кσяη ησρє

Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    දේදුනු පැහැයෙන් බැබළෙන දිය සේලය

    මධ්‍යම කොළොම්බියාවේ ඇන්ඩීස් කඳු වැටියට නැගෙනහිරින් ගලා බසින කැනෝ ක්‍රිස්ටලාස් ගංඟාව හැඳින්වෙන්නේ දේදුනු දියපහර ලෙසිනි. කිලෝ මීටර 100ක් පමණ දුරක් ගලා බසින මේ ගංඟාව ඇතැම් කාලවල දී රතු, නිල්, කහ, තැඹිලි, කොල ආදී විවිධ වර්ණවලින් පෙනෙයි.
    ලොව වෙන කිසිම තැනක දැකිය නොහැකි ලෙස දීප්තිමත් වර්ණවලින් අලංකාර වී ඇති මේ ගංඟාවට එලෙස වර්ණ ලැබෙන්නේ කෙසේදැයි පර්යේෂකයෝ විවිධ මත පලකළහ.
    බොහෝ දෙනකුගේ මතය වූයේ එය ඇල්ගී වර්ගයකින් හෝ සෙවෙල වර්ගයකින් සිදුවන්නේය යන්නයි. එහෙත් සත්‍ය වශයෙන් ම මේ වර්ණයට හේතුව ආවේණික ජලජ ශාඛයක් බව දැන් සොයාගෙන ඇත. මැකරෙනියා ක්ලැවිජෙරා නමින් හඳුන්වන මේ ජලජ පැලෑටිය වර්ධනය වීමට අවශ්‍යතා ගණනාවක් සම්පූර්ණ විය යුතුය.
    නියමිත ජල මට්ටම, ප්‍රශස්ත මට්ටමේ හිරු එළිය ලැබීමෙන් මේ දීප්තිමත් පැහැය ඇතිවේ. ජුනි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා පමණක් මේ වර්ණය ගංඟා දියෙහි දක්නට ලැබේ. ජනවාරි සිට මැයි දක්වාවන වියළි කාලයේ දී ගංඟාව සංචාරකයන්ට තහනම් ප්‍රදේශයකි. එහිදී ගංඟාවට පරිසර විවේකයක් ලබාදිය යුතු බව කොළොම්බියාවේ බලධාරීන්ගේ මතයයි. ඒ කාලයේ දී මේ වර්ණවත් පැලෑටි වර්ගය ද වර්ණයක් නොමැතිව නිද්‍රාශීලී කාලයක් ගතකරයි.
    මෙය සංචාරකයින්ට නව අත්දැකීමක් වුව ද ඒ අවට පදිංචිකරුවන්ට නම් පරම්පරා ගණනාවක සිට දැක පුරුදු දසුනකි. විශාල වශයෙන් ඇදී එන සංචාරකයන් හේතුවෙන් දැඩි තර්ජනයට ලක්ව ඇති මේ ශාකය රැක ගැනීමට ප්‍රදේශ වැසියන් හා පරිසර සංවිධාන පියවර ගෙන ඇත.
    ගඟේ පිහිනීම හා ඇවිදීම සීමා කිරීම මෙන්ම ගඟ දැකීමට පැමිණෙන සංචාරකයන් සීම කිරීම කෙරෙහි ද අවධානය යොමු වී ඇත. ඇතැම් කරුණු සම්බන්ධයෙන් දැනටමත් නීති සම්පාදනය කැර තිබේ. කෙසේ වුවත් මේ ගඟ ගලායන ප්‍රදේශයේ පවතින ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ගඟ විවෘත කැර ඇත්තේ කිලෝ මීටර 30ක දුරක් පමණි.



    p025zss8.jpg


    p025ztdc.jpg


    p025zthw.jpg


    p025ztm4.jpg


    p025zts2.jpg


    p025ztt6.jpg


    p0261r49-Copy.jpg



    බම්ප් එකක් හරි දාගෙන යන්න අනිත් අයට බලන්නත්....:yes:

    source