Raamuwa සමග කථිකාවක්

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    රාමුව හොඳයි.හැබැයි මේ තරම් ජනප්‍රියත්වයක් ලැබුනේ ආගමික දේවල් විද්‍යාත්මක බව ඔප්පු කරන්න හදන නිසයි.ඕනම ආගමිකයෙක් කැමති තමන්ගේ ආගමට අදාළ දේවල් විද්‍යාත්මක බව කියනවට.ඒ වගේම ඔප්පු කරනවට.රාමුවෙන් කරන්නේ ඒක.රාමුවට වඩා අවුරුදු ගානක් පරණ වීඩියෝ කතා චැනල් එකේ ආගම ගැන කරපු වීඩියෝ එකට ගිහිල්ලා රාමුවේ ෆෑන්ස්ලා සම්පත්ට බැනලා තිබුනා.ඒ වගේම රාමුවෙත් සම්පත්ට බැනලා කමෙන්ට් කරලා තිබුනා.රාමුව කරන කෙනත් සම්පත් ගැන කණගාටු වෙන බව කියල තිබුනා.සම්පත් කීවේ "ආගම විද්‍යාව ඇසුරෙන් පහදන්න යන්න එපා.එහෙම කරන්න බෑ.කවුරුහරි ඉන්ස්ටන්ට් කික් එකක් ගන්න එහෙම කරනව නම් ඒක තේරුමක් නැති වැඩක්" කියලයි.ඔය කතාවට මාත් එකඟයි.ඕක තමයි රාමුව කරන කෙනා සහ රාමුවේ ඉන්න ටොක්සික් ෆෑන් බේස් එක(ඔව් දැන් ඒකට එහෙම ෆෑන් බේස් එකක් ඉන්නවා) අල්ලගත්තේ.ඒත් සම්පත් කීව කතාව ඇත්ත.
    රාමුව කරන කෙනාට කමෙන්ට් එකක් විදියට දාල තිබුන චැලේන්ජ් එකක්.ඒක මෙතනත් මම කියන්නම්.පුලුවන් නම් බුදු දහමේ තියෙන විද්‍යාවෙන් පැහැදිලි කරන්න බැරි,ඔයා එකඟ නොවන දෙයක් ගැන කියන්න.විවේචනයක් කරන්න.බුදු දහමේ එන මෙන්න මේ කොටසට මම එකඟ නෑ.ඒක වැරදියි කියලා කියන්න.එතකොට පුලුවන් ඔයා කරන්නේ ඉන්ස්ටන්ට් කික් එකක් ගන්න එක සහ බලන අයට කික් එකක් දෙන එක නෙවෙයි කියලා පිලිගන්න.හැම දෙයක්ම ගැඹුරින් අධ්‍යයනය කරන කෙනෙක් විදියට ඔයා එකඟ නොවන තැන් ඕන තරම් ඇතිනේ.පුලුවන් නම් ඒ ගැන වීඩියෝ එකක් කරන්න.රාමුවට සුබ පැතුම්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,281
    100,082
    113
    වැඩේ පට්ට

    රාමුව කරන කෙනා වෙන ප්‍රොෆයිල් එකකින් මේ වාද වලට සම්බන්ධ වෙනවා වගෙත් හිතිල තියෙනව. කොහොම උනත් @raamuwa වැඩේ පට්ට.