50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
QNET_logo_official.jpg


QNET කියන්නේ තවත් network marketing කියන පිරමිඩයක්. මේක වට මිනිස්සු දහස් ගණනක් වට වෙලා ඉන්නවා.

මේකේ ඉන්න සාමාජිකයෝ මේකේ ඉන්න ලොක්කට දේවත්වයෙන් සලකන්නේ.

මේ වගේ පිරමිඩ වලට අහුවෙන තවත් මිනිසුන් ඉන්නවා නේ. මේ අය ගොඩක් වෙලාවට ටාර්ගට් කරන්නේ තුන්වන ලෝකයේ රටවල් . විශේෂයෙන්ම දකුණු ආසියානු සහ අප්‍රිකානු රටවල පුර වැසියන්. මොවුන්ගේ අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි මේක පිරමිඩයක් නොවන බව කීම සහ මෙයට නෙට්වර්ක් මාර්කටින් යන වෙස් මුහුණ පැළඳ වීම.

මේක සම්පුර්නයෙන්ම හසුරවන්නේ ඉන්දිය ජාතිකයෙක් . මොහු Pathman Senathirajah . මේ ඉන්නේ මේ ජාවාරමේ ප්‍රධානියා.



0413-chief-pathmans-wednesday-message-152.jpg


මොවුන් ලෝකයේ බොහෝ රටවල නීතියේ හිල් වලින් රිංගා යන්න පුළුවන් අති දක්ෂයෝ. Pathman Senathirajah කියන්නේ ඉන්දීය කෝටි ප්‍රකෝටිපතියෙක්. පිරමිඩයේ මුදුනේම ඉන්න ලොක්කා.

ලංකාවෙත් මේ QNET ජාවාරමට හවුල් වෙච්ච උදවිය ඉන්නවා. ඔවුන් දිනෙන් දින තම යහළුවන් ව නෑදෑයන්ව හවුල් කරමින් මේ පිරමිදෙට කොටු වෙනවා. අවසානයේ ඔවුන් ආයෝජනය කල මුදලවත් තමන්ට නැතිව යනවා. ඒවගේම තමන් මෙය ඇදා ගත යහළුවන් සහ නෑදෑයන් අතර විරසකයන් පවා හට ගන්නවා.

එක නිසා මේ ජාවාරමට අහු නොවෙන්න වග බලාගන්න.
 
Last edited: