2, 2017

    2018 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා තවත් ඉතිරිව ඇත්තේ සතියක කාලයක් පමණි. එහිදී මෙවර අයවැයේ දී බොහෝ දෙනාගේ අවධානයක් යොමුව ඇති ක්ෂේත්‍රයක් ලෙස මෝටර් රථ වාහන අංශය අවිවාදයෙන් හැඳින්විය හැකිය. පසුගිය දින කිහිපය තුළ රජයේ මැතිඇමතිවරුන් දිහිප දෙනෙකු ද අයවැයේ දී රථවාහන මිලෙහි සිදුවන වෙනස්වීම් සම්බන්ධයෙන් ඉඟි පළ කළ අවස්ථා කිහිපයක් ද විය.

    කෙසේ වෙතත් මේ වන විට ඒ සම්බන්ධයෙන් නිල වාර්තා කිසිවක් අනාවරණය වී නැතත්, 2018 අයවැයේ දී මෝටර් රථ වාහනවල සිදුවන බදු සංශෝධනයන් ඇතළත් සටහනක් සමාජ ජාල මාධ්‍යවල හුවමාරු වෙමින් පවතී. මෙම සටහනේ නිරවද්‍යභාවය සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් නැතත් බොහෝ දෙනා විශ්වාස කරනුයේ අයවැයේ දී සිදුවන රථවාහන සංශෝධනයන් මෙම සටහනේ දැක්වෙන මිල ගණන් සමඟ බොහෝ සෙයින් සමපාත විය හැකි බවයි.

    මෙම සටහනට අනුව ටොයෝටා මාදිලියේ එංජින් ධාරිතාව 1500CC ට වඩා අඩු AQUA, AXIO වැනි කාර් මිල රුපියල් 300,000 ඉක්මවූ මිලකින් අඩුවන බව සඳහන් වේ. එසේම හොන්ඩා මාදිලියේ FIT, FREED, GRACE, INSIGHT වැනි කාර් මිලෙහි අඩු වීමද රුපියල් ලක්ෂ 3 සීමාව ඉක්මවනු ඇති බවට මෙහි සඳහන් වේ.

    මෙම සටහනට අනුව විශාල වශයෙන් මිල අඩුවන කාර් වර්ගය ලෙස නම් කර ඇත්තේ නිසාන් ලීෆ්, ඉලෙක්ට්‍රික් මෝටර් රථ මාදිලියයි. එහි මිල අඩුවීම රුපියල් මිලියනයකට වඩා වැඩි වනු ඇති බවට අනුමාන කෙරේ. කෙසේ වෙතත් මෙම සටහන වාර්තා කරනුයේ නිසාන් X-TRAIL මිලෙහි වැඩිවීමක් සිදුවන බවත් එය රුපියල් මිලියන 2 කට ආසන්න වනු ඇති බවත් මෙහි සඳහන් වේ.

    2018 අයවැයෙන් මෝටර්රථ සඳහා සිදුවිය හැකි යැයි සැලකෙන බදු සංශෝධනයන් පිළිබඳ අදාළ සටහන පහත දැක්වේ.

    http://biz.adaderana.lk/නිසාන්-ලීෆ්-මිල-මිලියනයක/