PTC / BUX may monawada

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    පීටීසී / බක්ස් ඇත්තටම මේ මොකක්ද?

    පීටීසී යන්නෙහි අර්ථය ක්ලික් සඳහා මුදල් ගෙවන බවයි (PTC - Paid to click). මෙය වර්තමානයේ අන්තර්ජාලයෙන් මුදල් උපයන ජනප්‍රියම ක්‍රමයකි. පීටීසී වෙබ් අඩවි බක්ස් (BUX) යන නාමයෙන් ද හැඳින්වෙන අතර එය (Buxom) යන නාමය කෙටි කිරීමෙන් ලබා ගත්තකි මෙහි අර්ථය වාසනාව යන්නයි.



    ලොව ප්‍රථම පීටීසී වෙබ් අඩවිය ලෙස සැලකෙන්නේ ඇඩ් බක්ස් (AdBux) ය. ඊට පසු බොහෝ පීටීසී අඩවි පැම...ිණි අතර අදටත් පැමිණෙමින් තිබේ. මෙම වෙබ් අඩවි සරළ සංකල්පයක් මත ක්‍රියාත්මක වේ.



    1. අනුග්‍රාහකයන් (Advertisers) පීටීසී වෙබ් අඩවි වෙත මුදල් ගෙවා තමාගේ දැන්වීම් එහි පළ කරනු ලබයි.

    2. එම දැන්වීම් නරඹා මුදල් ලබා ගැනීම සඳහා සාමාජිකයන් (Members) පීටීසී අඩවි වල ලියා පදිංචි වේ.

    3. පීටීසී වෙබ් අඩවි අනුග්‍රාහකයන් එක දැන්වීමක් නැරඹීම සඳහා ගෙවන මුදලෙන් කොටසක් තබාගෙන ඉතිරිය සමාජිකයන්ට ලබා දේ.එපමනයි !

    සිය ගණනක් වන පීටීසී වෙබ් අඩවි අතර තම සාමාජික ආකර්ෂණය රදවා ගැනීම සඳහා පහත ක්‍රම මඟින් ද මෙම වෙබ් අඩවි සාමාජිකයන් හට මුදල් ගෙවීම සිදු කරයි.


    1. නව සාමාජිකයන් බඳවා ගැනීම සඳහා (Direct Referrals)

    2. ආයෝජන අවස්ථා ලබා දීම මඟින්. (Rented Referrals)



    පීටීසී වෙබ් අඩවි අතර පවතින අධික තරඟය හේතුවෙන් දෛනිකව සිය ගණනින් නව අඩවි බිහි වේ. නමුත් මේවායෙන් බොහෝ ගණනක් සාමාජිකයන් හට මුදල් ගෙවා ගත නොහැකි තත්වයට පත්වේ. මෙලෙස අසාර්ථක වන වෙබ් අඩවි වංචනික (Scam) පීටීසී අඩවි ලෙස සැලකේ. සත්‍ය වශයෙන් ම මෙම කර්මාන්තය තුල ස්ථාවර සහ මුදල් ගෙවන අඩවි ඇත්තේ අතලොස්සකි. එම ප්‍රමාණය සමස්ථ කර්මාන්තයෙන් සියයට 5 ක් තරම් සුළු අගයක් ගනී. මුදල් ගෙවන ස්ථාවර අඩවි අවංක (Legit or Elite) පීටීසී අඩවි ලෙස සැලකේ.



    ඔබ උපයන මුදල් ඇලර්ට්පේ (AlertPay) හෝ පේපැල් (PayPal) යන අන්තර්ජාල බංකු මඟින් ඔබට ලබා ගත හැකි අතර ශ්‍රී ලංකාවේ පදිංචිව සිටීනම් ඇලර්ට්පේ පමණක් බාවිතා කල හැක.

    ++REP
     

    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    මමත් සයිට් 14ක ඉන්නවා.. හැමදාම උදේට පැයක් යනවා ඇඩ්ස් ටික ක්ලික් කරන්න.. රිෆරල්ස්ලා 100+ ට වඩා ඉන්න කොට ඒකෙනුත් මාසෙකට $400ක් විතර ලැබෙනවා මචන්