වෙන QR Code අරන් ඇවිත් ගහගන්න එක ප්‍රශනයක් නෙමයි නේ බන්, එහෙම ගහගත්තත් ඒ අදාල බයික් එකම අරන් ඇවිත් ගහගත්තත් එකමදේ වෙන්නෙ, කොහොම හරි එක වාහනේකට සතියට එක සැරයියිනේ
දැං මෙහෙත් හොදට වැඩේ යනවා
ඊයෙ හවස මාතර ශෙඩ් දෙකේම ලොකු පෝලිම් දෙකක් තිබ්බා රෑ 8.30 ට විතර, නිකමට කඹුරුගමුව ශෙඩ් එක බැලුවා එකේ කාර් පෝලිමේ කාර් 5ක් වගේ තිබ්බෙ විනාඩි 15න් තෙල් ගහගත්තා. QR සීන් එක තිබුනෙ නැත්නං අනිවාර්යෙන් ත්‍රීවිල් අයියලා එලිවෙනකන් ඔය ශෙඩ් එකේ තෙල් ගහලා ඇදලා ආයෙ පෝලිමට එනවානේ. ඒ වැඩේ නතර වෙලා තියෙන්නෙ
නම්බර් ප්ලේට් එකක් ගහන් ආවත් වෙන QR code එකක් අරන් ආවත් එක වාහනේකට එක සැරයයිනේ තෙල් ගහන්න දෙන්නෙ. එතකොට ගහපු තෙල් ටික ඇදලා ආපහු පෝලිමට එන එක සම්පූර්ණයෙන් නතර වෙනවා