අනිවාර්යයෙන්ම වටිනවා. හැබැයි software side එකට යන්න ඉන්නවා නම් මුල්ම language එක විදිහට Python ඉගෙන ගන්න එක ටිකක් විතර කේස් වෙන්න පුළුවන්. Structure එකම මාර ලේසි නිසා python වලින් පස්සෙ වෙන language එකක් ඉගෙන ගද්‍දි පැටලෙන්න පුළුවන්.
Python හදලා තියෙන්නෙම programming ඉගෙන ගන්න ලේසි වෙන්න. Resources ගැන හිතන්න අවශ්‍ය වෙන තැන්වල python ටිකක් slow. එ‍්ත් හොඳට ඉගෙන ගත්තාම අවුලක් නෑ වෙන languages වල code කෑලි නිකන්ම අැතුළෙ run කරන්න පුළුවන්.
හැබැයි (මම වගේ) personal programming වැඩවලට, fun එකට වගේ මොනවා හරි හදන්න එහෙම බලනවා නම් python තරම් ලේසි language එකක් නැති තරම්. සමහර පැතිවලින් Go language එක ඊට වඩා හොඳයි කියලා හිතෙනවා. හැබැයි තාම එ‍්කට python තරම් පිළි ගැනීමක් නෑ.
Programming අස්සෙ හාරන්නෙ නැතිව ඉක්මනට මොනවා හරි හදන්න නම් හොඳම language එක python. මට programming මෙලෝ දැනුමක් නෑ. හැබැයි algorithm එකක් හිතින් මවාගෙන, google search කරලා code කරන විදිහ හොයාගෙන සම්පූර්ණ downloader එකක්ම හැදුවා. Python එච්චරටම ලේසියි. සිරාවටම.
මේ තියෙන්නෙ මම හදපු downloader එක. Youtube video, playlist ඉඳලා torrent, M3U8 stream, Mega මේ ඕන එකක් හරිම සරලව Google drive එකට බා ගන්න පුළුවන්.
https://bit.ly/onahuptak