උඹල කැම්පස් වල ගත කරපු කාලෙන් ඇත්තටම වැඩක් උනාද? උඹ දැන් ඉන්න තත්වෙට එන්න ඒක කොච්චර හෙල්ප් එකක් උනාද? මට ගොඩක් වෙලාවට හිතිලා තියෙනවා ඒ කාලේ පට්ට නාස්තියක් කියල. ආතල් එක ඇරුනම ලොකු වැඩක් උනේ නෑ. කැමති නම් මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර දීගෙන යන්න
මම උත්තර දෙන්නම් මුලින්ම

- මොන කැම්පස් එකටද ගියේ (අකමැතිනම් මේකට උත්තර දෙන්න එපා)?
- මොකක්ද ඩිග්‍රි එක?
- දැන් කරන රස්සාව මොකක්ද?
- රස්සාව ගන්න කැම්පස් එකේ මොනාද උදව් උනේ?
මම උත්තර දෙන්නම් මුලින්ම
- මොන කැම්පස් එකටද ගියේ? - මොරටුව
- මොකක්ද ඩිග්‍රි එක? - ඉලෙක්ට්‍රොනික්/ටෙලිකොම්
- දැන් කරන රස්සාව මොකක්ද? - මුලින් පටන් ගත්තෙ IT network/security, දැන් ප්‍රොඩක්ට් සපොර්ට්
- රස්සාව ගන්න කැම්පස් එකේ මොනාද උදව් උනේ? - මුල්ම ජොබ් එක ගන්න උදව් උන එකම එක කැම්පස් එකේ නමයි කරපු ඩිග්‍රී එකයි. එතනින් එහාට ඉගෙන ගත්ත ඒවා වැඩි වැඩක් වෙලා නෑ. කැම්පස් කාලේ connection හදා ගත්තා නම් ඒ කාලේ ඊට වඩා දෙයක් කරන්න තිබ්බා.