ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයෙකු,ක්‍රීඩකයකු මෙන්ම ක්‍රිකට් පුහුණුකරුවකු වන රනිල් අබේනායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
1955 පෙබරවාරි මස 12 වන දින උපත ලැබූ ඔහු මිය යන විට 57 වන වියේ පසුවිය.
හෘදයාබාදයක් හේතුවෙන් හදිසියේ රෝගාතුරු වූ හෙතෙම කොළඹ පුද්ගලික රෝහලකදී ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වේ.
