Random කතා - උඹලගෙ AL stream එක තෝරලා දුන්නෙ කවුද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,454
    75,177
    113
    බුකියේ පොඩි සීන් එක දැක්ක නිසා මේක අහන්න හිතුනා. "ගෙදර කීමට" maths කරලා ශයි 3ම S අරන් ඉන්නවා කියන කෙනෙක් දාපු පොස්ට් එකක්, ගෙදර කට්ටියගේ කීමටලු කලේ, දැන් හැමොම ඌව arts කරපු එකෙක් ගානට දාලලු කතා කරන්නෙ.

    උඹලගෙ AL stream එක තේරුවේ කවුද? උඹලගෙ කැමැත්ත නිසාද ඒක කලේ? නැත්තන් ගෙදර කට්ටිය බල කලාද කරන්න කියලා? නැත්තන් යාලුවො teachersලා moral boost එකක් දීලා මුරුංගා අත්තේ තිබ්බද?

    මම දැකලා තියෙන දෙයක් තමා OL වලට A ටිකක් දාගත්ත ගමන් ගොඩක් උන් Maths/Bio කරන්න තල්ලු වෙනවා. ඒ සෙට් එකෙන් 90% විතර කැම්පස් යන්න සිලෙක්ට් වෙන්නෙ නෑ. සමහර උන්ගෙන් ඇහුවාම කියන්න ගෙදරින් කරන්න කිව්වා අරකයි මේකයි කියලා. සමහර උන් ශයි 3ම නාල ෆුල් අනාත වෙලා යනවා.

    උඹලගෙ කතාව අදහස මොකක්ද? උඹලා සතුටුද AL වලට තෝරගත්ත field එක ගැන?