QR පේමන්ට් ගැන අදහස්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    බස් වලට කාඩ් පේමන්ට් දෙන වැඩේ දි කට්ටිය කියනව කාඩ් නැතුව QR payment දෙන්නලු. මගෙ නන් අදහස ඒක කිසිම ප්‍රායෝගිකත්වයක් නැති වැඩක්.

    හිර වෙච්ච බස් එකක් අස්සෙ ඇප් ඕපන් කරන් QR scan කරන්න ඕනෙ අංක එකටම. කලුවරයි, ෆෝකස් වෙන්නෙ නැති ප්‍රශ්න. හොඳ ෆෝන් නැතිකම, බහුතරේකට හරියකට කැමරාවක් අල්ලගන්න බැරිකම වගේ ප්‍රශ්න එනව එතනදි.
    ඊට පස්සෙ මේවා app හරහා වෙන හින්ද app සර්වර් ඩවුන් වෙනව. එරර්ස් එනව. ඕවා ගැන සාක්ෂරතාවයක් නෑ බහුතරේකට. තරුණ උන්ටත් නෑ.
    අනිත් එක මේවයෙ price එක මගියා එන්ටර් කරන්න ඕනෙ වැඩ ගොඩයි. කන්ඩක්ටර් එනටර් කරනවනන් unique qr එකක් generate වෙලා display වෙන්න ස්ක්‍රීන් එකක් ඕනෙ සහ ඒවටත් processing time යනව.
    ඊළඟට මේ ඔක්කොම වැඩ කරන්න 4g, 3g ඕනෙ. සිග්නල් නැති උනොත් කෙල වෙනව. සිග්නල් තිබ්බත් peak time වල වට්සැප් මැසේජ් එකක්වත් යවාගන්න බැරි තරමට සමහර පැති වල නෙට්වර්ක් ස්ලෝ. කීල්ස් එකෙත් අපෙන් පේමන්ට් එක accept වෙලා තත්පර 20 ක් වත් යනව cashier එකට confirmation එක එන්න.
    කන්ඩක්ටර්ස්ලා මරා ගනියි සල්ලි ආවද නැද්ද හොයාගන්න බැරුව.
    (QR හොඳයි මැශින් ගන්න අරව මේවා බැරි සහ කලබලයක් නැති පදික වෙළෙන්දොන්ට කරන ගෙවීම් වගේ දේවල් වලට.)

    කාඩ් පේමන්ට් එකක් direct කරද්දි ඔයිට වඩා 10 ගුණයක් පහසුයි. කන්ඩක්ටර් price එක ගැහුව, මගියා කාඩ් එක මැශින් එකට ලං කරන් ඉඳිය ගමන් තත්පර 5න් බිල් එක ප්‍රින්ට් වෙලා එනව. කන්ඩක්ටර් ඕක දවසට 1000 පාරක් විතර කරද්දි ක්ෂණිකව ඌට ඒ වැඩේ පුලුවන්. මගියගෙ පැත්තෙන් කෙරෙන්න ඕනෙ එකම දේ ප්ලාස්ටික් කෑල්ලක් මැෂින් එකට ලං කරන එක. ඔය මැෂින් වැඩ කරන්නෙත් 2g වලින් මම දන්න තරමට. ඒක හින්ද නෙට්වර්ක් ප්‍රශ්න නැති තරන්. Technical barriers, bottlenecks පට්ටම අඩුයි.

    මේ වැඩේට වෙනම කාඩ් එකක් හදල දොරෙන් නගිද්දි බහිද්දි ටැප් කරල automatically දුරට අනුව කැපුන නන් වටිනව. ඒත් ඒවා practically අමාරුයි ලංකාවෙ සාමාන්‍ය ලොරි චැසි බස් වල implement කරන්න. ඒක හින්ද මම හිතනව මේ කරන්න යන විදිහ සෑහෙන හොඳයි කියල.

    Security ගැන හිතල topup කාඩ් දෙනව නන් ඒකත් හොඳයි. ඒත් වැඩිහිටි පරම්පරාවට ඇප් දාගෙන බැංකු කාඩ් කනෙක්ට් කරන් ටොප් අප් කරන ඒවා ටිකක් අමාරු වෙනව. සාමාන්‍ය කාඩ් එකකින් ගෙවනව කියන එක ඕන කෙනෙක්ට තේරෙනව. ටොප් අප් කාඩ් දුන්නත් ඇප් එකට බෑන්ක් එකවුන්ට් කෙලින්ම කනෙක්ට් කරේ නැත්තන් ඒකෙදින් Visa Mastercard fees අර ගානම යනව.
     
    Last edited:
    • Like
    Reactions: tha123

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    මමනම් එදා ඉදල ඔය QR ලබ්බට විරුද්දයි.. මුලු ලෝකෙම NFC වලින් within 1-2 sec tap කරල pay කරන්න පුලුවන් කම තියෙද්දි අපේ උට්ටලා QR ලබ්බක් ප්‍රොමෝට් කරනවා.. පිස්සුද බන් card එක tap නොකර phone එක unlock කරල app එක හොහාගෙන scan කරල බ්ලා බ්ලා බ්ලා ලබ්බක් කරන්නේ🥴🥴🥴

    ඒ අස්සේ තව උට්ටෙක් කිරියේ ත්‍රෙඩ් එකක් දාල තිබ්බා debit card එකෙන් ගෙවන්නේ නැතුව බස් එකට වෙනම කාර්ඩ් එකක් ඕනෙලු...:angry::angry: වෙනම කාර්ඩ් එකක් තිබ්බට කමක් නෑ.. ඒත් ඌ දන්නේ නෑ ලෝකෙ ගොඩක් රටවල තමන්ගේ cc එකෙන් කෙලින්ම ගෙවන්න දෙනවා කියලා.. ඒක කොච්චර පහසුද තව ප්ලාස්ටික් කෑල්ලක් top up කර කර යනවට වඩා... අනේමන්දා පකේ ලංකාවේ උන්නම්:baffled:

    CC එකට 3% කැපෙන එකනම් ප්‍රශ්නේ ඒකට විසදුමක් ගෙනවා මිසක් එහෙමයි කියලා CC නැතුව වෙන ප්ලාස්ටික් කෑල්ලකට සල්ලි top up කරන්න කියල හරියනවද බන්න්🥴
     
    • Like
    Reactions: Naughty_kiththa

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,479
    3,047
    113
    ඕක දුර ගමන් ඒවට විතරක් තිප්බා නම් ඇති. රැපියල් 35ට නැතුව..
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    මමනම් එදා ඉදල ඔය QR ලබ්බට විරුද්දයි.. මුලු ලෝකෙම NFC වලින් within 1-2 sec tap කරල pay කරන්න පුලුවන් කම තියෙද්දි අපේ උට්ටලා QR ලබ්බක් ප්‍රොමෝට් කරනවා.. පිස්සුද බන් card එක tap නොකර phone එක unlock කරල app එක හොහාගෙන scan කරල බ්ලා බ්ලා බ්ලා ලබ්බක් කරන්නේ🥴🥴🥴

    ඒ අස්සේ තව උට්ටෙක් කිරියේ ත්‍රෙඩ් එකක් දාල තිබ්බා debit card එකෙන් ගෙවන්නේ නැතුව බස් එකට වෙනම කාර්ඩ් එකක් ඕනෙලු...:angry::angry: වෙනම කාර්ඩ් එකක් තිබ්බට කමක් නෑ.. ඒත් ඌ දන්නේ නෑ ලෝකෙ ගොඩක් රටවල තමන්ගේ cc එකෙන් කෙලින්ම ගෙවන්න දෙනවා කියලා.. ඒක කොච්චර පහසුද තව ප්ලාස්ටික් කෑල්ලක් top up කර කර යනවට වඩා... අනේමන්දා පකේ ලංකාවේ උන්නම්:baffled:

    CC එකට 3% කැපෙන එකනම් ප්‍රශ්නේ ඒකට විසදුමක් ගෙනවා මිසක් එහෙමයි කියලා CC නැතුව වෙන ප්ලාස්ටික් කෑල්ලකට සල්ලි top up කරන්න කියල හරියනවද බන්න්🥴
    3% කැපෙන ඒකට විසදුම අපේම සර්විස් ඒකක්ත visa ව‌ෙනුවට lankapay වගේ ඒකක්
     
    අනිවා මචන් මමත් ඔය QR වැඩේට පට්ටම විරුද්ධයි. මම ඕකට කැමති එකම තැන පොඩි පොඩි vendors ල නැත්තන් ටැක්සි එකකට වගේ pay කරන එක විතරයි. ඕන මනුස්සයෙක්ට QR එකක් ප්‍රින්ට් කරල සෙලෝටේප් කෑල්ලක් ගහල අලවල පේමන්ට් එකක් ගන්න පුලුවන් වෙන එකේ වාසියක් තියෙනව. ඒත් මේ සුපර්මාකට් අරවට මේවට ඇප් ඕපන් කරන් ගෙවන්න පුපේ අමාරුවක් තියෙන්න ඕනෙ.

    ඔය වෙනම කාඩ් එකක් ඕනෙ කියන එකට ගොඩක් උන්ගෙ හේතුව කාඩ් එක එක්කෙනාගෙ අතට දෙන්න අකමැතිකම. එහෙම අවශ්‍ය නෑනෙ අපිටම ටැප් කරන්න පුලුවන්නෙ.

    ඕක දුර ගමන් ඒවට විතරක් තිප්බා නම් ඇති. රැපියල් 35ට නැතුව..
    ඒක ඉතින් එච්චර අදාල නෑනෙ මචන් කොහොමත් % ගානක්නෙ ෆී එක කැපෙන්නෙ.
    ------ Post added on Oct 10, 2025 at 12:21 AM

    Dan ena aluth android ewa 4G mama hithanne. Issara thibba monochrome display ewa nam 2G wenna athi
    වෙන්න ඇති මචන් මම හරියටම ඒකනන් දන්නෙ නෑ. කොහොම උනත් කාඩ් පේමන්ට් වලටම හදපු මැෂින් එකක් reliable ඕකට ෆෝන් අටමගල් සම්බන්ධ කරගන්නවට වඩා.
    ------ Post added on Oct 10, 2025 at 12:23 AM

    3% කැපෙන ඒකට විසදුම අපේම සර්විස් ඒකක්ත visa ව‌ෙනුවට lankapay වගේ ඒකක්
    ඕක බස් වලට කියල අමුතුවෙන් කරන්න යන්න ඕනෙ නෑ. ලංකාවෙ බැංකු වලින් දෙන කාඩ් කොහොමත් lankapay network හරහා local transactions වෙන්න හැදුවම ඉවරයි.
    ------ Post added on Oct 10, 2025 at 12:24 AM
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,969
    15,461
    113
    New Zealand
    මේවට විසදුම් මයින්ද මාත්තයගේ කාලෙම දුන්නා.උබලට මේ කාඩ් එක මතක ඇති.
    IMG_9982-202x300.jpg
    මේක ඒ කාලේ ez-cashවලින් topupකරන්න පුලුවන්. හැමැතැනම ෆෝන් ෂොප් තියන නිසා මේ වැඩේ අමාරු උනෙත් නෑ. හැබැයි ඉතින් මේක අඩපණකරේ බස් ගැමුනුවා. මේ කාඩ් එකම ලංගමෙනුත් දුන්නා සීසන් විදියට. ලංගමෙත් සෑහෙන කාලයක් මේක හොදට වැඩ කරා.
    මේ කාඩ් එක NFC Support නිසා ඒ කාලේ NFC paymentකරන්න පුලුවන් තැන්වලදි මේකෙන් ගෙවන්න පුලුවන්. මේ කාඩ් එක බස් එකේ යන්න විතරක් හදපු එකක් නෙමෙයි. සිරිසේනයා ජනාධිපතිවෙලා ඉද්දිත් මම මේක පාවිච්චි කරලා තියනව.දැනට බස් කාරයෝ ළග ටිකට් මැෂින් තියනවා. මේ කාඩ් එකම ආයෙත් පාවිච්චි කරන ක්‍රමයක් හැදුව නම් බස් කාරයොන්ට අලුත් මැෂින් ගන්න ඕනිත් නෑ. අඩු වියදමින් මේ වැඩේ ගොඩදාගන්න පුලුවන්.
     
    • Like
    Reactions: itguy77

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,843
    921

    yes