Random කතා - කාලකන්නි යාලුවො ආස්‍රය

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,417
    75,100
    113
    පරන කතාවක් මතක් උනා,

    2000ස් ගනන්වල AL කරලා කැම්පස් සිලෙක්ට් උනාම අපිට ඉතින් එක එක මිනිස්සු සෙට් වෙනවානේ. ගොඩක් උන් දුර ඉඳන් එන්නෙ, ඉතින් එක්කො කැම්පස් හොස්ටල් නැත්තන් සල්ලි තියෙන උන් වෙනම බෝඩිම් වල ඉන්නවා. ගොඩක් වෙලාවට එකම ස්කූල් එකේ උන් තමා එකට ඉන්නෙ.

    ඉතින් නාලන්දෙන් ආපු සෙට් එකත් එකම බොඩිමේ හිටියා. ඕකේ අයිලන්ඩ් රෑන්ක් දාල ආපු සෙට් එකම හිටියා. ඒ කියන්නෙ ලංකාවෙ පලවෙනි 100 හිටපු උන්. ඒ අස්සෙ යාන්තන් සෙට් වෙච්ච එකෙකුත් හිටියා.

    මොරටුවේ මුල්ම අවුරුද්දේ exam වල ලකුනු වලින් තමා ෆීල්ඩ් එක සෙට් කරන්නෙ. ඒ කාලේ එකට තිබ්බේ ට්‍රොනික්. මුල් 100- 120ට වගේ ආවොත් ට්‍රොනික් දාගන්න පුලුවන්. කොහොමහරි අර නාලන්ද බෝඩිමේ හිටපු උන්ගෙන් ට්‍රොනි සෙට් උනෙ දෙන්නෙක්ටයි. එකෙක් ඇවිල්ලා ලංකාවෙ මු 5 ඇතුලේ හිටපු ඩයල් එක, අනිත් එකා අර යාන්තන් කැම්පස් එකට ආපු එකා. ඌත් මේකෙත් යාන්තම් තමා ආවේ (120 වගේ හිටියෙ).

    දැන් කට්ටියට මාර ප්‍රශ්නේ අර සෙට් එකට මොකො උනේ කියලා. උන් සීසීකඩ සමහර උන් පට අඩු ලකුනු. අන්තිමට ආරංචිය ආවේ අර යානතම් ආපු එකා මුන් සෙට් එකටම ගංජා ගහන්න පුරුදු කරලා. අර රෑන් කරපු එකා දවසේම කැමප්ස් නිසා බේරිලා හිටියා අනිත් උන් ඔක්කොම නන්නත්තාර වෙලා සබ්ජෙක්ට් ටිකත් නාල තමා ඉවර උනේ. අරූ විතරක් ශේප් එකේ ගංජත් ගහලා කොහොමහරි ට්‍රොනික් කරන්න සෙට් කරගත්තා.

    කැම්පස් වලට එන ගොඩක් උන්ට සමාජය ගැන දැනුමක් නෑනේ. ඉතින් උන් පටස් ගාල අරවගේ කාලකන්නියෙක් සෙට් උනාම විනාස වෙලා යනවා.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,282
    8,649
    113
    Pizza Snoop GIF by Rare Pizzas