Radiation - විකිරණ ගැන දැනගමු !!!

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Radiation - විකිරණ ගැන දැනගමු !!!

    පහුගිය දවස් වල ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ඨික බලාගාරය පුපුරා යාමත් සමඟම ඇතිවුණ තත්වයත් එක්ක
    හැමෙදෙනාගෙම ප්‍රධාන මාතෘකාවක් උනේ විකිරණ සහ ඒවායෙන් ඇතිවෙන බලපෑම ගැනනෙ.
    මෙන්න තියෙනව ඒ සම්බන්ධයෙන් අවබෝධයක් ගන්න පුළුවන් කරුණු ටිකක්.


    rontgen.jpg


    නොබෙල් ත්‍යාග ලාභී Wilhelm Conrad Röntgen කියල මහත්මයෙක් තමයි
    1895 වර්ෂයේදී විකිරණ පිළිබඳව ලෝකයට හඳුන්වල දීල තියෙන්න


    radiation1.gif

    සරළවම විකිරණශීලීත්වය කියන්නෙ කිසියම් වස්තුවකින් පිටවන ශක්තිය
    අවකාශය තුළින් හෝ වෙනත් කිසියම් මාධ්‍යක් ඔස්සේ ගමන් කිරීමේ ක්‍රියාවලියයි

    විකිරණශීලීතාවය ප්‍රධාන වශෙයෙන් කොටස් දෙකයි

    1. අයනීකරණ විකිරණශීලීතාවය
    2. අයනීකරණ නොවන විකිරණශීලීතාවය


    මෙහිදී ජීවීන්ගේ පැවැත්මට අහිතකර වන්නේ අයනීකරණ විකිරණශීලීතාවයයි
    එනම් මිනිසුන්ට පිළිකා වැනි රෝගී තත්වයන් ඇතිවීමට ඉඩකඩ ඇත.


    පහත පින්තූරය බැලුවොත් තේරුම් ගන්න පුළුවන් වෙයි ඉතාම සරළ ආකාරයෙන්
    මිනිස් ශරීරයට ඇති විකිරණ වල බලපෑම මොන වගේද කියල
    :)

    radiationchartp.png


    පසු වදන: සියළු දත්තයන් අනතර්ජාලය ආශ්‍රයෙනි :nerd: