මචන්ලා PTC (Paid to click) ගැන කව්රිහරි interested නම් මෙන්න ඒක කරන විදිහ.
PTC කියන්නේ online සල්ලි ටිකක් හම්බ කරගන්ඩ පුළුවන් විදිහක්. අපෙන් සත පහක් වත් යන්නේ නෑ . හැබැයි කාලය තමයි වැදගත් . මුලදී මමත් එච්චර උනන්දුවක් උනේ නෑ.
ඒත් මම මේක පටන් ගෙන දැනට මාස තුනක් විතර ඇති. හිතපු නැති විදිහට් වැඩේ නැගල යනවා. හැබයි මාසෙට $350 විතර income එකක් හදා ගන්ඩ මස හය හතක් යනවා .
පලවෙනි මාසේ $15 වත් හම්බ කරගන්ඩ බෑ. හැබයි වැඩේ අල්ල ගත්තට පස්සේ හම්බ කරන හැටි ඉබේම ඔලුවට වැටෙනවා.
ඒක වෙන්නේ මෙහෙමයි . අපි ඉස්සෙලාම PTC service එක දෙන sites වලට ගිහින් accounts හදා ගන්ඩ ඕනේ. standard account එකක් හදාගන්ඩ සත පහක් වත් යන්නේ නෑ. වැඩේ පටන් ගන්ඩ standard account එකක් හොදටම ඇති .
පස්සේ අපිට පුළුවන් ඕනෙනම් premium account එක්කට් මාරු වෙන්ඩ. ඒ ගැන මම පස්සේ කියන්නම්. ඉතින් අපි standard account එකක් හදා ගත්තට පස්සේ ඒ ගොල්ලේ අපිට දෙනවා daily ads list එකක් .
ඉතින් අපිට තියෙන්න හැමදාම ඒ ads click කරන්ඩ. ඒ click කරනවට ඒ ගොල්ලෝ අපිට pay කරනවා. ඒ payment එක ගන්ඩ අපිට අනිවාර්යෙන් paypal account එකක් තියෙන්ඩ ඕනේ. දැන් ඉතින් බයවෙන්ඩ එපා කොහොමද paypal
account එකක් open කරගන්නේ කියල . ඒක එච්චර අමාරු වැඩක් නෙමයි. මම පස්සේ විස්තර කරන්නම් කොහොමද paypal account එකක් open කරගන්නේ කියල.
අපිට වැඩේ පටන් ගන්ඩ paypal account එකක් අනිවාර්ය නෑ , මොකද ඒ ගොල්ලෝ අපිට pay කරන්නේ අපි අඩුතරමේ $10 වත් earn කලාට පස්සේ. ඉතින් අපිට ඒ අතරතුර paypal account එකක් open කරගන්ඩ පුළුවන්.
හැබැයි ඉතින් credit card එකක් , එහෙම නැත්නම් අඩුම තරෙමේ international debit card එකක්වත් තියෙන්ඩ ඕනේ. මම දන්න විදිහට , දැන් හැම BANK එකකින්ම දෙන ATM card එක international debit card ගණයට තමයි අයිති වෙන්නෙ.
මෙන්න වැඩේ පටන් ගන්ඩ මුලිකව තියෙන්ඩ ඕනේ දේවල්
1. an email address
2. a paypal account (not essential for now)
3. 1 hour a day of your time.
සමහර PTC site වලදී , account එකක් create කරද්දී අහනවා paypal account එකේ email address එක . දැනට ඒකට account එක හදන කොට දෙන email address එකම දෙන්ඩ.
ඕනෙනම් අපිට ඒක පස්සේ වෙනස් කර ගන්ඩ පුළුවන්
account එක හදා ගත්ට පස්සේ ඉතින් වැඩ පටන් ගන්ඩ තමයි තියෙන්නේ.
කොනක ඉදල ads click කරගෙන යන්ඩ තියෙන්නේ. හැබයි payment එක earn වෙන්ඩ නම් ad එක click කරලා තත්පර පහක් හයක් site එකේ ඉන්ඩ වෙනව. කරනකොට තේරයි මොකද්ද මම මේ කියන්නේ කියල.
site එකෙන් site එකට ads click කරන විදිහ වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට ad එකක් click කරාට පස්සේ verification එකක් එනවා. ඒක accept කරාට පස්සේ countdown එකක් පටන් ගන්නවා. ඒ countdown එක 0 වෙනකන් අපිට site එකේ ඉන්ඩ ඕනේ. එතකොට තමයි අපේ payment එක approve වෙන්නේ. ඉතින් ඉස්සෙල්ලම , කෙනෙකුට ad click කරන විදිහ ටිකක් tubelight තමයි . ඒත් ගණන් ගන්ඩ එපා. දවසක් විතර කරද්දී කරන හැටි ඔළුවට වැටෙනවා.
දැනට PTC site 10 ක register වූනහම හොදටම ඇති. මොකද PTC site 10 ක ads click කරන්ඩ දවසකට පැයක් විතර යනවා. ඉතින් කාලේ වැඩියෙන් වැය කරන්ඩ පුලුවන්නම් ptc site 10 කට වඩා register වුනාට ප්රශ්නයක් නෑ.
* මතක තියා ගන්ඩ ඕනේ කරණා කීපයක් තියනවා
1. කොයිමවෙලාදීකවත් දන්නේ නැති PTC SITE වල register වෙන්ඩ එපා. ගොඩක් SITE , scam වෙච්ච site. එකියන්නේ users ලට payments කරන්නේ නැතිව පොල්ල තියපු sites.
හොද site වලට කියන්නේ elight/legit site කියල. ඉතින් අපි PTC site එකක register වෙන්ඩ කලින් හොයල බලන්ඩ ඕනේ ඒක legit ද scam ද කියල.
මම මේ post එකේ පහලින් දීල තියනව elight/legit sites කීපයක්. දැනට ඒ site වල register වෙන්ඩ . මම තව sites පස්සේ දාන්නම්.
2. සමහර SITE වල sigup page එකේ referral කියල value එකක් auto fill වෙලා තියෙන්ඩ පුළුවන්. කොයිමවෙලාදීකවත් ඒක delete කරන්ඩ යන්ඩ එපා. එහෙම කලොත් අපි click කරන ad වලින් ලැබෙන payment එකෙන් precentage එකක් අඩුවෙන්ඩ් පුළුවන් .
note : referral කියන්නේ තව earn කරන්ඩ පුළුවන් විදිහක්. කරගෙන යද්දී ඔයගොල්ලන්ට මේ ගැන idea එකක් එයි .
3. එකම password එක හැම site එකකටම use කරන්ඩ එපා.
4. මගදී වැඩේ අත අරින්ඩ යන්ඩ එපා. මොකද මේකේ මාසෙකට ලොකු ගානක් set වෙන්ඩ මාස පහක් හයක් යනවා. ඉතින් එතකන් පොඩ්ඩක් ඉවසන්ඩ වෙනවා . මේ thread එකේ දිගටම හිටියොත් earn එක වැඩි කරගන්ඩ හැටි දැන ගන්ඩ පුළුවන්.
5. අනිවාර්යෙන් හොද Anti virus software එකක් use කරන්ඩ ඕනේ . i.e . Eset Nod32 නම් ගොඩක් හොදයි .
6. ඔය ගොල්ලෝ register වෙලා ඉන්න PTC site වල තියෙන FORUM එක ගැන පොඩ්ඩක් touch එකේ ඉන්ඩ. එකෙන් අපිට වැඩි විස්තර දැන ගන්ඩ පුළුවන් . ඒ වගේම හිටපු ගමන් ලොකු ලොකු offers දෙනවා . ඒ ඔක්කොම details , forum එකේ
තමයි තියෙන්නේ. ඊට අමතරව එක එක්කෙනා earn කරපු විදිහ , ඒ ගොල්ලන්ට හම්බඋන payment වල විස්තර වගේ දේවලුත් තියනව.
ඉස්සෙල්ලම පල්ලෙහා තියන PTC sites වල register වෙලා earn කරන්ඩ පටන් ගන්ඩ. නිකන් try කරල බලන්ඩ. මේක පටන් ගත්ත කියල නැතිවෙන්න දෙයක නැනේ . කාලේ තමයි ඉතින් පොඩ්ඩක් වැයවෙන්නේ.
මොනවා හරි ප්රශ්න තියනවනම් අහන්ඩ .
*****
කව්රිහරි request කලොත් විතරක් පහල තියන කාරණා ගැන වැඩි විස්තර Post කරන්ඩ බලාපොරොත්තු වෙනවා.
1. paypal account එකක් open කරන්නේ කොහොමද
2. Standard account එකක සිට premium account එකකට මාරුවීමෙන් ලැබෙන වාසි
3. Referrals යනු මොනවාද
4. Referrals මිලදී ගැනීම
5. ඔබට ලැබෙන අදායම වැඩි කර ගතහැකි මාර්ග
6. Traffic exchange යනු කුමක්ද
******
Refferral links are not allowed. Read the rules.
/mod


